හමුදා ස්මාරක වීරයන්ගේ ස්මාරක වී උතුරේ ජනතාවගේ ස්මාරක රාජද්‍රෝහීන්ගේ ඒවා වෙන්න බෑ..

January 15, 2021 at 3:50 pm | lanka C news
හමුදා ස්මාරක වීරයන්ගේ ස්මාරක වී උතුරේ ජනතාවගේ ස්මාරක රාජද්‍රෝහීන්ගේ ඒවා වෙන්න බෑ..

රජයේ හමුදා විසින් උතුරු පළාතේ ඉදිකරන යුධ ස්මාරක වීරයන්ගේ ස්මාරක බවට පත්වන බවත් උතුරේ සාමාන්‍ය ජනතාව ඉදිකරන ස්මාරක රාජද්‍රෝහීන් ගේ ඒවා බවට පත්වන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා සඳහන් කරයි.

යාපන විශ්ව විද්‍යාලයේ ඉදිකර ඇති ස්මාරකය නීති විරෝධී නම් රටේ සෙසු විශ්වවිද්‍යාල ගණනාවක ඇති විවිධාකාර ස්මාරක ද ඉවත් කළ යුතු බව ඔහු පවසයි.

වරද ඇත්තේ යාපන විශ්ව විද්‍යාලයේ ස්මාරකය තුළ නොව ඊට ජාතිවාදී ස්වරූපයක් ලබාදීම බව ද ඔහු පෙන්වා දෙයි.

ශිෂ්‍ය අවදියේදී දරුවන් රටේ නියම ඉතිහාසය ඉගෙන ගත යුතු වුවද වර්තමානයේ දී ඉතිහාසය ආණ්ඩුවටත් පුද්ගලයාටත් අවශ්‍ය ආකාරයට විකෘති කර උගන්වන තත්ත්වයකට පත්ව ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

16,360 views

21 Comments to “හමුදා ස්මාරක වීරයන්ගේ ස්මාරක වී උතුරේ ජනතාවගේ ස්මාරක රාජද්‍රෝහීන්ගේ ඒවා වෙන්න බෑ..”

  1. රන්වල says:

    ඒම කියන්ඩ එපා අයියා .මේක තනි ෂින්ගල ආණ්ඩුව.සබ්‍රි නාන බෙයියන්ට බටර් නැතුව අරිනව තමා.ඒත් උයාලට ඒම අරින්ඩ අමාරු.මොකෝ උයාල රෝයල් ෆැමිලි එකේ නඩු ෆයිල් ටික හැන්ඩ්ල් කරනෝද ?රෝයල් ෆැම්ලි එක්ක බිස්නස් පාට්නර්ෂිප් දානෝද ඒ මුක්කුත් නෑ නී.පිල්ලෙයාන් තම්බි කරුණා අන්නා ඒම නම් ඒව කලා ඒ නිසා එයාල ෆුල් පේට්‍රියට් උනා උයාලත් එයාල වගේ වෙන්න.එතකොට උයාලටත් පුලුවන් ඇට නම ලස්සෙක බෙයියන්ට සබ්‍රි නානල පිල්ලෙයාන්ල වගේ බටර් නැතුව අරින්ඩ.

    • අනේ ගොනෝ says:

      බොල රන්වල ක්‍රිමිනලෝ උඹට මොන්ගල්තුමා අරින්නෙත් බටර් නැතුවද ?😂

  2. වයි දිස් කොලවෙරි says:

    උබලා උතුරේ ස්මාරක යොදා ගන්නේ රාජද්‍රොහී වැඩ වලටනේ. අන්න එතනයි ප්‍රශ්නේ.

    ස්මාරකේට පහන් පත්තු කරලා ජාතිවාදය පතුරුවනවා. බෙදුම්වාදය පතුරුවනවා. ඕකනේ ප්‍රශ්නෙ.

    බිල්ඩිමකට දෙවියෙක් වැඩම කලොත් ඒක කෝවිලක් වෙනවා.
    බිල්ඩිමක හරක් මැරුවොත් ඒක ගව ඝාතකාගාරයක් වෙනවා.
    බිල්ඩිමක ගනිකා ව්‍යාපාරය කලොත්, ඒක ගණිකා මඩමක් වෙනවා.
    එහෙම උනාම එක්කෝ ඒ බිල්ඩිම විනාශ කරන්න ඕනේ. නැත්නම් බිල්ඩිම අයුතු ලෙස යඔදා ගන්න මිනිස්සුන්ට නීතියෙන් දඩුවම් දෙන්න ඕනේ.

  3. LION says:

    රජයේ හමුදා විසින් උතුරු පළාතේ ඉදිකරන යුධ ස්මාරක වීරයන්ගේ ස්මාරක බව මුළු ලෝකයම පිළිගනී මෙලෙච්චේද මිනීමරු LTTE ත්‍රස්තවාදයෙන් අපේ රට ජාතිය බේරාගැනීම දිවිදුන් උතුම් රණවිරුවන් සිහිපත් කිරීමට ඉදිකරන/ඉදිකෙරු ස්මාරක වීරයින්ගේ ස්මාරක බව තේරුම් ගැනීමට තරම් වත් මේ මෝඩ දෙමල දේශපාලකයින්ට මොළයක් නැහැ … උතුරේ සාමාන්‍ය ජනතාව මිනීමරු දෙමළ ත්‍රස්තවාදීන් සිහිකිරීමට ඉදිකරන ස්මාරක කෙසේද වීරයින් සිහිකිරීමක් වන්නේ ? ඔවුන් මිනීමරු LTTE මෙලෙච්චේද ත්‍රස්තවාදී මිනීමරුවෝ…වීරයෝ නොවේ ..අනුන්ගේ රටක බලය අල්ලා ගැනීමට දහස්ගණන් රටවැසියන්ගේ ජනතාව විනාශ කල දරුණු මිනීමරුවෝ .. ලෝකයේ කුමන රටේද ත්‍රස්තවාදීන් සිහි කිරීමට ස්මාරක හදන්නේ ? ඉස්ලාම් ත්‍රස්තවාදීන් සිහිකිරිමටත් ස්මාරක හදනවාද ?කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් ස්මාරක සෑදීමට ඉඩ දුන්නොත් සහරාන් වැනි ඉස්ලාම් ත්‍රස්තවාදීන් සිහි කිරීමට ස්මාරක හැදීමට අවසර දිය යුතු නොවේද ? ශ්‍රීධරන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු ..උතුරේ දෙමළ ජාතිවාදය කොටි ත්‍රස්තවාදය පතුරවන දමිල ජනතාව නොමග යවන TNA ත්‍රස්තවාදී පක්ෂය අපේ රටේ තහනම් කරනු ..මේ ආණ්ඩුවේ වගකීම මේ දෙමළ ත්‍රස්තවාදී දේශපාලකයින් අපේ රටේ දේශපාලනයෙන් ඉවත් කිරීම ..මොවුන් බලපෑම් නිසා උතුරේ ජනතාවට ත්‍රස්තවාදී ක්‍රියාවලින් බටකාමට සිදුවේ ..ශ්‍රීධරන් වහාම අත්අඩංගුවට ගත යුතුයි

  4. දේශප්‍රේමීයා says:

    උතුරේ ජනතාව නෙමෙයිනේ, ත්‍රස්තවාදීන් නේ. ඒකයි ගැටලුව. සිංහල ජනතාව අනෙක් ජාතීන්ට වෙනස්කම් කරන්නේ නෑ. අනෙක් ජාතීන් ගේ සමහර අන්තවාදි කොටස් සිංහල ජනතාවට ද්වේශය කරනවා. සියලුම සත්වයො නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා.

  5. Sinhalaya says:

    Tharasthawadinge gunasamaru koheda bolaw thibenne.moda harak

  6. John the baptice says:

    හමුදා ස්මාරක වීරයන්ගේ ස්මාරක වී උතුරේ ජනතාවගේ ස්මාරක රාජද්‍රෝහීන්ගේ ඒවා වෙන්න බෑ,,ඇයි බැරි ? මිනීමරු ත්‍රස්තවාදීන් රාජද්‍රෝහීන් තමයි ..
    මිනීමරු ත්‍රස්තවාදය ,ජාතිවාදය පතුරමින් උතුරේ දමිළ ජනතාව නොමග යවමින් දේශපාලන බලය ගැනීමට උත්සාහ දැරීම නිවට කමක් ..දැන්වත් දෙමල සන්ධානය ත්‍රස්තවාදී ක්‍රියාකාරී කම් නතර කර සමගියෙන් ජිවත් වීමට කට යුතු කල යුතුයි …රට ජාතිය බේරාගත් අපේ හමුදාවේ සියලුම රණවිරුවන් ජාතික වීරයින් බව දමිළ දේශපාලකයින් වටහා ගත යුතුයි …මේ සිංහල අපේ රට එහි අපේ රට ට විරුද්ධව ත්‍රස්තවාදය පතුරවූ කිසිම තස්තවාදියකුගේ සිහි වටනයක් ස්මාරකයක් ඉදි නොකළ යුතුයි ..එය අපේ රටේ ජාතික වීරයින්ට කරන අවමානයක් ..උතුර යනු අපේ මව් බිමේ එක් පළාතක් පමණි …ඉන්දියාවෙන් අපේ රටට ආපු දෙමළ දුම්කොළ වහලුන්ට අපේ රටේ ප්‍රශ්න ගැන තීරණ ගැනීමට අයිතියක් නැත..ත්‍රස්තවාදී ශ්‍රීධරන් කටවහගෙන හිටු ..දෙමල ත්‍රස්තවාදී පක්ෂය තහනම් කරනු ..ඔවුන් ජාතික සමගියට තර්ජනයකි

  7. බූරු පුතාණෝ සජියා says:

    ජාතිවාදය වපුරලා බලයට ආවට පස්සෙ ඒකට පොහොර දාල සිංහල චන්ද ගොඩ වැඩිකරන්න ඕව කරන්න වෙනවා.

  8. පොල් බූරුවා says:

    අනේ තෝ දන්න රෙද්ද. ත්‍රස්තවාදීන් කොහමද බං වීරයෝ වෙන්නෙ. උන් සටන් කලේ රටෙන් කොටසක් වෙන්කර ගන්න. රට බෙදාගෙන වෙනම රටක් පිහිටුවා ගත්තනං අන්න එ් රටේ උන් වීරයෝ. උඹලට පුලුවන් ප්‍රභාකරන්, සහරාන් ඉන්න දේශයේ ස්මාරක හදාගන්න. උඹත් නන්දිකඩාල් වලින් ටිකට් එකක් ගන්න අාසයිද.

  9. pohottuwa says:

    sir hitiyanam mehema wen ne sajiyane inne …..
    ko wahal baiyo

  10. Aurora says:

    LTTE ත්‍රස්තවාදීන් යුද්දේ දිනුවානම් වීරයො විධියට ස්මාරක හදාගන්න තිබුණා. මුළු බටහිර ආණ්ඩුවලම සහය තිබිලත් යුද්දේ දිනන්න බැරිවුනාට පස්සේ ආපහු කෑගහලා අසරණ දෙමළ මිනිස්සුන්ව නරකාදියට තවත් සැරයක් දමන්නද උත්සාහ කරන්නේ. ඕක 1950 ගණන්වල චෙල්වනායගම් කලා, 1970 /80 කාලේ අමිර්තලිංගම්ලා කළා. මේ ලෝකේ කිසිම රටක නීතියට එරෙහිව ආවුද අරගත්තු කිසිම ත්‍රස්තවාදියකු සමරන්න බැහැ. මේ රට පුංචි නිසා බටහිර අධිරාජ්‍යවාදී රටවල් මේ රටේ ත්‍රස්තවාදය නඩත්තුකරපු නිසා මේරට යටත්කරගන්න කරණ උත්සාහයන් තමයි මේ අසරණ මිනිස්සු හරහා එලියට දමන්නේ. ඒවා යථාර්තවාදී නොවේ. දැන් ලෝක තත්වය වෙනස්වෙලා තියෙන්නේ. ඒ නිසා යුරෝපයේ ලණු නොකා නීති කඩල එහි ප්‍රථිපලයක් විධියට මැරුණු අය පිළිබඳව ඒ විධියටම හිතුවොත් අනාගතයේ සෞභාග්‍යමත් රටක හැමදෙනාටම සතුටින් සාමයෙන් ජීවත්වෙන්න පුළුවන්.

Main News