හමුදාව එන්නත් කරනය දන්නේ නෑ.. ඔවුන් කල යුත්තේ උදවු කිරීම පමනයි..- රජයේ වෛද්‍යවරුන් චෝදනා..

July 7, 2021 at 12:01 am | lanka C news

යුධ හමුදාව විසින් සිදුකරන කොරෝනා එන්නත් කරන වැඩපිළිවෙල විවිධ අඩුපාඩුකම් දක්නට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

යුදහමුදා මෙම එන්නත් කරන ක්‍රියාවක යෙදී සිටින පුද්ගලයන් නොවන බව එම සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙයි.

යුද හමුදාව කළ යුත්තේ උපකාර කිරීමක් පමණක් බවත් එහි වගකීම භාර ගැනීම නොවන බවත් ඒ මහතා කියා සිටියි.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ මොහොතේ තම වගකීම පැහැර හැර ඇතැයි ද ඔහු චෝදනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම චෝදනාවන් එල්ල කළේය.

40,660 views

46 Comments to “හමුදාව එන්නත් කරනය දන්නේ නෑ.. ඔවුන් කල යුත්තේ උදවු කිරීම පමනයි..- රජයේ වෛද්‍යවරුන් චෝදනා..”

  1. පුරවැසියා says:

    අනේ ඔවු
    අවුරුදු 30ක් කරපු යුද්ධය එක්ක සටන්බිමේ අවම පහසුකම් සහිතව ශල්‍යකර්ම කරපු ,
    උතුරු පාළාතේ අහිංසක මිනිසුන්ට සහ හදිසි අවශ්‍යතා විපත් සිදුවුණු විටදී සියළුම ප්‍රතිකාර කරපු ත්‍රිවිධ හමුදා වෙද බලකායයන් ඉතාම උසස් ගුණාත්මක මට්ටමක දැනුමෙන් සහ මිනිසත් බවෙන් සිටිනවා
    අහිංසක රෝගීන් ප්‍රාණ ඇපයට අරගෙන ස්ටර්ය්ක් කරන මෙන්න මේ පාදඩ සංගම් තමා ඒ කාලේ ක්‍රියාන්විත එක්ක යන්න ඇත්තේ ..
    අද වෙනකොට හමුදාව තමා නියම විදිහට එන්නත්කරණය සිදුකරන්නේ .
    අපි ඔවුන්ට ඒ ගරුත්වය ලබාදිය යුතුය්

  2. Elmo Perera says:

    Heath Dept stinkers should be dismissed

Main News