හර්ෂද සිල්වාත් තනතුරක් ගනී.. මුදල් වගකීම ඔහුටයි..
May 17, 2022 at 12:02 am | lanka C news
සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.
මේ බව පවසමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට මා මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම්.
මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගෙන්නේ නැත. එයට හේතුව ජනතා මතයට හිස නමා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්වීම සඳහා කාලවකවානුවක් ලබා නොදීමයි. ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතුවී ජනතා අරගලයට එරෙහිවීමට මා කටයුතු නොකරමි.
කෙසේවෙතත්, පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට මා වැදගත් ඉදිරි පියවරක් තබන්නෙම්. ඒ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධූරය ලබාගැනීමට මා බලාපොරොත්තු වීමයි. ඒ සඳහා සමගි ජන බලවේගය මාගේ නම යෝජනා කරනු ඇති අතර ඒ සඳහා සහයෝගය හිමිවනු ඇතැයි අපි විශ්වාස කරමු.
මා මෙහිදී බලාපොරොත්තු වන්නේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයට පත්වූ පසුව එහි සර්ව පාක්ෂික කමිටුවක් මගින් ආර්ථික පුනර්ජීවන සැලසුමක් සකස් කිරීමට නායකත්වය ලබාදීමටයි. පසුව එම සැලසුම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන එය ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදීමට මා අදහස් කරමි. මේ අවස්ථාවේ ජනතා මතය වන්නේ සර්ව පාක්ෂික මැදිහත්වීමක් මගින් මේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වන අතර මුදල් කාරක සභාවේ සභාපති ධූරය තුළින් ඒ ජනතා අපේක්ෂාව ඉටුකළ හැකියැයි මා විශ්වාස කරමි.
මුදල් පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට හිමිවන අතර මුදල් කාරක සභාවේ අනුමැතියකින් තොරතුරුව පාර්ලිමේන්තුව තුළ කිසිම මුදල් පනතක් සම්මත කළ නොහැකිය. ඒ තරමටම මෙම කාරක සභාව බලවත්ය. ජනතා මතය සුරකිමින් මේ ආකාරයෙන් රටට මේ අවස්ථාවේ මාගේ සේවය ලබාදීමට මා අදිටන් කරගෙන සිටිමි.
ගොඩක් හොඳයි. සියලු දෙනා එකමුතුව මේ ගමන යමු. මේ වෑටිලා ඉන්න අගාධෙන් ගොඩ එන්න උත්සාහ කරමු.
රටේ දැවෙන පුශ්නයකට විසදුම් සොයන්න ට අවංක උත්සහයක් දරන පුතිපත්ති ගරුක සැබෑ බුද්ධිමතෙකු ලෙස කටයුතු කරන තාක් ඔබට අපේ සහයෝගය හා පිලිගැනීම. සමග සුබපැතුම්.
බලන් හිටපන් බුරුවගේ සිංහ හැම හෙලේන කාලයක්. ගොටගේ හැලුන… ඊළඟට මුගේ. පල මෝඩයෙක්. හොර ආචාර්ය උපාධිය තිබ්බට මොප්ලේ නේ. ඒ ලෙවල් රාජකීය විද්‍යාලයේ දෙවැනි පාරත් වේද සේකැයි. ඒ කියන්නේ එස් දෙකයි ෆේල් දෙකයි.
This guy who was with the ‘Jadapalana’ Government bragged before 2015 election that they know how to fix the economy, bring foreign investors, make SOEs profitable by introducing a system from Singapore but he did not do any of those things.
Instead, he watched how Ranil was ruining the economy deliberately, borrowing heavily at high interest rates using ISBs, co-sponsoring the UNHRC Resolution admitting that the SL Armed Forces committed war crimes and crimes against humanity, signed SOFA and ACSA with USA and put a foot note to save ‘Maha Benku Hora’.
ඉතිංබං ආසයිබයයි කුමාරට කියහංකෝ වැඩිඩෙක් දාන්ඩ කියලා. මෝඩමුුසලයෝ විසිල් විතරයි නෝ බල්ටි. හැමවෙලේම කාගේ හරි වැරැද්දක් හොයනවා මිසක් රටගිනිතියන වැඩෙි ඇරැනාම වෙන කරන්ඩ දෙයක් දන්නේ නෑ,…
My salut for your endeavors, hoping all would help to use your knowledge to over come the burning crises.
මූ දැන් පොර ටොල්ක් දුන්නට මිනිහගෙ ආර්ථික නියාය වැඩ කරපු හරි පහුගිය ආන්ඩුව කාලෙ දැක්කෙ නැද්ද?? තව කලත් රටට සෙතක් වෙයි කියල හිතන්න බැහ.. යකෝ මේ රටෙ වෙන සුදුස්සෝ නැතිද පාර්ලිමේන්තුවෙ ඉන්නෙ එක බහිරවයෙක් අස්වෙල ජාතික ලැයිස්තුවෙන් හොද කෙනෙක් ගන්නවකො. නව චින්තනය ක් තියෙන එකෙක්..අම්මප මේ රටෙ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු
හරියට හරි… මේ මෝඩ ගොනාගැන රනිල් දන්නවා. ඒකාලේ අහවල් මඟුලක් කරාද. ආවේ ගනිකාවෝ කැසිනෝ නවත්තනවා කියලා… ඇවිල්ලා උන්ගෙන් කප්පම් අරන් කටයි පුකයි වහගෙන හොරා කෑවා. නැද්ද හොඳයි
මෙයා තනතුර ගන්න සූදානම් කිව්වට රනිල් දුන්නෙ නැත්නම් මක් කොරන්ඩද . 😅
Great Harsha . We will rescue our mother land before party politics.
Yes. without party politics all must get together and rise the Sri Lankan economy