හමුදාව කැබලි 09කට කඩන්න… – විග්නේෂ්වරන් රජයට කියයි…
June 10, 2018 at 6:48 pm | lanka C news
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව කැබලි 9 කට කඩා පළාත් නවයක කොටස් වශයෙන් ස්ථාපිත කරන ලෙස උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් රජයට යෝජනා කර ඇත.
යාපනයේ පැවැති රජයේ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයේදී ඔහු මුල්වරට මෙම යෝජනාව හෙළිකර තිබේ.
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් පළාත් නවයටම හමුදා ඒකක ලැබෙන බවද විග්නේෂ්වරන් සඳහන් කර ඇත.
උතුරේ හමුදාව රැඳී සිටීම ද්‍රවිඩ ජනතාව අනුමත නොකරන අතර එම හමුදාව පළාත්වලට යෑවීමෙන් අර්බුදය විසඳිය හැකි බවද ඔහු පළ කළේය.
මේ අතර උතුරේ කිසිදු ඉඩමක් උතුරු පළාත් සභාවේ අවසරය රහිතව ආරක්ෂක හමුදාවට නොදෙන බවද පවසන විග්නේෂ්වරන් ඊට අදාළ යෝජනාවක් ද සම්මත කර ඇත.
උතුරු මහ ඇමැතිගේ මෙම ක්‍රියාකලාපය 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම බව ආරංචි මාර්ග දක්වයි.
– divaina
බලන්න මොන තරම් සංහිඳියාත්මකද කියල!
ඕනෑම බහු සාංස්කුරැතික බහු ආගමික රාජ්ජියක එහෙම නොවැ!
ඇමිකාවෙ අාමි එක 51ට කඩල එක එක ඉස්ටේට් ගවුනරට දීල නෙව තියෙන්නෙ!
මහා බිතාඤ්ඤෙත් එහෙම නෙවැ.
අහන්නකො අපෙ සංඟිඳියා මැඩැම්ගෙං!
Nawayata kadanda ona thoge paiya !
මේ ප්‍රකාශ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වට එකගද? මු වළදන්නේ අපේ බදු මුදල්මු නේද? වාචාල කට නිසා මුගේ ඔලුවත් 9 කට පලන්න වෙනවා. මුන් තවමත් කරන්නේ රට බෙදන යෝජනායි. පොන්න්ස් රජයේ ලොක්කෝ මුනිවත කකින්නේ බයටද? මු බැදුම්කර සල්ලි ගත්ත යකෙක්.
සිරිසේන ඇයි මුව සිරබාරයට ගන්නේ නැත්තේ අපේ සගනමක් රටවෙනුවෙන් කතා කලොත් නඩු නැතුව හිරේ