හමුදාව යොදවා ගංජා වවන්න සූදානම්.. යෝජනාව කැබිනට් මණ්ඩලයට..

March 25, 2018 at 6:31 am | lanka C news
හමුදාව යොදවා ගංජා වවන්න සූදානම්.. යෝජනාව කැබිනට් මණ්ඩලයට..

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම උචිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක සභාවේ සාමාජිකයින් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග පැවැති සාකච්ඡාවක දී අවධාරණය කර සිටියේය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි. මෙහිදි ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා ඖෂධ සොයා ගැනීමේ අපහසුතාවය පිළිබදව කමිටු සාමාජිකයින් පෙන්වා දෙන ලදි.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය කංසා වගා කිරීම සදහා වූ ව්‍යාපෘති යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. හමුදා සාමාජිකයින් යොදවා මෙලෙස කංසා වගා කිරීමට හැකියාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලෝකයේ රටවල් රැසක කංසා වගා කිරීම සදහා යොමු වී ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා කංසා වගා කිරීම තුලින් විදේශ විනිමය ලබාගත හැකි බව ද සදහන් කළේය. තව ද 2020 සිට දුම්කොළ වගා කිරීම තහනම් කිරීම හේතුවෙන් අපහසුතාවයට පත්වන ගොවි ජනතාව ආයුර්වේද ඖෂධ වගා කිරීම කෙරෙහි යොමු කිරීමට ද මෙහිදී යෝජනා විය.

උතුරු මැද පළාතේ සහ උතුරු පළාතේ ආයුර්වෙද ඖෂධ වගා කිරීමට උචිත ඉඩම් ඇති බව ද නිෂ්පාදනය කරන එම ඖෂධ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් මිල දී ගැනීමට ද හැකියාව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු උපදේශක සභා නිලධාරින් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

144 views

6 Comments to “හමුදාව යොදවා ගංජා වවන්න සූදානම්.. යෝජනාව කැබිනට් මණ්ඩලයට..”

  1. Why not other plants also, which we import from India large scale.

  2. Nim says:

    KASIPPU PEREEMATH
    HAMUDAWA LAWAMA KERUWATH
    HODA ADAYAMAK GANNA PULUWAN PUTHA GEN UPADES GATHTHOTH
    THAMA HODA

  3. Asaranaya says:

    ඊට වඩා නරකද සවුක්ය දෙපාර්තමේන්තුවේ නිලදාරින් සමග කුණු දතා රජිතයාට අමුඩේ ගස්වා ගෙවිබිමට යැව්වානම්, ලෝකයටත් ආදර්ශයක්,
    ජිරිලන්කා තලය ගන්ජා ලොකයක් කරන්න ලෑස්තිවෙන කුණු දතාට ජයවේවා

  4. jee says:

    Me rate inna lin madiyanta therenne na me wage thiyena agaya ..
    Jayaweawa kalochitha thiranayak …
    Rata karawanta one me wage lib madiyanta one widihata neme..
    Anagathaya gana balala
    Ratata karanna puluwan dewal gana balala
    Kalaya labaya siyalu de gana hithala
    Ithama Honda thiranayak..
    Ganja horen horen gahana horata daspethiya mal asse hadagena inna ewa saha
    Horata ganja business karana kalakanninta unge adayama nathi wenawane meka rajayen kalahama ekai me dodawanne

  5. mali says:

    ganga is our staple food we should grow it using military as we defeated LTTE terrorist which was a burning issue for srilankan had to be done with great effort as such ganja is the burning issue of sinhalese theyare dying everyday without ganja so better to give them more and more to go to their dream world first it should be start with military as a pilot program then when they are half sleep half dead LTTE diaspora should be invited for their business what a great politician this man is.

  6. කක්කුස්සි කටා says:

    ඊට පස්සෙ අපි කොකේන් මරිජුවානා වගේ ඒවාත් වවනවා. සෑහෙන විදේශ විනිමයක් ඉතිරි කර ගත්තහෑකි. මේ තුලින් විශාල රෑකියා ප්‍රමානයක් නිර්මානය වෙනවා.

Main News