හමුදා කුමන්ත‍්‍රණයක්…?? ආණ්ඩුවේ තැන තැන කතා..

October 21, 2016 at 9:20 am | lanka C news
හමුදා කුමන්ත‍්‍රණයක්…?? ආණ්ඩුවේ තැන තැන කතා..

හමුදා කුමන්ත‍්‍රණයක් පිලිබදව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අතර සාකච්චාවක් ඇතිව තිබේ.

හමුදා ප‍්‍රදානීන් අත්අඩංගුවට ගැනීම් හා ඔහුන්ගෙන් ප‍්‍රශ්න කිරීම ගැන විරෝධය පා ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයෙන් පසු මේ තත්වය මතුව ඇත.

ජනාධිපතිවරයා විසින් එවන් ප‍්‍රකාශයක් කලේ රජය කෙරෙහි හමුදාව තුල යම් නොපැහැදීමක් ඇති නම් එය සමනය කිරීමේ අරමුණද ඇතිව යයි එම පිරිස් අතර සාකච්චා වෙති.

මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න මහතාගෙන් මාධ්‍යවේදීන් විසින් කල විමසීමේදී ඇමතිවරයා එය බැහැර නොකල අතර එවැන්නකට ඉඩ ඇති බවට ඉගි පල කලේය.

හමුදා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ආණ්ඩුවට බියක් නැති බවද කී ඇමති රාජිත නමුත් දිගින් දිගටම හමුදා නිලධාරීන් ප්‍රශ්නකිරීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුවුවහොත් හමුදා ක්ෂේත්‍රය තුළ කළකිරීමක් ඇතිවිය හැකි යයිද කියා එහිදී පෙන්වා දුනේනේය.

හිටපු ජනපතිට කැන්වසින් කල හමුදාපතිවරුන් මේ රටේ සිටින බවද මතක තබා ගත යුතු යයිද ඇමතිවරයා අවධාරණය කලේය.

මේ අතර ආසන්න දින කිහිපයේදී රූපවාහිනී විවාදයන්ට පැමිණි ආණ්ඩුව වෙනුවෙන් පැමිණි නියෝජිතයින්ද එවැනි අවදානමක් සම්බන්ධයෙන් ඉගි පල කලහ.

175 views