‘හයිබි‍්‍රඩ් සුද්දා’ පොලිස් අත්අඩංගුවේ..

October 19, 2018 at 5:30 pm | lanka C news
‘හයිබි‍්‍රඩ් සුද්දා’ පොලිස් අත්අඩංගුවේ..

‘හයිබි‍්‍රඩ් සුද්දා’ නමින් හැඳින්වෙන පුද්ගලයකු කෝටි එකහමාරකට ආසන්න වටිනාකමක් හෙරොයින් තොගයක් සමගින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ දී ය.

මොහු සතුව තිබී හෙරොයින් කිලෝ එකයි ග‍්‍රෑම් 100ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර නවීන පන්නයේ මෝටර් රථ දෙකක් සහ රුපියල් 750,000 පමණ මුදල් තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයා දැනට මරණ දණ්ඩනය නියම කර බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද ගේ සමීපතමයෙකු බවද කියවේ.

64 views
Main News