හමුදාව ඉරණමඩු ජලාශයට මසුන් ලක්ෂයක් මුදාහරී..

April 18, 2019 at 2:06 am | lanka C news
හමුදාව ඉරණමඩු ජලාශයට මසුන් ලක්ෂයක් මුදාහරී..

කිලිනොච්චියේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ඉහල නැංවීමේ අරමුණින් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මසුන් ලක්ෂයක් මුදා හැරීමට පියවර ගෙන ඇත.

කිලිනොච්චි ආරක්ෂඅක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්රියයගේ උපදෙස් මත 57 වන සේනාංකයේ මග පෙන්විමෙන් 573 වන බළසේනාවේ බළසේනාධිපති ජනක රණසිංහගේ අධික්ෂාණය යටතේ 15 වන ශ්රිලංකා සිංහ රෙජිමේන්තුව විසින් ඉරණමඩු ජලාශය වෙත මිරිදිය මසුන් මුදාහැරිමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

පසු ගිය දිනවල පැවති අධික වර්ශාව හේතුවෙන් ඉරණමඩුජලාශයේ ජලය පිටාර ගැලිම නිසා ජලාශයේ සිටි මත්සයින් විශාල වශයෙන් අඩුවි ඇති බැවින් ඉරණමඩු ධීවර සමිතිය විසින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 57 වන සේනාංකය විසින් ශ්රීලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහයෝගය ඇතිව මිරිදිය මසුන් 100000ක් ඉරණමඩු ජලාශය වෙත මුදාහාරිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

එහි පලමු අධියර ලෙස ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති එස් එම් එම් පි සමරකෝන් මහතාගේ සහයෝගයෙන් ඉරණමඩු ජලාශය වෙත මිරිදිය මසුන් 50,000ක් මුදාහැරිම සිදු කල අතර එහි දෙවන අධියර වශයෙන් අප්‍රේල් මස 20 වන දින තවත් මිරිදිය මසුන් 50,000ක් මුදාහැරිමට නියමිතව ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,465 Viewers
Main News