හමුදාවේ පතුරොම් ඇමති බදියුදීන්ගේ බලපෑමෙන් ඊබ්රහීම්ගේ ෆැක්ටරියට.. ඒවා බෝම්බ බවට පත්කර පල්ලි-හෝටල් වෙත.. පාස්කු ඉරිදා රාජ්‍ය අනුග්‍රහය ලද සමූලඝාතනයක් ත‍්‍රස්ත ප‍්‍රහාරයක්..

April 27, 2019 at 4:40 pm | lanka C news
හමුදාවේ පතුරොම් ඇමති බදියුදීන්ගේ බලපෑමෙන්  ඊබ්රහීම්ගේ ෆැක්ටරියට.. ඒවා බෝම්බ බවට පත්කර පල්ලි-හෝටල් වෙත.. පාස්කු ඉරිදා රාජ්‍ය අනුග්‍රහය ලද සමූලඝාතනයක් ත‍්‍රස්ත ප‍්‍රහාරයක්..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව භාර ගත යුතුයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වුණු ජීවිත වල වගකීම ත්‍රස්තවාදින් වගේම ආණ්ඩුව වගේම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවත් භාර ගත යුතුයි. බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගත්තේ ආරක්ෂක යටිතල පහසුකම් කඩා බිඳ දැම්මේ යුද්ධය ජයග්‍රහණය කළ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු හමුදා ප්‍රධානින් උසාවි ගෙනෙවිත් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ජනතාවට කිව්වේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව සම්මත කළ යෝජනා අනුව ආණ්ඩුව කටයුතු කළ නිසා.

ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ත්‍රස්තවාදින්ට වන්දි ගෙවන්න පනතක් ගෙනාවා. ත්‍රස්තවාදින් එහි නායකයන් සිහි කිරීමට උත්සව පැවැත්වීම නීත්‍යානුකූල කළා. රණවිරුවන් හිරේ දාන ගමන් කොටි ත්‍රස්තවාදින් නිදහස් කළා. ආණ්ඩුව ජනතාවට දුන්නු පණිවිඩය තමයි ඔබේ දරුවා රණවිරුවෙකු නොව ත්‍රස්තවාදියෙකු කරන්න” කියන එක. අපි දන්නව මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුනේ ලංකාවේ කතෝලිකයන් හා මුස්ලිම්වරුන් අතර ඇති ප්‍රශ්නයක් නිසා නොවෙයි. ජාත්‍යන්තර අයිඑස් අයිඑස් සංවිධානයේ අවශ්‍යතාවයටයි. අයිඑස්අයිඑස් සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයට ලංකාව තෝරා ගත්තේ එකම හේතුවක් නිසයි. ඒ තමයි ලංකාවේ බුද්ධි අංශ විනාශ කරලා හමුදාව මානසිකව වට්ටවලා ත්‍රස්තවාදයේ තෝතැන්නක් වී තිබුණු නිසා. ආණ්ඩුව මේ සියල්ල කලේ මානව හිමිකම් සභාවේ සම්මත වුණු යෝජනා අනුවයි. ඕවා කරන්න කියලා අපේ ආණ්ඩුවට බලපෑම් ආවාම අපි නම් බෑ කිව්වා. කොන්ද පණ නැති මේ ආණ්ඩුව කියන කියන පදයට නැටුවා. ආණ්ඩුව වසර හතරක් පුරා වැපිර‍ෑ බීජ වල අස්වැන්න තමයි ඔය නෙලලා තිබෙන්නේ. ආණ්ඩුව එතැනට තල්ලු කළ අද බොරුවට කිඹුල් කදුලු හෙලන බටහිර රටවල් ප්‍රමුඛ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව මේ විනාශ වුණු සෑම ජීවිතයකම වගකීම ගන්න ඕනෑ.

ෆේස්බුක් තහනම්. ඒත් තව්හිත් ජමාත් තහනම් නෑ

ලංකාව අපූරු රටක්. ත්‍රස්තවාදි ක්‍රියාව කළ ජාතික තව්හිත් ජමාත් තවම තහනම් නෑ. හැබැයි ෆේස්බුක් තහනම්. ත්‍රස්තවාදි ක්‍රියාව මෙහෙයවූ අයිඑස්අයිඑස් තහනම් නෑ. නමුත් යූටියුබ් තහනම්. රටේ ප්‍රශ්නයක් වුණු ගමන් සමාජ ජාලා තහනම් කරන ලොව එකම රට ලංකාවයි. තාක්ෂණය දියුණු ලෝකයේ සමාජ ජාලා තහනම විහිළුවක්. අද කවුරුත් වරචුවල් ප්‍රයිවට් නෙට්ර්වක් හෙවත් වීපිඑන් භාවිතා කර සමාජ ජාලා වලට ගොඩ වෙනවා. ඒක කමක් නෑ කියමුකො. තහනම තිබිය දී ජනාධිපති අගමැති සමාජ ජාලා වලට පණිවිඩ එකතු කරනවා. ඒ නිසා ලෝකය ඉදිරියේ තවදුරටත් විහිළුවක් නොවී මේ තහනම් ඉවත් කරන මෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

සමාජ ජාලා තහනම් කරලා තිබෙන්නේ වෛරි ප්‍රකාශ පැතිරීමේ අවදානම නිසාලු. අපි නම් සමාජජාලා හරහා වෛරි ප්‍රකාශ පතුරනවා දැක්කේ නෑ. ඒ වෙනුවට දැක්කේ සැක කටයුතු වාහන පිළිබඳ තොරතුරු ලේ බැංකුවට අවශ්‍ය ලේ පිළිබඳ තොරතුරු පතුරන්න සමාජ ජාලා භාවිතා කරනවායි. ලෝකයේ වැඩිම පිරිසක් මිය ගිහින් තිබෙන්නේ ඇඳේ නිදා ගෙන ඉන්න කොට. දැන් ඇඳේ නිදා ගැනීමත් තහනම් කරනවා ද? ඊ ළඟට වැඩිම පිරිසක් මිය ගිහින් තිබෙන්නේ වාහන වල ගමන් කරන අතරේ. දැන් වාහනවල ගමන් කිරීමත් තහනම් කරනවා ද? ඒ නිසා ජාතිය අඬන මොහොතක ජාතියට විහිළු සැපයීම නවත්වලා සමාජජාලා තහනම ඉවත් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

පොලිස්පතිට ඉවත් වෙන්න එපා කිව්වේ අගමැති ද?

ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ටත් පොලිස්පතිටත් ඉවත් වෙන්න නියෝග කරලා දැන් දවස් දෙකකටත් වැඩියි. ආරක්ෂක ලේකම් ඉවත් වුණා. නමුත් පොලිස්පති ඉවත් වුණේ නෑ. ආරක්ෂක ලේකම් නම් ඉවත් නොවුණොත් ජනාධිපතිට ඉවත් කරන්න පුළුවන්. නමුත් පොලිස්පති ඉවත් කරන්න ජනාධිපතිට බෑ. 2002 අංක 5 දරණ නිලධාරින් ඉවත් කිරීමේ (කාරිය පටිපාටි) පනත අනුව පාරලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 113ක් සහය දෙන යෝජනාවක් සම්මත වුණොත් පමණයි පොලිස්පති ඉවත් කළ හැක්කේ. පාරලිමේන්තු බහුතරය තිබෙන්නේ අගමැතිගේ එජාපයටයි. පසුගිය වසර තුන පුරාවට පොලිස්පති කෙතරම් පිස්සු නැටුවත් මේ විනාශය වන තුරු ඔහුට තනතුර බේරා ගන්න පුළුවන් වුණේ අගමැතිගේ ආශිරවාදය තිබුණු නිසා. මේ මහා විනාශයට ඔහු විසින් පාර කපන තුරුම ඔහුට මේ තනතුරේ වැජබෙන්න පුළුවන් වුනේ එජාපය ඔහුව රකින ප්‍රථිපත්තියක සිටි නිසයි. ජනපති අස් වෙන්න කිව්වත් පූජිත අස් නොවෙන්නේ පොලිස්පතිව අස් කිරීමට අවශ්‍ය පාරලිමේන්තු බහුතර බලය තිබෙන අගමැති විසින් අස් නොවන ලෙස උපදෙස් දී තිබෙන නිසා ද කියන සාධාරණ සැකය අපට දැන් මතු වෙනවා.

ආණ්ඩුව අපට ඇත්ත කියන්නේ කවදාද?

ඊයේ වන තුරු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන කිව්වේ 359ක් විධියට. අද හදිසියේම කියනවා. 359 වැරදියි. ඇත්ත ගණන 253යි කියලා. වෙන රටවල නම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ මිය ගිය ගණන එන්න එන්න වැඩි වෙනවා. අපේ රටේ ඒක එන්න එන්න අඩු වෙනවා. මළමිනී ගණන් කර ගන්න බැරි මොන්ටිසෝරි ආණ්ඩුවක් ද අපට තිබෙන්නේ? මුළු ලෝකයම අපට හිනා වෙනවා.

මේ ආණ්ඩුව කිව්ව එකම බොරුව නොවෙයි. ආරක්ෂක රාජ්‍ය ඇමති පාරලිමේන්තුවට කිව්වේ නවසීලන්තයේ ක්‍රයිස්ට්ර්චච් පල්ලි ප්‍රහාරයට පිලිතුරක් ලෙස පාස්කු ප්‍රහාරය සිදු කළා කියලා. නමුත් හැරෙන තැපෑලෙන් පිලිතුරු දුන්නු නවසීලන්ත අගමැතිතුමිය මෙම ප්‍රහාර දෙක අතර සම්බන්ධයක් තිබෙන බවට කිසිම තොරතුරක් නෑ කියලා කිව්වා. එහෙම කිව්වාම අපේ ඇමතිතුමා වහාම තමන් ඒ ප්‍රකාශය කරපු පදනම කියන්න එපායැ. ඒ වෙනුවට වලිගේ කකුල් දෙක අස්සේ ගහගෙන නිහඬ වුණා.

ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ තොරතුරු අපට ලැබුණේ ඇමෙරිකාවෙන් කියලා එක ඇමතිවරයෙකු කිව්වා. ඒක කියලා කට ගන්න ලැබුණේ නෑ අනේ අපි නම් එවැනි තොරතුරක් දුන්නේ නෑ කියලා ඇමෙරිකානු තානාපතිතුමිය කියනවා. ආණ්ඩුව මෙහෙම ගල් පැලෙන බොරු කියන කොට ජනතාව ආණ්ඩුව විශ්වාස කරන්නේ කොහොමද? ජනතාව කටකතා විශ්වාස කරන්නේ ආණ්ඩුව විශ්වාස නැති නිසා. දැන්වත් ජනතාවට ඇත්ත කියන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මේ ත්‍රස්තවාදි කණ්ඩායම් සමඟ සමීප සම්බන්ධතා පවත්වන ඇමතිවරු මේ ආණ්ඩුව තුළ ඉන්නවා. සර්වපාක්ෂික සමුළුවේදී විවෘතවම මේ පිළිබඳව කතා කළා.මේ ඇමතිවරුන්ගේ සහයෝගය ඔවුන්ට නොලැබෙනවා නම් මේ ත්‍රස්තවාදය පාලනය කිරීම මර්දනය කිරීම හරිම ලේසියි. උදාහරණයක් ලෙසින් ගත්තොත් බෝම්බ සඳහා අවශ්‍ය ලෝහ ලබාගෙන තියෙන්නේ කොහොමද. ඊබ්රහීම්ට වැල්ලම්පිටියේ කර්මාන්ත ශාලාවක් තියෙනවා. යුද හමුදාවේ පතුරොම් කාර්මික සංවර්ධණ මණ්ඩලයට ලබා දෙනවා. සුළු කර්මාන්තකරුවන්ට සහන මිලට ලබා දෙන්න. ඔවුන්ට ලබා දෙන්නට තියෙන මේ පතුරොම් රිෂාඩ් බදුරුදීන් ඇමතිවරයාගේ බලපෑමට අර ඊබ්රහීම් ගේ කර්මාන්ත ශාලාවට තොග පිටින් ලබා දී තියෙනවා. කාර්මික සංවර්ධණ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරුන්ගේ විරෝධය තිබියදීයි ඇමතිවරයාගේ නියෝගයක් මත එසේ ලබා දෙන්නේ. ඉවත ලන පතුරම් බෝම්බ බවට පත්වෙලා හෝටල් කරා එන්නෙ. ඒ නිසා මෙය රාජ්‍ය අනුග්‍රහය තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයක්. රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වුණු සමූලඝාතනයක්. මේ ආණ්ඩුව තම ආණ්ඩුව තුළ සිටින මේ ප්‍රභලයන්ගේ සම්බන්ධය පිළිඅරගෙන ඔවුන්ට නීතිය ක්‍රියාතමක කරන තුරු ත්‍රස්තවාදයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න හම්බ වෙන්නේ නැහැ.

– අරවින්ද අතුකෝරල

60,645 Viewers

20 Comments to “හමුදාවේ පතුරොම් ඇමති බදියුදීන්ගේ බලපෑමෙන් ඊබ්රහීම්ගේ ෆැක්ටරියට.. ඒවා බෝම්බ බවට පත්කර පල්ලි-හෝටල් වෙත.. පාස්කු ඉරිදා රාජ්‍ය අනුග්‍රහය ලද සමූලඝාතනයක් ත‍්‍රස්ත ප‍්‍රහාරයක්..”

  1. ravindra bandara says:

    ඕස්ට්‍රේලියන් කාරයො දන්න ඉටි ගෙඩියක් නැහැ 21 වෙනිදා ලංකාවෙත් නැහැ හිටියෙ සිඩ්නිවල ගමේ ගිහිල්ල

    • හෙලයා says:

      යකෝ…ඌ හිටියද නැද්ද කියන එක නෙමේ මෙතන ප්‍රශ්නේ. ඌ කියන ඔක්කොම හරි…තවත් ලොවපන්…උබලා වගේ පො…හින්දා තමා රටට මෙහෙම උනේ..

      • දැන් ඔය කියන බදුයිදීන් මහින්ද කාලෙත් ඇමති නේද? ඒ කාලෙ නේද විල්පත්තුව කපන්න අවසර දුන්නෙ? ඒ කාලෙම නේද මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය හදන්න, විදෙස් අරාබි ගුරුවරුන් ගේන්න අවසර දුන්නෙ? ඒ දේවල් මේ ගම්මන්පිල නීතිඥ තුමා හිටපු ආණ්ඩුව නේද කරල දුන්නෙ? ඒ කාලෙ මේව නරකයි කියල හිතුනෙ නැද්ද? එදා පූස් පැටව් වගේ කට පු. පියාගෙන ඉඳලා දැන් ටෝක් දෙනවා.
        පූජිතට බනිනවා, මිනිහා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නියෝග කරල තියෙනවා. නමුත් හමුදාවට හෝ පොලිසියට එලියට බැහැල මෙහෙයුමක් කරන්න ජනාධිපති අණ දියයුතුයි. ට්‍රැෆික් රාජකාරි වගේ සෝදිසි මෙහෙයුම් කරන්න බෑ. හමුදාපතිතුමන් කියල තියෙනවා ප්‍රහාරයෙන් පසුව උනත් එලියට බැස්සෙ අණක් නැතිව කියල. ඒත් එහෙම කිරීම නිත්‍යනුකූල නෑ කියල. සී නිව්ස් වලම ඒ ලිපිය තියනවා. ඉතින් මේ ග්‍රාමයාගෙ නොසැලකිල්ලට පහත් තැනින් යයි ගලා ජලේ කියල පූජිත කන්න හදන එක වැරදියි.

    • Anurage punchiamma says:

      Tho kiyana vidhiyata handa gana katha karanna puluwan hande inna hawata vitharai.

  2. Stupid says:

    Cowered and vote greedy politicians have made Badurdeen so powerful. Soon these terrorists will slaughter all Singhalese and Tamils in this country.

  3. R.kumara says:

    පතුරොම් වලින් බෝම්බ හදනව?

    • one shot N gon shot says:

      පතරොම්වලින් බෝම්බ හදනව බූරුවො,ටෙස් කරල බලන්න ඕන නම් උන්ගෙන් එකක් ඉල්ලල පස්ස පැත්තෙ ගහල බලපං.

  4. kumara says:

    මේවා පදනමක් නැති තර්ක…. යකඩ ‌ෙබෝල ලංකාවේ හදන්න විටදම් කරන්න ඔ්නිම නෑ…. විවෘත ‌ෙවෙලද ‌ෙපොලේ ඔනෑතරම් තිබේ ….‌ෙමෙම අබිලි ද්රව්‍ය වන පතරොම් ‌ෙකොපු හමුදාවෙන් ඉවත් කරන්නේ ගල් ‌ෙරොල් වලිිිින් තලා නැවත භාවතා කල ‌ෙනොහැකි ‌ෙලෙසයි…..‌ෙමේවා අඩු මිලට ලබාදී ඇතිනම් ඒයින් අයුතු ලාභයක් ලබාගැනීම පමනි ‌ෙමෙම කම්හලට කල හැක්කේ….

  5. හඟුරන්කෙත නාරද හිමි says:

    මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලෙදිත් පුරා වසර 10 කට ආසන්න කාලයක් රිෂාඩි බදුර්දීන් එම ආණ්ඩුවෙි ඇමතිකමි දැරැවා. මෙි ආණ්ඩුවෙත් ඇමතිකමි දරනවා. ඒ ආණ්ඩුවෙ ඉන්න කොට ශාන්ත දාන්තයි. මෙි ආණ්ඩුවෙ ඉන්න කොට නරකයි. මෙවැනි ගොං තර්ක ගේන්න එපා.

    • saman says:

      himiyani, e kale me wage seen unanam, buddi anse kiynnath kalin van eke ekkan ynwa. den eka neethi ne kiynawa.

    • Vidya says:

      Awidyaawa ! Anee anichchang !!

    • one shot N gon shot says:

      නාරද ,තට්ටෙ අං තියනවද කියල අත ගාල බලාපං.

    • අමුඩයා says:

      බදුයුදීන පමනක් නොව කරුණා ත් මහින්ද ලග හිටියේ නකුට පුකේ ගහන් ඤාවූ ඤාවූ කිය කිය තමා. ඒකයි එකල රට දිනෙන් දින දියුනු උනේ.

  6. Stupid says:

    A true patriot cannot live in this country and voice his concern. Because, it could be a life threatening thing but only for Sinhalese. So, they have to migrate first then raise their concern. This is another sad situation in this country thanks to stupid politicians.

  7. Janaka from Matara says:

    ..when seated in front of a microphone this politician does not know or care what he says.

  8. රාජපක්ෂ පාලනය යටතේ මොන ජාතියට මොන දේ දුන්නත් මෙවැනි ත්‍රස්තවාදයකට සුළු ඉඩක් හෝ තැබුවේ නැහැ.
    සුළු ජාතීන්ව පෑගුවෙත් නැහැ හැබැයි ඉස මුදුනේ තියාගෙන වන්දනාමාන කලෙත් නැහැ.
    දැන් මේක අමුසොහොනක් බව නොතේරෙන්නේ ඉතිරිව සිටින බත් බුදින අම්බරුවන් අතලොස්සකට පමණි.
    තම දැක්ම තහවුරු කළ උදය මැතින්දුටත් , දේශය වෙනුවෙන් පෙරට යන රණ විරුවන්ටත් ජයමවේවා!
    ඔබලාට තිසරණ හා සියලු දෙවි පිහිට!

  9. Roshan says:

    Policia hoyala kiyay eththa neththa baila talks epa

  10. sathya says:

    See how Cardinal Malcolm Ranjith is behaving even when hundreds of Catholics were killed. All Catholic Priests are well disciplined and not attempting to make citizens furious.
    But what is Elle Gunawansa Thero, Medagoda Abeythissa Thero, Bodu Bala Sena, Gotabhaya are saying? They are selfish and making citizens panic. No Buddhists were killed on Easter.
    In case if Temples were blasted instead of Catholic Church……….?
    All could see how the Monks act and how the Country will be.
    Cant even imagine.
    This FOOL GAMMANPILA is also taking advantage of the incident. Bloody bastards, Bloody Hounds……

    • Janaka from Matara says:

      …even with all the resources US had, it suffered 9/11. What chance Sri Lanka has against an international terrorist attack, with a moron like my3 controlling the whole defence and security establishment???

      idiots Like Gammanpila and his followers here blinded by their own petty political survival polluting social media streams relentlessly with their toxic waste.

  11. Shan says:

    Satya , you’re a number one bastard. Look at the reality – where are we heading? You are a gu and pee ass licker.

Main News