හමුදා බස් රථයක් ලොරියක ගැටී අනතුරක්.. සෙබලුන් පිරිසක් තුවාල ලබා රෝහලේ..

October 3, 2021 at 6:40 pm | lanka C news
හමුදා බස් රථයක් ලොරියක ගැටී අනතුරක්.. සෙබලුන් පිරිසක් තුවාල ලබා රෝහලේ..

වව්නියාව භූඔය පාලම අසල පිහිටි සෝදිසි මාර්ග බාධකයකය අසලදී යුදහමුදාව ගමන්ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් සෙබලුන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවට මැදවච්චිය පොලීසිය පවසයි.

අනුරාධ පුර සිට කිලිනොච්චිය දෙසට යුදහමුදා සෙබලුන් රැගත් බස් රථයක් ධාවනය වූ අවස්ථාවේදී භූඔය මාර්ග බාධකය අසලදී නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බස් රථයේ සිටි සෙබලුන් සිව් දෙනෙකු තුවාල ලබා ඔවුන් ප්‍රතිකාර සඳහා වවුනියාව මහරෝහලට රැගෙන ගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී පැවති අධික වර්ෂාව හේතුවෙන් බස් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් ලොරි රථයේ පිටුපස ගැටී ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.

අනතුරින් යුදහමුදා බස් රථයටද දැඩි හානි සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූ සෙබලුන්ගේ තත්වය බරපතල නොවන බවටද පරික්ෂණ සිදුකරන මැදවච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

9,726 views

4 Comments to “හමුදා බස් රථයක් ලොරියක ගැටී අනතුරක්.. සෙබලුන් පිරිසක් තුවාල ලබා රෝහලේ..”

  1. කපටි සාටකයා says:

    ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයෙකු කියන බල්ලෙකුගේ වැනි අදහස් තියෙන කාලකන්නි මිනිහෙක් අවංක ලෙස රාජකාරි කරපු පොලිස් නිලධාරින් මහතෙකුගෙන් පලිගෙන ස්ථාන මාරුවක් දී ඇත්තේ මේ මුරුග ලේකම් වරයාගෙන් රියදුරු හැඳුනුම්පත ඉල්ලීම වරදක් ලෙස සලකාය. මේ ගස්බල්ලන් යන වාහනයක් අනතුරකට පත් උනහොත් මැරුනත් බලන්න එපා.

    • ගෞම් ඊයාරාජ් says:

      කොහෙද ඉතින් එක රටක් එක නිතීයක් කෙසේ වෙතත් උබටයි මටයි එක නිතීයක් සහ එගොල්ලන්ට නිතී හැට හුටාමාරක් වගේ සීන් එකක් තියෙන්නේ .

    • pissu poosa says:

      ඔව් ඔව්… ඕකනම් බල්ලම තමයි. ගොට්ට කාටවත් ලං වෙන්න දෙන්නේ නැ. හරි දෙයක් ගොට්ට කියන්නේ නැ. බොරුම කියල ගොටව අන්දනවා. පැහැර බල්ලෙක්

  2. ගෞම් ඊයාරාජ් says:

    අර ඉන්දියානූ විදේශ ඇමති ඇවිල්ලා , තෙල් ටැංකි ටිකත් එක්ක ෆොටො ගහලා දානවා , වරායේ නැගෙනහිර පෙන්නලා අදානියට 51% ක් බටහිර ජැටිය දීලා දානවා , ගොං බෛයො ඇහුන්නෑ වගේ ඉන්නේ. අනිත් පැත්තෙන් ඇමෙරිකාවට ඩොලර් බිලියන 6 කට එහා LNG එකාධීකාරයක් හදලා දෙනවා , අරහෙං පොර්ට් සිටිය චිනෙට ලියලා දෙනවා , තව කොළඹ ඉඩකඩං ටික ෆෝ සේල් දාලා , ඇත්තටම දේශප්‍රේමී ගොං බෛයො කෝ බන් ?😂😂😂

Main News