හමුදා නොවන ආසාදිතයන් රෝහල්වල සිටින්නේ 108ක් පමණයි…

May 12, 2020 at 6:26 am | lanka C news
හමුදා නොවන ආසාදිතයන් රෝහල්වල සිටින්නේ 108ක් පමණයි…

කොරා්නා වෛරසය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින හමුදාවේ නොවන සිවිල් පුරවැසියන් සංඛ්‍යාව 108 දෙනකු පමණක් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

වෛරසය ආසාදනය වූ හමුදා සෙබළුන් 413 දෙනකු සිටින බවත් ඔවුන් සියළුදෙනා නාවික හමුදා අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබන බවත් ඔහු සඳහන් කළේය.

අද දිනයේ රට නැවත ආරම්භ ජන ජීවිතය යළි ආරම්භ කිරීමට ගෙන ඇති පියවර යටතේ සියලු දෙනා පෙරට වඩා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කිරීම අතිශයින්ම වැදගත් බව ද ඔහු පැවසීය.

ජන ජීවිතයේ යථාවත් කිරීමට කටයුතු කරමින් සිටියදී වෛරසය නැවත පැතිරී යාමට ඉඩ ඇති බවද පැවසූ ඔහු සම්පූර්ණයෙන්ම කොරෝනා අවධානය පහව ගොස් නැති බවත් කීය.

සැලකිල්ලෙන් හා සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින් කටයුතු කරන්නේ නම් ඉදිරි සති දෙක තුන ඇතුළත සාමාන්‍ය ජනජීවිතය වඩා හොඳ අතට පත් කිරීමට හැකිවුණු ඇති බවද ජාසිංහ මහතා තව දුරටත් කියා සිටියේය.

134 views

5 Comments to “හමුදා නොවන ආසාදිතයන් රෝහල්වල සිටින්නේ 108ක් පමණයි…”

  1. Ranjith Perera says:

    Thanks for every persons who contribute battle of covid 19. People have to obey the law under this situation

  2. මෙය පුතානෝ ගේ හාල්පාරැ හැත්තට හාට් ඇටෑක් හැදෙන නිව්ස් එකක්.

  3. Gmoa එකෙක් says:

    ගොනා හැරෙන්නේ මොකටද ? නොකියා කියන්නේ ඔක්කොම හරි ඡන්දෙ තියමු කියලද ? ඒවා කොහෙද අපිත් එක්ක. තව ටෙස්ට් නොකරපු ලක්ෂ ගාණක් ඉන්නවා සැක සහිත. ඒ ටික කරගන්න තව මාස 03 ක් වත් යයි අඩුම. නිකන් එහෙත් මෙහෙන් ටෙස්ට් කරලා ටිවී දැම්මට වැඩක් නැහැ.