හමුදා, පොලිස් 200 කට අධික පිරිසක් කිලිනොච්චියේ හදීසි වැටලීමක්.. නිවාස 400 ක් සෝදිසි කරයි…

July 6, 2020 at 6:48 pm | lanka C news
හමුදා, පොලිස් 200 කට අධික පිරිසක් කිලිනොච්චියේ හදීසි වැටලීමක්..  නිවාස 400 ක් සෝදිසි කරයි…

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කලු කොටි දිනය ඊයේ (05) දිනට යෙදීමත් විවිධ වූ සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ලැබීමත් හේතුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයක යුදහමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හදීසි සොදිසි මෙහෙයුමක් දියත් කරන ලදි.

කණ්ඩාවලෙයි, ධර්මපුරම් ආදි ප්‍රදේශයන්හි පිහිටි නිවාස 400 කට අධික ප්‍රමාණයක් මෙහිදී හදීසි සොදිසි පරික්ෂාවකට ලක් කල අතර එහිදී සැකකටයුතු පුද්ගලයෙකු පොලිස් භාරයට ගනු ලැබීය.

කෙසේ වෙතත් සිදු කරන ලද සෝදිසි පරික්ෂාවන් වලදී ආයුද හෝ කිසිවක් හමු නොවී ඇති අතර ඉදිරියේද සැකකටයුතු ප්‍රදේශයන්හි එවැනි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවට ආරක්ෂක අංශ පැවසීය.

කිලිනොච්චියේ කිසිදු ත්‍රස්ත ක්‍රියාකාරකමක් හෝ එවැනි දේකට අනුබල දීමක් හෝ සිදුකරනු ලබන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වූ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවටද ආරක්ෂක අංශ වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

35,688 Viewers

10 Comments to “හමුදා, පොලිස් 200 කට අධික පිරිසක් කිලිනොච්චියේ හදීසි වැටලීමක්.. නිවාස 400 ක් සෝදිසි කරයි…”

  1. LION says:

    මුලු උතුරු පලාතම සෝදිසි කල යුතුය

  2. LION says:

    උතුරේ වෙඩි බෙහෙත් විකුණන තැන් පරික්ෂා කල යුතුය

  3. Hudson says:

    Yes, national security should not be ignored like it happened during the last UNP regime. Otherwise, the result will be catastrophic.

  4. Alapaluwa says:

    ශිවාජිලිංගම්, සහා විජයකළා, සුමන්තිරන්,, විග්නේශ්වරම් මේ අය තවම ජිවත් වෙලා සිටින තාක්කල් මුව විස්වාස කරන්න එපා.අර කියමනක් තිබෙනවානේද මැරිච්ච එකයි photo එකේ ඉන්නා එකයි ඉපදෙන්න ඉන්න එකා හැර අන් සියලුමදෙනා කිසිසේත් විස්වාස කරන්න එපා කියා.මොකද මුන්ගේ ඇඟේ තවම පුල්ලි මැකී නැ ඒව නිකම් අළු යට ගිණි වගේ තිබෙන බව අමතක නොකරන්න.

    • MD says:

      හරියටම හරි.මැරුණු කෙනා,පින්තූරේ ඉන්න කෙනා,ඉපදෙන්න ඉන්න කෙනා.☠☠💀💀👹👹👽👽

  5. Mad says:

    චන්දෙ හින්ද මිනීත් මරයි මේ ආණ්ඩුව

    • Alalapuwa says:

      එක නිසාද දන්නේ න නේද පාස්කු වියසණය සිදුවුයේ. අනෙක අද මේ ආණ්ඩුව නැතිනම් බලන්න තිබුනා මිනි මැරිල්ල කෙසේවෙතත් මිනි කඳු වල ගොඩ.චුට්ටක් සිතන්න කුහක නොවී යතාර්ථය තේරුම් ගන්න ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදුවන්න.

      • නිවහල් නිදහස් ජෙපි වහලා says:

        යකෝ කුහක කම කියන්නෙ නිරාගමික අපේ ආගම. කොටින්ම කුහකකම නැත්නමි ජෙප්පො කියල ජාකියක් තුන් ලෝකෙම නැහැ. අපි කොහොමද යකෝ කුහක නොවී හිතන්නෙ. නිකන් නොකෙරෙන මගුල් කථා නොකර හිටපං.

    • Indrajith says:

      Pasku bomba gahawwa neda giye anduwa

  6. Chethiyasena says:

    Wonder whether the Election Commission would ORDER a halt to these operations!
    Elaecson times no?

Main News