හමුදා ඇදුම් රෙදි විශාල තොගයක් මාවනැල්ලෙන් අල්ලයි.. කෝටි හතරක හමුදා රෙදි රටින් ගෙන්වලා..

May 5, 2019 at 11:20 am | lanka C news
හමුදා ඇදුම් රෙදි විශාල තොගයක් මාවනැල්ලෙන් අල්ලයි.. කෝටි හතරක හමුදා රෙදි රටින් ගෙන්වලා..

යුද හමුදාව කැලෑ අඳුම් වලට භාවිතා කරන රෙදි විශාල ප‍්‍රමාණයක් සමගින් මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු හෙම්මාතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය සිදු කරන ලද වැටලිමෙන් පසුව මෙ වන තෙක් සොයා ගත් රෙදි විශාල ප‍්‍රමාණයක් හෙම්මාතගම පොලිසිය විසින් මාධ්‍ය වෙත ප‍්‍රදර්ශනය කලේය.

හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි කරන ලද වැටලිමෙදි පසුගිය 03 වැනි දින පස්වරුවේ අත්අංඩගුවට ගෙන ඇත්තේ හෙම්මාතගම, පල්ලිපොරුව ප‍්‍රදේශයේ පදිංචි මොහොමදු පරිඞ් මුම්තාජුල් හක්කු නැමැති 61 හැවිරිදි පුද්ගලයායි.

ඔහු සතුව හෙම්මාතගම නගර මධ්‍යයේ සේවක සේවිකාවන් 35 දෙනෙකු පමණ සේවය කරන ඇගලූම් කම්හලක් පවතින අතර එය නගරයේ උඩුමහලක පවත්වාගෙන යයි.

හෙම්මාතගම පොලිසියට ලැබුණු තොරතුරකින් පසුව පොලිසිය විසින් මෙම ඇගලූම් කම්හලේ තිබි ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිවිධ හමුදාව කැලෑ ඇදුම් වලට භාවිතා කරන ඇදුම් විශාල ප‍්‍රමාණයක් සොයා ගෙන ඇති අතර පොලිසිය එහි යන විටත් එම ඇදුම් වලින් විශාල ප‍්‍රමාණයක් කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට යවා ඇති බව ඇගලූම් කම්හලේ සේවකයා පවසා ඇත.

මෙම ඇගලූම් කම්හල මහගින් පරික්ෂාවට පෙර දිනයකදි මසා නිම කරන ලද දිග කලිසම් 480 සහ කොට කලිසම් 519 ක් ද කොළඹ ප‍්‍රදේශයට යවා ඇති බව ඇගලූම් කම්හල් අයිතිකරු විසින් පොලිසිය සිදු කරන ලද ප‍්‍රශ්න කිරිමේදි පවසා ඇත. වැඩිදුරටත් ප‍්‍රශ්න කිරිමේදි ඇගලූම් කම්හලේ අයිතිකරු පවසා ඇත්තේ මෙම රෙදි විශාල ප‍්‍රමාණයක් විදේශයේ සිට ලංකාවට කෝටි 4 කට වැඩි මුදලකට ගෙන්වා ඇති බවත් තම ආයතනයට ලැබුණු ඇණයුමක් අනුව රෙදි මසා කොළඹ ප‍්‍රදේශයට නැවත යැවු බවද පොලිසියට පවසා තිබුණි.

එම ඇදුම් පැලද විම සාමන්‍ය ජනතාවට තහනම් වන අතර මෙම ඇදුම් කුමන කටයුත්තක් සඳහා භාවිතයට ගැනිමට මැසුවෙහිද යන්න සම්බන්ධයෙන් මෙ වන පොලිසිය පරික්ෂණ සිදු කරයි. පොලිසිය පැවසුයේ ඇගලූම් කම්හලේ අයිතිකරු මේ වන විට අධිකරණ වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව මැයි මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

මෙම වැටලිම සිදු කර ඇත්තේ පසුගිය දින රට තුල සිදු වු ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග දිවයින පුරා සිදු කරන ලද සෝදිසි කිරිම් වලට අනුව හෙම්මාතගම පොලිසිය විසින් සිදු කරන ලද වැටලිමකදිය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

8 views

One Comment to “හමුදා ඇදුම් රෙදි විශාල තොගයක් මාවනැල්ලෙන් අල්ලයි.. කෝටි හතරක හමුදා රෙදි රටින් ගෙන්වලා..”

  1. john the baptice says:

    රේගුව මේ ගැන වගකිව යුතුය

Main News