හමුදා බලඇණියකට වෙඩි ප‍්‍රහාරයක්.. අයෙක් රෝහලේ..

February 2, 2021 at 10:00 am | lanka C news
හමුදා බලඇණියකට වෙඩි ප‍්‍රහාරයක්.. අයෙක් රෝහලේ..

වව්නියාව සෙට්ටිකුලම් කප්පාච්චි රක්ෂිත කැලෑ ප්‍රදේශයක ආරක්ෂක රාජකාරියේ නිරත යුද හමුදා සෙබලුන් පිරිසක් සහ තවත් පිරිසක් අතර වූ ඊයේ (01) රාත්‍රියේ සිදු වූ වෙඩි හුවමාරුවකදී එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.

සෙට්ටිකුලම් කප්පාච්චි ඇතුලු සෙට්ටිකුලම් රක්ෂිතයේ සිදුවන දැව ජාවාරම් පිළිබඳව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාන්විත රාජකාරියේ නිරත යුද හමුදා සෙබලුන් පිරිසක්ට පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් ආයුධ සන්නද්දව පැමිණ වෙිඩ ප්‍රහාරයක් පළමුව  එල්ල කිරීමෙන් පසුව යුද හමුදා සෙබලුන් විසින් ප්‍රතිප්‍රහාර සිදු කොට ඇත.

එහිදී එක් අයෙකු තුවාල ලබා සෙට්ටිකුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට ඇතුලත් කරනු ලැබීය.

තවද ආයුද සහිතව සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා පලා ගොස් ඇති අතර ඔවුන්ගෙන්ද එක් අයෙකුට තුවාල සිදුව ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති අතරම පලා ගිය පිරිස් සොයා සෙට්ටිකුලම් පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

අදාල පිරිස රක්ෂිතයේ දැව ජාවාරමක නිරතවීමේදී මෙලෙස වෙිඩි තබාගැනීම හෝ ක්‍රියාන්විතයේ නිරතවූ යුද හමුදා සෙබලුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට ආවේද යන්න පිළිබඳව සෙට්ටිකුලම් පොලීසිය හා යුද හමුදාව එක්ව වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

65,481 views

8 Comments to “හමුදා බලඇණියකට වෙඩි ප‍්‍රහාරයක්.. අයෙක් රෝහලේ..”

  1. islam is terrorism?🤔 says:

    wilpattu.. badurdeen.. april 21.. could this be another halal attack?🤔🤔🤔

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    දැව ජාවාරම්කාරයෝ කියල ජාතියක් නෑ. ඔවුන් අපේම විප්ලවවාදී සහෝදරවරු පිරිසක්.
    ඔවුන් කරන්නේ වනාන්තරයේ උස-මිටි පරතරය නැති කිරීම සදහා උස ගස්, තණකොළ ගස් වල ප්‍රමාණයටම කොටට කපා දමන එක. කොච්චර පොහොර දැම්මත්ත, ණකොළ ගහකට කවදාවත් උසට හැදෙන්න හැකියාවක් නොමැති නිසා, උස ගස්, තණකොළ ගස් වල මට්ටමට කප්පාදු කිරීමයි එකම විසදුම. අවසානයේදී කැලේ තියෙන සියලුම ගස් උසින් එක සමාන වෙනවා.

    • Jepi buster says:

      ගස් කපල එලි කලාම හැට නම ලක්ෂෙට හොඳට හුලං වැදි වැදි එලිමහනෙ පුකේ ඇරගන්න පුලුවන්

      • මාක්ස්වාදී ජෙප්පා says:

        එලි කරන්නේ නෑ. විප්ලවයෙන් කරන්නේ ගස් ඔක්කොම තණකොළ ගස්වල උසට කපලා ගස් අතර පන්ති බේධය දුරු කරන එක විතරයි.

  3. Nuwan says:

    This is work of Wahabi terrorists they are hiding in Urban areas such as Negambo, Gall, Wattala, Dehiwala, Wellawatta etc and go for training in jungles

  4. SilentObserver says:

    Markswadee Jeppa, I like your writing! Wonderful!! This is enough to show how empty their philosophy is!!!

  5. Roshan says:

    Modayan se merennama chande dunne
    API 69

Main News