හමුදා සෙබලෙක් වෛද්‍ය සිසුවියකගේ ගෙල කපා ඝාතනය කරයි.. පැන යද්දි අල්ලා බාර දෙයි..

January 23, 2020 at 6:33 am | lanka C news
හමුදා සෙබලෙක් වෛද්‍ය සිසුවියකගේ ගෙල කපා ඝාතනය කරයි.. පැන යද්දි අල්ලා බාර දෙයි..

යාපනය පන්නෙයි කොටුව අසලදී 22 දහවල් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියකගේ ගෙල කපා ඝාතනය කොට පලා යමින් සිටි සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත.

යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ බේරුවල ප්‍රදේශයේ පදිංචි රෝෂිණි කාංචනා නැමති 29 හැවිරිදි සිසුවියක් මෙසේ ඝාතනයට ලක් වී ඇත.

අදාල සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් මත සැකකරු හමුවීමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත් එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් සැකකරු අතෙහි තිබූ තියුණු ආයුධයකින් වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කොට අසල මුහුදු රැල්ල මතට දමා පලා යාමට උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් ඝාතකයා පසුපස ලුහුබැඳ ගොස් අල්ලා සැකකරු පොලීසියට භාර දුන් බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා සිටියහ.

අදාල ඝාතනය වෛද්‍ය සිසුවියගේ හා සැකකරු අතර වූ ප්‍රේම සම්බන්ධතාවය ආරවුලක් දක්වා දුර දිග යාමෙන් සිදුවී ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය සැක පල කර සිටියි.

මේ අතර ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාරදුන් සැකකරු යුද හමුදා සෙබලෙකු බවටත් ඔහු පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බවටද පොලීසියට අනාවරනය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන යාපනය පොලීසිය වෙතට රැගෙන විත් ප්‍රශ්න කිරීම් සිදු කරන අතර අදාල ඝාතනය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

47,821 Viewers

9 Comments to “හමුදා සෙබලෙක් වෛද්‍ය සිසුවියකගේ ගෙල කපා ඝාතනය කරයි.. පැන යද්දි අල්ලා බාර දෙයි..”

  1. Shameera Mahawattage says:

    How many war crimes there had been? How TNA would have reacted if she had been a Tamil Girl. First of all we should think we as humans and forget our ethnicity forever. Demilitarization is necessary.

    • Jeewanee Kariyawasam , chilaw says:

      ran wiruwone ,, mokuth kiyanna bah ithin sir innawane ..

      • මදු says:

        රණවිරුවො විතරක් නෙමෙයි හැම රැකියාවකම බලු වැඩ කරන බල්ලො ඉන්නවා එක මතක තියා ගත්තොත් හොදයි

  2. harry potter says:

    Hamudaa gaaya

    • මදු says:

      පොටර් හමුදාවට ගාය නැ බලු වැඩ කරන එකා මොකෙ හිටියත් එක කරනව⁣ා

  3. KP says:

    කෙනෙක්” කියලා…. මට ලැජ්ජයි මං ගැනම. අපේ හිත් වලට මුං මොනවද මේ කරලා තියෙන්නේ? සිංහලයාට ගිය කල!

  4. disce amta diskedi says:

    පාඩම් කරල විභාග පාස් උනා මොලේ නෑ.
    තමන් ‘වෙන්න දොස්තර’ නම් දැනගන්න ඕන ඔය මට්ටමේ සබදකම් ඇති කර ගන්න විට අවසානය ඕක බව​.

    කවුරු මොනවා කිව්ව දොස්තර නෝන තමන්ට ගැලපෙන නිල-යක් අල්ලන්න ඕන​.

    Caritid වෙනුවට Femoral ඇල්ලුවම ලෙඩා කෙසේ වෙතත් දොස්තර අමාරුවෙ.

  5. abu Bakar says:

    It is same as Mirusuwil massacre. RANAWIRUWAN rekagamu .

  6. Sun says:

    We don’t know much about the background of the case to analyse properly. But one thing is clear the couple did not have a good understanding about the love. That is the main reason for such sudden decisions and they do not have wisdom to solve minor problems . When they live away from their parents there is no one to talk and solve the issues. Anyway, it is good know the background of such issues to understand reality of the problem.

Main News