හමුදාවෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 3600ක් හදයි..

July 7, 2021 at 2:13 am | lanka C news
හමුදාවෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 3600ක් හදයි..

මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් කාබනික පොහොර මෙට්‍රික්ටොන් 3600 ක් ලබා දීමේ ව්‍යාපෘතියක් යාපනය යුදහමුදා ආරක්ෂක සේනා මූලසථානයට අයත් ගොවිපළ මගින් ආරම්භ කොට ඇත.

යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධික්ෂණය පරිදි කාබනික පොහොර නිශ්පාදනය පිළිබඳව විශේෂඥ පිරිසකගේත් උපදෙස් පරිදි 51, 52 සහ 55 සේනාංකයන්හි යුදහමුදා සෙබලුන්ගේ ශ්‍රම දායකත්වය පරිදි මෙම කාබනික පොහොර නිශ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.

මෙම කාබනික පොහො ව්‍යාපෘතිය මගින් යාපනයේ සියලුම ගොවීන්ටද කාබනික පොහොර නිශ්පාදනය විධිමත් අවබෝධයක්ද ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක් වන අතරම ගොවීන්ගේ ගොවිතැන් වෙනුවන්ද කාබනික පොහොර ඉදිරියේදී ලබාදීම තවත් අරමුණක් වී ඇති බැව්ද යුදහමුදා වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,101 views

5 Comments to “හමුදාවෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 3600ක් හදයි..”

  1. බන්ඩා says:

    ඔය තියක කොම්පොස්ට් වල වගා වලට අවශ්‍ය පොහොර තිබුනා නැතා ඔය ප්‍රමාණය හදන්න නම් හතර වටේ තියන ගස් අතු කොල සියල්ල කපන්න වේවි. මේවා අහන මට නිකන් පිස්සු වගෙය්.

  2. Karunarathna says:

    හාල් ව්ගේ ඕවත් ඩේටාබේස් වල දාලා තියගන්න. තැන්කූ සවෙන්ද්‍ර ස’

  3. යාපනේ ගොවියා says:

    කාබනික වගාවට යාපනේ මිනිස්සු කොහොමත් කැමති. පල්ලෙහා ඉන්න හරක් ටික ජවිපෙ ,සජබේ දේවල් වලට කඩේ ගිහින් පාරේ නැතුවට යාපනේ ගොවියෝ තමන්ගේ වැඩ පාඩුවේ කරගෙන යනවා

  4. පල්ලෙහා ගොයියා says:

    ඇයි උබලා මෙච්චර කල් පොහොර ගැහුවෙ නැද්ද

  5. දැඩි ආත්මවිශ්වාශයක් සහිතව කටයුතු කරන්න,.අප සැම ඹබ සමගයි.! says:

    මාත්‍රෘභුමියට ඡයවේවා!
    ගරැ ඡනාධිපති තුමනි සැලසුම් සකස්කර ක්‍රීයාත්මක කිරීමට සුදුසුම කාළය බැවින් අනාගතයේ අභියෝග සඳහා වැදගත්වු තින්දු තීරණ නොපැකිලිව ගැනිමට ඹබතුමාට ශක්තියක් ධෙෙර්‍යක් මෙන්ම පිටකොන්දක් යුධහමුදාව, ආනන්දය සහ දෙමව්පියන්ද විසින් සපයා තිබේ!

    පරයන්ගේ උගුල්වලට නොරැවටී,. දැඩි ආත්මවිශ්වාශයක් සහිතව කටයුතු කරන්න.!
    අප සැම ඹබ සමගයි!

Main News