හමුදාව හා පොලීසිය එක්ව මෙහෙයුමක්… කොටි බෝම්බ රැසක් සොයාගනී..

May 31, 2020 at 4:40 pm | lanka C news
හමුදාව හා පොලීසිය එක්ව මෙහෙයුමක්… කොටි බෝම්බ රැසක් සොයාගනී..

මන්නාරම අඩම්පන් වෙඩිතලතිව් ප්‍රදේශයේදී නාවික හමුදාව හා පොලීසිය එක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී යුද සමයේදී කොටි සංවිධානය විසින් නිශ්පාදිත පුද්ගල නාසක බෝම්බ 29 ක් හා තවත් යුද උපකරණ තොගයක් හමුවූ බවට නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් නාවික සෙබලුන් පිරිසක් හා මන්නාරම් අඩම්පන් පොලීසිය ඒකාබද්දව වෙඩිතලතිව් ප්‍රදේශයේදී සිදුකරන ලද මෙම සෝදිසි මෙහෙයුමේදී අතහැර දමන ලද ළිඳක්තුල තිබී මෙම යුද උපකරණ තොගය හමු වී ඇත.

එහිදී කොටි සංවිධානය විසින් නිශ්පාදනය කරන ලද පුද්ගල නාශක බෝම්බ 29 ක් හා මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් උණ්ඩ ෆියුස් දෙකක් තිබී සොයාගෙන ඇත.

යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ කොටි සංවිධානය විසින් මෙම බෝම්බ ළිඳට දමා පලා ගොස් ඇති බවට පොලීසිය සැක පල කරන අතර සොයාගත් බෝම්බ තොගය මන්නාරම් අධීකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන අඩම්පන් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

37,319 Viewers

8 Comments to “හමුදාව හා පොලීසිය එක්ව මෙහෙයුමක්… කොටි බෝම්බ රැසක් සොයාගනී..”

  1. Patric says:

    Ammmoooo. . These all dramas come when there is a election. Some full new episodes can be expected soon…
    Real Pada Show…. 😅😅😆😆

    • Dhathusena says:

      බෝම්බ හොයන එක පඩ ශෝ එකක් ද බූරුවො.

      • Sarath Bulathsinghala says:

        Meka thamai munta thama veduna madiyi kiyala kiyanne! Saharaanla gahuwa. UNP eka siyaludema vasan keruwa, eeth gihilla untama chande dunna!

        Edath Kotinta uda gedi dunna adatha denawa. Eekai me kathawa!

      • helitha says:

        නෙදකින් බෝම්බ බයියා

      • Fernando says:

        නෑ ,මල්ලි චන්දෙ ලඟයි කියන එකයි

  2. podda says:

    2009 ඉදන් 2015 වෙනකන් ඔය ළිද සෝදිසි කරන්න අමතක උනැයි ?? 😀
    අනික ඕක මෙහෙයුමක්ද ?
    චන්දෙ චන්දෙ .. ලග එනවා..
    තොන්ඩ නිසා කුජිත වෙලා ඉන්න වෙලේ මේ වගේ මෝඩ නාට්ටි පෙන්නලා චන්ද කොටසක් නැති කර ගන්න තමයි යන්නේ. මොකද ඔය 69 ඇතුලේ ස්වාදීනව හිතන ලොකු පිරිසක් ඉන්නවා

  3. Ohio says:

    ජන්දෙ ලංවෙනකොට ප්‍රභාකරන් උනත් හැංගිලා ඉඳලා අල්ලගන්න බැරිකමක් නෑ.

  4. nihitha says:

    දැන්ම නැගිටින්නද එපා ද – මීට කොටි
    😅😅