හයවසරට ළමයි ගන්න කැලණිය ගුරුකුලයේ විදුහල්පතිට අල්ලස් චෝදනා

January 20, 2017 at 12:40 pm | lanka C news
හයවසරට ළමයි ගන්න කැලණිය ගුරුකුලයේ විදුහල්පතිට අල්ලස් චෝදනා

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල මත හය ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීමේදී කැලණිය ගුරුකුල විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් අල්ලස් ලබාගන්නා බවට චෝදනා එල්ල වෙයි.

පහසුකම් සහ පාසල් සංවර්ධන ගාස්තු අයකිරීමෙන් පසුව දරුවා පාසලට ඇතුලත් කරගන්නා නමුත් පාසල් සංවර්ධන සමිතිය විසින් මුද්‍රණය කර ඇතිබව කියන ටිකට් පොත් මිලදී ගන්නා තුරු දරුවාව අදාළ පන්තිය වෙත යොමු නොකරන බව වාර්තා වේ.

රුපියල් 20,000 සිට 50,000 සහ 100,000 දක්වා වූ ප්‍රමාණයක ටිකට් මිලදී ගත යුතු බවට පාසලේ කාර්‍යමණ්ඩල සාමාජිකාවක් හරහා දෙමව්පියන්ට බල කරන බව වාර්තා වී ඇත.

මෙම තත්වය පිළිබඳ පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දැනුවත් කිරීමට ප්‍රථමයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැනුවත් කිරීමට දෙමව්පියන් සූදානම් වන අතර ඔහු මෙම ගැටලුවට කඩිනම් විසදුම් ලබාදෙමින් මෙම විදුහල්පතිවරයා ඉවත්කර නව විදුහල්පතිවරයෙක් ලබාදෙනු ඇති බවට සහ සිය දරුවන්ට සාධාරණයක් ඉටුකරනු ඇති බවට දෙමව්පියන් විශ්වාසය පළ කරති.

– හේමන්ත

0 views
Main News