හමුදාව යටතේ පවතින ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි උතුරු ආණ්ඩුකාර දන්වයි…

April 2, 2019 at 5:30 pm | lanka C news
හමුදාව යටතේ පවතින ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි උතුරු ආණ්ඩුකාර දන්වයි…

උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා යාපනය වලිකාමම් උතුරු ප‍්‍රදේශයේ වර්තමාන තත්ත්වය දැන ගැනීම සඳහා, එම ප‍්‍රදේශයේ සංචාරයක යෙදුණි.

මෙම සංචාරයේ අරමුණ වූයේ ජිනිවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයෙන් පසුව දැනට ආරක්‍ෂක හමුදාව යටතේ පාලනය වන මහජනතාව සතු ඉඩම් නිදහස් කිරීම කඩිනම් කිරීමයි.

එසේම ආරක්‍ෂක හමුදාව විසින් ජනතාව වෙත මේ වන විටත් නිදහස් කරන ලද ඉඩම් වල පුනරුත්ථාපන සහ සංවර්ධන කටයුතුද ඔහු විසින් නිරීක්‍ෂණය කරන ලදී. ඔහු ප‍්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳවද දැන ගත්හ.

එසේම වලිකාමම් උතුරේ අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටා ඇති මයිලඞ්ඩි කනික්කායි මාදා දේවස්ථානයද ඒ ආශි‍්‍රත පාසැලද මයිලඞ්ඩි රෝමානු කතෝලික පාසැලද බැලීමට ගිය අතර එම ස්ථාන වල වර්තමාන තත්ත්වය ඔහුගේ නිරීක්‍ෂණයට භාජනය විය. මෙම ස්ථාන සහ අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි අනිකුත් පෞද්ගලික ඉඩුම් නිදහස් කිරීම පිළිබඳව ආරක්‍ෂක හමුදවේ නිලධාරීන් සමග ආණ්ුඩුකාරවරයා සාකච්ඡුා කරන ලදී.

ආරක්‍ෂක හමුදාව යටතේ පාලනය වන වලිකාමම් උතුරු ප‍්‍රදේශයේ තවත් අක්කර 400ක් පමණ නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මෙම අවස්ථාවේදී ආරක්‍ෂක හමුදාව විසින් පවසන ලදී. අවශ්‍ය ප‍්‍රතිපාදන ලද විගස මෙම ඉඩම් ජනතාව වෙත භාර දෙන බවද ඔවුන් විසින් මෙහිදී සඳහන් කළහ.

ඉන් අනතුරුව, ආණ්ඩුකාරතුමා මෑතකදී ආරක්‍ෂක හමුදාව විසින් නිදහස් කරන ලද මයිලඞ්ඩි උතුර ප‍්‍රදේශයට සංචාරය කළ අතර පවතින තත්ත්වය නිරීක්‍ෂණය කළේය. වලිකාමම් උතුර නැවත පදිංචි කරවීමේ සංගමයේ සභාපති ගුණබාලසිංහම් සහ ග‍්‍රාමීය සංවර්ධන සමිතියේ උරුතිරමූර්ති යන මහත්වරුන් සමග සාකච්ඡුා කර ජනතාව මුහුණ දෙන ගැට`ථ සහ ඔවුනගේ අවශ්‍යතාවයන් හඳුනා ගත්හ.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

28 views

3 Comments to “හමුදාව යටතේ පවතින ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි උතුරු ආණ්ඩුකාර දන්වයි…”

  1. Nim says:

    ” HAMUDAWA MUHUDATA PANINNADA. “

  2. LION says:

    උතුරට ඉංග්‍රීසින් සහා ලන්දේසින් විසින් ලබා දුන් ඉඩම් සියල්ලම නැවත රජයට බාර දිය යුතුය

  3. Dayani says:

    Enough is enough.!!! This government has provided enough land to Tamil people.!!! So you cannot order around and say that the lands where our forces are stationed should be vacated.!!! Our forces should be there to protect the country and for security reasons.!!
    Definitely not to intimidate Tamil people, but they do lot of things to make Tamils in the North to lead a better life.!!!
    Stop asking for more and more, be happy you people have got acres and acres of land to live.!!! There should be an end to this request.!!
    P.S.
    Is it possible to relese lands that belong to Sinhalese and Muslims chased away by LTTE, then it is a fair game.!!!

Main News