හමුදාව අක්කර 683ක් නිදහස් කිරීම අපේ පක්ෂයේ විශාල ජයග්‍රහනයක්.. ඉදිරියේදී තවත් නිදහස් කරවා ගන්නවා..- දෙමල සන්ධානය

April 18, 2018 at 6:48 pm | lanka C news
හමුදාව අක්කර 683ක් නිදහස් කිරීම අපේ පක්ෂයේ විශාල ජයග්‍රහනයක්.. ඉදිරියේදී තවත් නිදහස් කරවා ගන්නවා..- දෙමල සන්ධානය

යාපනයේ වළිකාමම් උතුර ප්‍රදේශයේ වැසියන්ට යුද හමුදාවෙන් අක්කර 683 ක් පසුගියදා ජනතාවට බෙදා දීමට හැකි වීම දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් ලද විශාල ජයග්‍රහණයක් බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා හා එම්.ඒ.සුමන්තිරන් කියා සිටියහ.

මන්ත්‍රීවරුන් දෙපල එසේ පැවසුවේ ඊයේ (17) දහවල් යාපනයේ වලිකාමම්, තෙලිප්පලේ හා මයිලිට්ටි යන පළාත් වලින් ජනතාවට ලැබුණු ඉඩම් දැක බලා ගැනීමට ඔවුන් ගිය අවස්ථාවේදීය.

වසර විසි නවයකට පසුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් එම ගම්මාන වලට ගිය පලමු අවස්ථාව මෙය වන අතර මෙම ගමන සුමන්තිරන් මහතා මන්ත්‍රීවරයෙකු වූ පසුව මෙම ගම්මාන වලට ගිය මුල්ම ගමනද වෙයි.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරු තවදුරටත් පවසා ඇත්තේ යාපනයේ ආරක්ෂක අංශ විසින් තවදුරටත් භාවිත කරමින් සිටින මහජනතාවට අයත් ඉඩම් සියල්ල ඉතා ඉක්මනින් ජනතාවට ලබා දීමට රජයට බල කොට සිටින බවත් රජය එම තීරණයට පැමිණෙන තුරු දෙමළ ජාතික සන්ධානයේ අරගලය අත් නොහරින බවද කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4 views

5 Comments to “හමුදාව අක්කර 683ක් නිදහස් කිරීම අපේ පක්ෂයේ විශාල ජයග්‍රහනයක්.. ඉදිරියේදී තවත් නිදහස් කරවා ගන්නවා..- දෙමල සන්ධානය”

  1. සනත් ඉතාලිය says:

    සතුටේ බරුවා ටොයියනේ ඔබට සතුටුයිද දන්.

  2. Viraj says:

    Ai Ban hamadama apita ohoma awishwasayen inna puluwanda. Apema waradi nisa neda Tamil aya Yudda keruwe. Onema rataka minority ekata hodata salakuwe nattag un karali gahanawa. Ape waradi walata ahinsaka podi un pali ne. minihek widiyata api hitamu. etakota witarai me rata diunu karanna puluwan

  3. Sarath says:

    ඊලාම් රාජ්‍යයකට මග හදන්නට අවශ්‍යය වට පිටාව හදනව මිසක් උතුර දියුනු කරන්න මහින්ද මැතිතුමා කල සන්වර්දනය ඇර කිසිවක් මේ දෙමල දේසපාලකයෝ දෙමල ජනතාව වෙනුවෙන් උතුරේ බලය හිමි කරගෙනත් කර නැත.

    • maraya says:

      ජන්දෙන් පැරදුන මේ කොටියා සුමන්තිරන්ට මන්ත්‍රී ධුරයක් දුන් බටලන්දේ වාදකයාට සාප වේවා

  4. Su SIlva says:

    Ape weradi nisa Demala aya yudda kala kiyan booruwa Lankave Itihase nodanne gembek. Methna kotanna kalin gihilla LAnka Ithihase Igenagena waren. Ethakot therrevi mokada demala yudda karanne kiyala. Demalu babbu nemei bava denaganin.

Main News