හමුදා ට්රක් රථයේ මුහුණට මුහුන ගැටුනු ත්රීවීලයේ ගිය තිදෙනෙක් මියයයි…[Photo]
January 9, 2019 at 6:26 am | lanka C news![හමුදා ට්රක් රථයේ මුහුණට මුහුන ගැටුනු ත්රීවීලයේ ගිය තිදෙනෙක් මියයයි…[Photo]](https://lankacnews.com/wp-content/uploads/2019/01/4545454.jpg)
කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්රදේශයේදී යුද හමුදා ට්රක් රථයක් හා ත්රී රෝද රථයක් ඊයේ (08) සවස මුහුණට මුහුණ ගැටී අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය කියා සිටියේය.
පලෙයි ඉයක්කචිචි මන්සන්ධියේදී මෙම අනතුර සිදුව ඇති අතර ත්රී රෝද රථය අධික වේගයකින් ගමන් කොට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් යුද හමුදා ට්රක් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පලෙයි පොලීසිය සැක පල කොට සිටියේය.
අනතුර හේතුවෙන් ත්රී රෝද රථයේ ගමන් කරන ලද පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර යුද හමුදා ට්රක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන මූලික පරික්ෂණ කටයුතු සිදු කරන බවටද පලෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
අනතුරින් පසුව ප්රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් ඇතිව තිබෙන අතර පලෙයි පොලීසියේ මැදිහත් වීමෙන් තත්වය පාලනය කරනු ලැබීය.