හමුදා සෙබළුන් හතලිස්හත්දාහක් අත්අඩංගුවට ගන්න සූදානම්..

December 26, 2016 at 5:30 pm | lanka C news
හමුදා සෙබළුන් හතලිස්හත්දාහක් අත්අඩංගුවට ගන්න සූදානම්..

මෙම 31 වැනි දායින් අවසන් වන පොදු සමා කාලය තුලදී බාර නොවන හමුදා සාමාජිකයන් හතළිස් හත් දහසක් පමණ වන පිරිසක් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙයි.

හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න පවසන්නේ පොලීසිය හා ඒකාබද්ධව මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අරඹන බවයි.

දෙසැම්බර් 01 වැනිදා සිට 31 වැනිදා දක්වා රජය විසින් පොදු සමා කාලයක් ලෙස ලබා දී තිබින.

83 views

11 Comments to “හමුදා සෙබළුන් හතලිස්හත්දාහක් අත්අඩංගුවට ගන්න සූදානම්..”

  1. lion says:

    ඉන්දියාවට පැන ගිය කොටි කල්ලි ගැන කතාවක් නැහැ

  2. දුගී_පුරවැසියා says:

    අනේ අපේ දේශපාලුවො මේකට ඇතුලත් කරන්න බැරිද?

  3. nilu says:

    Yako panala giyapu sebalu allana eke waraddha mokakda?

  4. ගිරවා says:

    හමුදා සාමාජිකයන් හතළිස් හත් දහසක් සිංහලයෝ නිසාද ? මිනීමරු කොටි ත්‍රස්තවාදී නිදැල්ලේ…උතුරේ සහ ලෝකයේ සැමතැනම ඇයි ඔවුන් අත්අඩංගුවට නොගන්නේ ?දෙමල වීම විශේෂත්වයක්ද ?
    සිරාගේ සමාව නිදහස කොටිය න්ට
    හමුදාවේ දැන් ලොක්කෝ පටිවලට
    පොලිස් පාට් සිංහල පොඩි මිනිසුන්ට
    සෙනසුරාගේ අපලේ මදි තොපිට

  5. Champa says:

    47,000ක් arrest කරන්න යනවා? මේක දැක්කම එකපාරටම ආවේ කේන්තියක්. මට ලියන්න හිතුනේ “ඇයි යකුනේ තොපි මිනී කාක්කෝ වගේ රණවිරුවෝ පස්සෙම පන්නන්නේ” කියලා.

    ඒත් ඊට පස්සේ මට කණගාටු හිතුනා. හමුදාවේ නීතියක් තියෙනවා. ඒ වුනත් මේ තරම් ප්‍රමාණයක් හමුදාව අතහැරලා යන්න සිදුවුනු හේතු ගැන මීට වඩා මානුෂිකව හොයලා බැලුවා නම් හොඳයි නේද? මේ තරම් සංඛ්‍යාවක් හමුදාව අත ඇරලා ගියේ යුද්ධෙන් පස්සෙද? මොකක්ද මේ කාල පරාසය? අපේ හමුදාවේ වැඩි දෙනා මොන විදියකින් හරි යුද්ධෙට සම්බන්ධ වුනු රණවිරුවන්. රට වෙනුවෙන් ඔවුන් කල සේවය සලකලා, නීති පොතටම සීමා වෙන්නේ නැතුව, මානුෂිකව මේ දිහා බලන්න බැරිද? මේ රණවිරුවන්ව arrest කරන්නම ඕනෙද? Do you really have to punish them?

    කතාවක් තියෙනවනේ “Desertion is not reprehensible, war is” කියල.

    යුද්ධෙකදී හමුදාව අතාරලා ගියත් general amnesty එකක් තියෙනකොට සාමකාමී වාතාවරනයකදී ඇයි ආපහු එන්නේ නැත්තේ?

    කොයි තරම් හේතු තියෙන්න පුලුවන්ද?

    1. ආණ්ඩුව ඇති කරපු යුධ අධිකරණ භීතිය
    2. ඊළඟට OMP පනත ආව නිසා යුද්ධ කිරීම නිසා තමන් වැරදි කරුවන් වෙන්න පුළුවන් කියන හැඟීම
    3. යුද්ධෙට ගිය රණවිරුවන් පහුගිය කාලේ මිනීමරුවන් විදියට ආණ්ඩුව හංවඩු ගැහුවා. යුද්ධය වෙනුවෙන් අනන්ත කැප කිරීම් කරපු රණවිරුවෙකුට මේවා ඇහුනහම මොන තරම ආවේගයක්, එහෙම නැත්නම් වේදනාවක් ඇති වෙන්න පුලුවන්ද? ඉතින් ආපහු එයිද?
    4. Post Traumatic Stress Disorder නිසා. යුද්ධෙකදී සොල්දාදුවෙක් හැසිරෙන්නේ paranoid විදියට. කාලයක් මේ විදියට ඉඳලා, පස්සේ සාමාන්‍ය සමාජයට ආවට හැසිරීම් පරණ විදියට වෙන්න පුළුවන්. තව සමහරු හිස හැරුණු අතේ යන්න පුළුවන්.
    5. තව කෙනෙකුට යුද්ධෙන් පස්සේ ඇතිවෙන කල කිරීම නිසා ආපහු නොගිහින් ඉන්න පුළුවන්. තමන්ගේ ආගම මොන ආගම වුනත්, හිතට වද දෙන්න පුළුවන්. ඒ නිසා නැවත හමුදාවට නොයා යුතුයි කියලා හිතන්න පුළුවන්.
    5. පවුලේ සාමාජිකයන්ගෙන් බලපෑම් එන්න පුළුවන් ආපහු යුද්ධ කරන්න හමුදාවට යන්න එපා කියලා.

    ත්‍රිවිධ හමුදාව හැර ගිය රණවිරුවන් ආපහු ගෙන්වා ගන්න නම් ආණ්ඩුව විශ්වාසය ඇතිවෙන විදියට වැඩ කරන්න ඕනේ ඉස්සෙල්ල. හමුදාව අත ඇරලා ගියපු හේතු ගැන මානුෂිකව හොයා බැලුවා නම් නේද හොඳ, මේ රණවිරුවන්ව වැරදි කාරයෝ වගේ අත්අඩංගුවට ගන්නේ නැතුව?

    අනිත් එක සාමාන්‍ය විදියට මාසයක Amnesty දුන්නට, මේ රණවිරුවන් රට කරපු සේවය සලකලා, ඔවුන්ගේ මානසිකත්වය ගැන හිතලා, අඩු ගානේ මාස 4ක් වගේ කාලයක් දෙන්න බැරිද? අඩු ගානේ ඒ මිනිස්සුන්ට හිතන්නවත් කාලයක් දෙන්න බැරි තරම් මොකක්ද තියෙන හදිස්සිය? මොකෝ උඹලා යුද්ධෙකට යන්නද?

    • mr.k says:

      Podu sama kalaya warshayakata dewarak ho thun warak SLARMY eken laba denawa,,podu sama kalaya thuladi newatha barawana soldaduwan hata newatha hamuda sewaye redenna awasathawa laba dena athara,sewayen nithyanu kulawa iwath vimatada hekiyawa thibenawa.ma newathath kiwa yuthui “wasarakata dewarak ho thun warak podu sama kala laba denawa”

  6. Brahmana says:

    Stupid comment by champa .
    There are people who think I’m the person & I know everything . But when they open their mouth ,others understand tbat they know nothing .

    • Champa says:

      Brahmana

      Oh, please, educate me! Why don’t you elaborate your point? Your comment should be supported by an argument. There is no substance in your comment. Empty mind, empty comment.

      Please, go ahead and prove me “I am not the person. I know nothing”. See… I closed my mouth to let you open yours.

  7. roshan says:

    The biggest question I have – where are you going to jail them? 47000 soldiers is a big number!!!!

    • singha01 says:

      Do you think whoever thought of doing this thinks that far? When 47000 people are jailed who is going to pay for them to be fed and kept. Who is going to pay for the cost of the process of punishing them ? What happens to their families. Whoever thought of this should get his head examined. Twice ! Well, then, we should not be surprised. Yahapaalanaya has plenty of, even better examples of lunacy !