හරක් හොරකමකට මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට…

September 22, 2022 at 12:40 pm | lanka C news
හරක් හොරකමකට මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට…

පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ගවයන් සොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

නිවෙස් අසල ගාල් කර සිටි ගවයන් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇති බවට කාන්තාවන් දෙදෙනෙකු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ගවයන් ප්‍රවාහනය යොදාගත් වෑන් රථයක් හා ලොරියක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර නාගරික මන්ත්‍රීවරයා පුත්තලම නගරයේ ගවමස් කඩයක් පවත්වාගෙන යන අයෙකු යයිද පොලිසිය කියයි.

16,500 views

5 Comments to “හරක් හොරකමකට මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට…”

  1. සහොදරය says:

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියන විදියට රටේම ආදායම බදු නොගෙවා ආදයම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ට අල්ලස් දීල කෝටි ගනන් බදු නොගෙවා ඉන්න වා.

    බලන් ගියා ම රජයෙ සේවකයන් ගෙන් හොඳ ටම කරල තියෙන්නෙ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කට්ටිය නේ😂😂😂

  2. හරක් හොරා, මන්ත්‍රී කකමෙන් දැනේ says:

    හරකෙක්, හරක් හොරකමේ ගිහින් ලූ. අනේකාලේ, වනේ වාසේ!

  3. MD says:

    ඕක ඉතින් ඵයාල වර්ගයේ කට්ටිය අතර වුන හොරකමක්නේ?

  4. Aniwa says:

    Isn’t that Badurdeen?

Leave a Comment