හර්තාල් අස්සේ ජංගම දුරකථන වෙලදසැලක් කොල්ලකයි.. (CCTV)

February 7, 2021 at 2:25 am | lanka C news
හර්තාල් අස්සේ ජංගම දුරකථන වෙලදසැලක් කොල්ලකයි.. (CCTV)

හැටන් නගරයේ සිටිප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි ජංගම දුරකථන අලෙවිසැලක (06) දින අලුයම ඇතුලු වු දෙදෙනෙකු එම වෙලදසැල කඩා වෙලදසැලේ තිබි රු ලක්ෂ ගණනක් වටිනා ජංගම දුරකථන සොරාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු දහස දක්වා වැඩි කරන ලෙස බල කරමින් (05) දින වතු කම්කරුවන් පැවැත් වු හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දැක්විම පිණිස හැටන් නගරයේ වෙලදසැල් (05) දින සම්පුර්ණයෙන්ම වසා දමා තිබුණි.

(06) දින අලුයම සිටිප්ලාසා ගොඩනැගිල්ලට පිවිසි දෙදෙනෙකු වෙලදසැල කඩා දුරකථන රැගෙන යාමට උත්සහ කල අවස්තාවේ හැටන් දික්ඔය නගර සභාවේ ආරක්ෂක අංශ නිලධාරියෙකු එම ගොඩනැගිල්ල සහ වෙලදසැල් පරික්ෂා කිරිමට පැමිණෙන අවස්තාවේ සැකකරුවන් දෙදෙනා පලා ගිය බවයි එම ආරක්ෂක අංශ නිලධාරියා කියා සිටියේ.

ජංගම දුරකථන වෙලදසැලේ මිලෙන් අධික වැඩි ඉල්ලුමක් ඇති දුරකථන පමණක් සොරාගෙන ගොස් ඇති බවත්, සොරකම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් විමර්ෂණ ආරම්භ කර ඇත.

සැකකරුවන් දෙදෙනා සිටිප්ලාසා ගොඩනැගිල්ලට ඇතුල්වන ආකාරය සිටිප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි නිමි ඇදුම් වෙලදසැලක ආරක්ෂත කැමරාවේ සටහන් වි තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

8,828 views
Main News