හමුදා සහ පොලිස් නිලධාරීන්ට FB හරහා තර්ජනය කළ හිටපු හමුදා නිලධාරියා අල්ලයි…

May 13, 2022 at 8:40 am | lanka C news
හමුදා සහ පොලිස් නිලධාරීන්ට FB හරහා තර්ජනය කළ හිටපු හමුදා නිලධාරියා අල්ලයි…

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ අධිකාරිලත් නිලධාරීන්ගේ නිවාසවලටත් හානි කරන ලෙස පවසමින් ෆේස්බුක් හරහා පෝස්ටුවක් උඩුගත කර මහජනයා ප්‍රකෝපකාරී කිරීමට කටයුතු කළ දේශික කුරුප්පු නැමැත්තෙකු 12 සවස නිට්ටඹුව පොලීසියට විසින් අත් අඩංගුවට ගෙන 13 අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ පුද්ගලයා ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ ලුතිතන්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී විනය විරෝධී හැසිරීම හේතුවෙන් 2020 ජනවාරි මස 29 දින යුද්ධ හමුදා සේවයෙන් පහ කළ අයෙකු බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තහවරු කරන ලදී.

මොහු 2010.10.29 දින යුද්ධ හමුදාවට බැඳි ඇති අතර තම අණදෙන නිලධාරියාගේ අත්සන ව්‍යාජ යෙදීමේ චෝදනාව යටතේ 2020.01.29 දින යුද්ධ හමුදා සේවයෙන් පහකර ඇත.

පසුගිය දිනවල කලහකාරී ලෙස හැසිරෙමින් දේපළ හානිකළ පුද්ගලයින් ආමන්ත්‍රණය කරමින් ඔහු සිය ෆේසුබුක් ගිණුමේ සටහනක් යොදා ත්‍රිවිධ හමදාවේ සහ පොලීසියේ අධිකාරිලත් නිලධාරීන්ගේ නිවාස පිළිබඳවද අවධානය යොමුකරන්නැයි ඉල්ලා තිබුණි.

සැකකරු නිට්ටඹුව පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව මෙලෙසඅත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳ නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– Army midea

57,692 views

15 Comments to “හමුදා සහ පොලිස් නිලධාරීන්ට FB හරහා තර්ජනය කළ හිටපු හමුදා නිලධාරියා අල්ලයි…”

  1. සිරිබිරිස් says:

    ඊනියා අරගලේ සැබෑ තතු දැන් තමයි එලිය⁣ට එන්නේ. රට ගිනි තියපු උන් එකෙක් නෑර අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු.

    • බතල අල ගලවාගැනීමේ ජාතික සංසදය says:

      රට ගිනි තියපු උන් එකෙක් නෑර අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු කිව්වම මෛනයි ජොනියයි ඔක්සිජන් නිසාන්තයයි අහුවෙනවනේ සිරිබිරි අයියා.

      කැඳවුම්කරු
      බතල අල ගලවාගැනීමේ ජාතික සංසදය