හමුදාවෙ පොලිසියේ 98%ක් අරගලය එක්කයි.. බය නැතිව අරගල කරන්න..- ෆොන්සේකා අරගලකරුවන් අමතයි..

September 17, 2022 at 3:00 pm | lanka C news
හමුදාවෙ පොලිසියේ 98%ක් අරගලය එක්කයි.. බය නැතිව අරගල කරන්න..- ෆොන්සේකා අරගලකරුවන් අමතයි..

පොලිසියෙන් සියයට අනූ අටක් හමුදාවෙන් සියයට අනූ අටක් විශ්‍රාමික රණ විරුවන්ගෙන් සියයට සීයක් සිටින්නේ අරගලය පැත්තේ බවත් මේ දේශපාලන කෙළි සියල්ලම අවුරුදු දෙකකින් නිමාවෙන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කීවේය.

ඔහු මේ බව කීවෙ (16) හයිඩ් පිටියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා රැළිය අමතමිනි. මෙම රැළියට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, සමගි ජනබලවේගයේ නියෝජ්‍ය නායකයා වශයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පොහොට්ටුවෙන් වෙන් වී ගිය ඩලස් පිල නියෝජනය කරන නීතිඥ වසන්ත යාපා බණ්ඩාර ඇතුළු දේශපාලකයින් ද ක්‍රියාකාරී වෘත්තීය සමිති නායකයින්, බහුජන ව්‍යාපාර නායකයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් ගණනාවක් ද එක් වී සිටියහ.

දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග සහිතව රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ, අන්තර්විශ්විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, හෂාන් ජීවන්ත ගුණතිලක තිදෙනාගෙන් ද අවසර ගත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කීවේ පක්ෂ පාට භේද නැතිව ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් එක් විය යුතු කාලය එළඹ ඇති බවය. පක්ෂයට ලද ආරාධනයක් ලෙස මෙතැනට පැමිණියත් මේ තමන් මේ ජන හමුව අමතන්නේ නිර්පාක්ෂික පුරවැසියෙක් ලෙස බව ෆීල්ඩ් මාර්ෂල්වරයා කීවේය.

ජන හමුව අමතමින් සරත් ෆොන්සේකා මෙසේ ද පැවසීය.

“රට වෙනුවෙන් දැක්මක් සහිත උන් පාර්ලාමේන්තුවෙ නෑ. ඔබ ඉල්ලන වෙනස ඔය පාර්ලිමේන්තුවෙන් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ ඉන්න යම් චින්තනයක් බුද්ධියක් තියන අය එය තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා තමයි යම් වසන්ත බණ්ඩාර වැනි මන්ත්‍රීවරු අද මෙතන ඉන්නේ. “

“මේ අරගලය මාර්තු මාසයෙ පටන් ගත්තු දවසෙ ඉඳලා මා ඊට ආශීර්වාද කළා. ඉදිරියටත් කරනවා. ඒක මම කළේ පාට පක්ෂ භේදයක් නැතිව.“

“අරගලය කඩා වැටුනේ අරගලයට නායකයෙක් හිටිය නැති නිසා නෙමෙයි. අරගයට අඩිතාලමක් තිබුණේ නෑ. අනිවාර්යයෙන් ඉදියේ දි මේ අරගලයට වෛද්‍යවරු උගත්තු නීතිඥවරු ව්‍යවසායකයින් ඇතුලු සියලු දෙනාම එකතුවෙලා අඩිතාලමක් දාන්න ඕන. එහෙම කළොත් අරගලයේ දරුවන්ට ඉස්සරහට යන්න පුලුවන්. ගෙදරක දෙමව්පියො වගේ මේ අරගලය පසුපස වැඩිහිටියො හිටගන්න ඕන. එහෙම උනොත් මේ අරගලය දිනනවා.“

“පොලිසියෙන් සියයට අනූ අටක් හිටන් ඉන්නෙ අරගලය පැත්තේ. තනතුරු ලාභ අපේක්ෂාවෙන් ඉන්න පොලිසියෙ සුළුතරය් මූණු අපි දන්නවා. ඔයගොල්ලන්ගෙ කාලෙ තව අවුරුදු දෙකයි. අපි දැක්කා වාස් ගුණවර්ධන කොහොමද නැටුවෙ. අනුර සේනානායක කොහොමද නැටුවෙ කියාල. කොහොමද ඒ අය ගෙදර ගියෙ කියලත් දැක්කා.“

“කිසි දේකට බය වෙන්න එපා. නැවත කියනවා… පොලිසියෙන් සියයට අනූ අටක් අපි එක්ක ඉන්නවා. හමුදාවල සියට අනූ අටක් අපි එක්ක ඉන්නවා. හමුදාවෙන් විශ්‍රාම ගිය සියයට සීයක් අපි එක්ක ඉන්නවා. “

“මේ ජයග්‍රහණය කරන්න අපි පාට පක්ෂ භේදයකින් තොරව එකතු වෙනවා. එතන පෙරටුගැමීනුත් ඉන්න ඕන. අන්තරෙත් ඉන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණත් ඉන්න ඕන. රටේ සියලු දෙනා මේ විප්ලවයෙදි පක්ෂ න්‍යාය පත්‍ර අමතක කරලා ජාතික න්‍යාය පත්‍රයකට කැප වෙන්න.“

“ලේ දහදියට බය වෙන්න එපා. හිර ගෙවල්වලට බය වෙන්න එපා. අවුරුදු දෙකයි ඔක්කොම සෙල්ලම් දාන්න පලුුවන්. තමුන්නාසෙලා එක්ක අපි ඉන්නවා. “

– ලංකාසර

30,301 views

25 Comments to “හමුදාවෙ පොලිසියේ 98%ක් අරගලය එක්කයි.. බය නැතිව අරගල කරන්න..- ෆොන්සේකා අරගලකරුවන් අමතයි..”

  1. K says:

    Koti denakata hu¢anna gihin bomba kaapu weeraya.

  2. සක්වළ සක්විති යකෂාධිපති මහා රාවණාාාාාාාාාාාා! says:

    තමා සතු ධර්මතාවයන් ශක්තීන් පිළිබඳව උරගා බැළිමේ විව්‍රෘත අවස්ථාව නැවතත් උදා වූ වගයි,.!

    යකෂයාගේ නිමේශය වළකාගැනීමට සබුද්ධික සවිඤ්ඥානික හැකයාව සහිත යමෙක් මිහිපිට සිටනු ලබයිනම් තමා සතු ඇතුළාන්තයේ ධර්මතාවයන් ශක්තීන් පිළිබඳව උරගා බැළිමේ විව්‍රෘත අවස්ථාව නැවතත් උදා වූ වගයි,.!

    ඡන සුනාමිය හොද නරක බේදයකින් තොර සාටක සූකර සුණඛයන්, සමඟ බටහිරගැති වහල් මුග්ධ හොරිකඩයා රනිල් බැංකුහොරා සහිත සමස්ඵය මුළිනුපුටා දැමීමට ඵ්කාන්තලෙස නියතලෙස නියමිත බවත්,. මුඛ පූට්ටුවී මුග්ධ බත්බැළයන් ලෙස නිහඪව සිටිනා මහඡන නීයෝඡිතයන් නිළධාරීන් සමඟ බටහිර වහළුන්ලෙස බ්‍රීතාන්‍යයේ වහල් හොරණෑව බවට පත්වූ සමස්ථ මාද්‍ය,ව්‍යෘපාර, සංවිධාන සහ පුද්ගළයන් සහිත සමස්ථය, මාත්‍රෘෘභූමියට ද්‍රෝහී වීමේ සහ, දූශණ වංචා ඉදිරියේ නිහඪව සිටීමේ ප්‍රථිථළය ළෙස, අති භයානක ප්‍රතිවිපාක සමස්ථයක් ලෙස අත්විදීමට නියමිතයි,.!

    මහමඟ හිස්ළුෑ අත පිස්සන්සේ දිවයන දූශතයන්, සිහිවිකල්වනතුරැ පහරකා මරනාසන්නව නිර්වත්‍රව මහමඟ වැටිසිටිනා වංචනික මුග්ධ දේශපාළුවන්ගේ සහ දූශිත නිළධාරීන්ගේ නිසළ දේහයන් තුළින් වැගිරෙනා රැධිර ගංගා සහිත බළාපොරොත්තු නොවූ විරෑ ලෙස නිමේශයකින් පැන නගිනා යකෂයාගේ නිමේශය ළු්කාන්තලෙස බළාපොරොත්තුව සිටිනු,.!

    • JR says:

      වඳුරාගෙන් ගුටිකාල වලකජ්ජ ගහපු රාමණයා.. ගෑනියෙක් නිසා රටක් පාවාදීපු ගෑනු හොරා…රමණයගෙ ලබ්බ තමයි..

  3. JR says:

    සුදුකොඩියා… මේකව තාම ඇතුලට දැම්මෙ නැද්ද? මූ එලිය ඉඳල පුරුදු එකෙක් නෙවෙයි, ජම්පරෙ අන්දවන්න මූට. දැන් ඇරගල වලට පක්ෂ හමුදා කාණ්ඩෙ 98කට විතර ජිනීවා වලින් ටිකට් එක ලැබෙයි.

Main News