හමුදා සෙබලූන්ට කිලිනොච්චියේදී පහර දෙති.. තුවාල ලබා රෝහලේ…
August 25, 2017 at 5:30 pm | lanka C news
කිලිනොච්චිය උට්ට්රපුලම් ප්‍රදේශයේදී බහින්බස් වීමක් දුරදිග යාමක් හේතුවෙන් යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු අද(25) උදෑසන වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
කිලිනොච්චිය මුරුගණ්ඩි යුදහමුදා කඳවුරේ සහයක් සේවා වශයෙන් යුදහමුදාවට එක් වූ දමිළ සෙබලුන් දෙදෙනෙකු නිවාඩු ලබා නිවසට යාමෙන් පසුව ඊයේ (24) රාත්‍රියේ උට්ට්රපුලම් ප්‍රදේශයෙ වෙළඳසැලක් ආසන්නයේ තවත් තරුණයින් පිරිසක් සමග බහින් බස් වීමක් සිදුව ඇත.
පසුව බහින්බස් වීම දුර දිග යාමෙන් එම් ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් විසින් අදාල දමිළ යුද හමුදා සෙබලුන් දෙදෙනාට පහර දී ඇති අතර එම පහර දීමේදී තියුණු ආයුධයකින්ද පහර දීම නිසා සෙබලුන් දෙදෙනා කැපුම් තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇත.
අනතුරුව අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළ කිලිනොච්චිය පොලීසිය විසින් පහරදීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල පහර දීම දෙපිරිස අතර වූ පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බවට අනාවරණය වී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඔවු ඔවු ඔවු මේ ! පුද්ගලික ආරවුලක් හොඳේ ! යාපනේ කොහෙද කොටි. මේ සෙනග අවුස්සන්න බොරු කියන්න එපා හොඳේ . සංහිඳියා වට කෙලවෙයි. මොකා කැපුවත් මැරුවත් ඒ මන්තරේම කියමු. අනේද කියන්නේ !
What a shame. See the topic is completely misleading.
වහාම ඔය ඊනියා ආන්ඩුව පන්නා දමනු. ජනාදිපති පන්නනු.
සිරිසේනගේ දෙමල සහජීවනය හමුදාවේ සෙබළුන් කපා කොටා දැමීමද ? ලැජ්ජයි සිරිසේන ලැජ්ජයි
කොටිකලා මේ ගැන මොකද කියන්නේ ?
ලෝක යුද්දය මිත්‍ර ජාතීන් දිනපු වෙලාව සර්. විල්සන් චර්ච්හිල් කියල තියෙනව “ජයග්‍රහණය සදාකාලික නැත. පරාජය හිතන තරම් කුරීරු නැත” කියල. ඒකෙන් අදහස් වෙන්නෙ, පරාජිතයා කෙසේ හෝ නැවතත් නැඟී හිටින්න උත්සාහ කරයි කියල. ඒ න්‍යාය දන්න නිසා තමයි, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා උතුරු නැගෙනහිර ආරක්ෂාව ලිහිල් කළේ නැත්තෙ. මේ කාලකන්නි ඇවිත් හමුදා කඳවුරු ඉවත් කළා. දැන් ටික ටික ත්රස්තවාදීන් ඔලුව උස්සනව. දෙමල ජාතික හමුදා නිලධාරීන්ට, ඒ වගේම දෙමල පොලිස් නිලධාරීන්ට ඔවුන් පහර දෙන්නෙ හමුදාවෙන්, පොලීසියෙන් අයින් වෙන්න කියන පණිවිඩයයි. මේ ආකාරයෙන්ම 1980 ගනන් වල මුල් කාලයෙත් සිද්ධ උනා. යුද්ධයෙන් බැට කාපු සිංහල, දෙමළ, මුස්ලිම් අයට මේව අමතක නැහැ.