හයිලන්ඩ් මිල වැඩි නොකර පැරණි මිලටම විකුණයි.. කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්…

October 13, 2021 at 12:40 pm | lanka C news
හයිලන්ඩ් මිල වැඩි නොකර පැරණි මිලටම විකුණයි.. කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්…

නුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ පිහිටි දේශිය කිරිපිටි කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට් මිල වැඩි නොකර රු 380 වැනි මිලකට පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි.

ආනයනය කරනු ලබන කිරිපිටි මිල වැඩි කිරිම සදහා රජය මගින් අවසර ලබා දි තිබුණද තවමත් වෙලදපොලට කිරිපිටි තොග නොලැබිම නිසා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

නුවරඑලිය නගරයේ පිහිටි රාජ්‍ය ආයතනයක පහල මහලේ පවත්වාගෙන යන දේශිය කිරිපිටි කර්මාන්ත ශාලාවක අලෙවිසැලෙන් (13) දින කිරිපිටි මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණ සිටින අයුරු දක්නට ලැබින.

කිරිපිටි මිල දි ගැනිමට පැමිණෙන සැම පාරිභෝගිකයෙකුටම එක් කිරිපිටි පැකට්ටුව බැගින් ලබා දිමට එම කිරිපිටි අලෙවි වෙලදසැලේ කලමණාකාරිත්වය කටයුතු කර ඇත.

එම අලෙවිසැල මගින් දින තුනකට වතාවක් නුවරඑලිය ප්‍රදේශවාසින් සදහා කිරිපිටි පැකට් නිකුත් කරනු ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

31,175 views

3 Comments to “හයිලන්ඩ් මිල වැඩි නොකර පැරණි මිලටම විකුණයි.. කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්…”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    දින තුනකට සැරයක් පොලීමේ ඉදලා කිරිපිට ගන්න දුන්න ඒ ගැම්ම කොහොමද ?

  2. අපේ රට says:

    මෙය ගැන වැරදි විදියට නොබලමු කලයුත්තෙ මිල ඉහල නොදමා නිෂ්පාදනය වැඩිකිරිමයි.නමුත්.ගසා කැම නවතමු.

  3. David Milli-banda says:

    Very good. Go for local Dairy. This is the best think that cound have happened.
    its healthy.
    GOSL must support local Dairy companies to expand.

Leave a Comment

Main News