හමුදා මාධ්‍ය ප්‍රකාශක කියන්නේ බොරු… මෙන්න මාණ්ඩලික ප්‍රධානී දුන් නියෝගය…
June 23, 2018 at 3:21 am | lanka C news
‘යුද හමුදාවේ බලඇණි 33ක් ඉවත් කිරීමට සහ නිලධාරි තනතුරු 938ක්, සෙසු නිලයන් 23,266ක් ඉවත් කිරීමට 2018 ජූලි මස අග වන විට කටයුතු කරන ලෙස යුද හමුදා රෙජිමේන්තු ප්‍රධානීන් හා අදාළ ඉහළ නිලධාරීන්ට නියෝග කරමින් එහි ප්‍රධාන මාණ්ඩලික, අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් ජී.ඩී.අයි. කරුණාරත්න නිකුත් කළ 2018 ජුනි 14 දාතම සහිත ලිපිය ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මාධ්‍ය වෙත ඉදිරිපත් කර සිටියේය.
එම ලිපියට අමතරව ඊට අදාළ ඇමුණුම් දෙකක්ද ඔහු මාධ්‍ය වෙත යොමුකර තිබේ. ඉන් එක් ඇමුණුමක සඳහන් වන්නේ, යුද හමුදාවේ නිත්‍ය බලඇණි සංඛ්‍යාව 112 සිට 98 දක්වා 14කිනුත් ස්වේච්ඡා බලඇණි සංඛ්‍යාව 80 සිට 61 දක්වා 19කිනුත් අඩු කළ යුතු ආකාරය ය. එසේ බලඇණි ප්‍රමාණය 33කින් අඩු වන විට යුද හමුදාවේ නිලධාරින් සංඛ්‍යාව 5793 සිට 4855 දක්වා 938කිනුත් සෙසු නිලයන් 1,33,427 සිට 1,10,161 දක්වා 23,266කිනුත් අඩු කිරීමට ද එම ඇමුණුම මගින් උපදෙස් ලබා දෙයි.
දෙවන ඇමුණුම මගින් පෙන්වා දී ඇත්තේ අහෝසි කිරීමට නියමිත බලඇණි 33ට අදාළ තොරතුරු ය. එක් බලඇණියක නිලධාරීන් 25ක් සහ සෙසු නිලයන් 650ක් සිටින අතර එක් බලඇණියක් ස්ථානගතව සිටින්නේ හමුදා කඳවුරු 04ක් හෝ 05ක් ලෙස ය. ඒ අනුව බලඇණි 33ක් අහෝසි කිරීමත් සමඟ ඒවාට අනුයුක්තව පැවැති හමුදා කඳවුරු 100-150ත් අතර ප්‍රමාණයක් ඉවත්ව යයි. එසේම එම දෙවන ඇමුණුම මගින් දක්වා ඇත්තේ නන්දිකඩාල්, වව්නියාව පෙරියනාඩු, මැණික්ෆාම්, තිත්තම් පේදුරුතුඩුව, තුනුක්කායි මල්ලාවි, මුරුක්කන්, ජීවනගර්, වැලිඔය, යාපනය, නෙල්ලිඅඩි, ඉරණමඩු, මන්නාරම, මුලතිව්, තාලෙයි මන්නාරම, තඞ්ඩුවාන්, පුනරින්, කිලිනොච්චිය, පුදුකුඩුඉරිප්පු යන ආරක්ෂක මර්මස්ථානවල පිහිටි බලඇණි හා ඒවාට අයත් කඳවුරු ඉවත් කළ යුතු බව ය.
මෙසේ තිබියදී හමුදා මාධ්‍ය ප්‍රකාශක, බි්රගේඩියර් සුමිත් අතපත්තු එම කරුණු වසන් කිරීම කනගාටුවට කරුණක් බව ද ජයන්ත සමරවීර මහතා පැවසීය.
ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයෙන් ක්ලෝමෝ බෝම්බ ඇතුළු අවි ආයුධ හමු වී ඇති මේ මොහොතේ එම ප්‍රදේශවල ස්ථාපිතව ඇති යුද හමුදා කඳවුරු ඉවත් කිරීම යළි බෙදුම්වාදී කොටි ත්රස්තවාදයට උඩගෙඩි දීමක් යැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
Kammali akaryakshama strike kara kara inna rajya sewakayo elawala daala hamudawai aya ewata anuyuktha karanna. Lassanata anduwai waida tika karai.
යුද්ධය අවශ්‍ය සාමාන්‍ය ජනතාවට නොවේ.බල ලොබි පාලකයන් ගේ වැඩ පිළිවෙලවල් නිසා යුද්ධයට මග පැදේ .මෙයට විදේශ බලපෑම් ඇතිවූවිට යුද්ධය බලවත් වේ.ලංකාවේ පිහිටීම අනුව වානිජමය හා යුධමය වැදගත් කම අනුව බාහිර බලපෑම් ඇතිවීම වැළක්විය නොහැක ලංකාව 170 වරක් පමණ විදේශිය ආක්‍රමණ වලට බිලිවිය.යුද්ධයක් නැවත ඇතිවීම වැළක්විය නොහැකිය.ආරක්ෂක කටයුතු අඩුකිරීම නොකටයුතුය