හරින් ප‍්‍රනාන්දු ත‍්‍රස්ත විරෝධී පනතින් අත්අඩංගුවට ගෙන වසර එකහමාරක් රදවාගෙන ප‍්‍රශ්න කරන්න සූදානමක්..

April 26, 2021 at 10:40 am | lanka C news
හරින් ප‍්‍රනාන්දු ත‍්‍රස්ත විරෝධී පනතින් අත්අඩංගුවට ගෙන වසර එකහමාරක් රදවාගෙන ප‍්‍රශ්න කරන්න සූදානමක්..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ සිදුකරන ලද ප්‍රකාශයක් මත ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන වසර එකහමාරක් දක්වා රැඳවුම් නියෝග ලබා ගත හැකි බවත් ආණ්ඩුව සූදානම් වන්නේ ඒ සදහා බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එසේ ලබාගන්නා රැඳවුම් නියෝගයක් සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක ප්‍රශ්න කිරීමට හැකියාවක් පවා නොමැති බවද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ නවලෝක රෝහලේ නේවාසිකව සිටින හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් බැලීම සඳහා එහි ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

පාස්කු ප‍්‍රහාරය ගැන තමන් දන්නා තොරතුරු හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා පොලිසිය වෙත හෙලි නොකරන්නේ මන්දරයි ඇතැමුන් ප‍්‍රශ්න කලද අද ඔහු රෝහල්ගත සිටින්නේ මෙම තත්වය නිසා බවද මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.

44,272 views

31 Comments to “හරින් ප‍්‍රනාන්දු ත‍්‍රස්ත විරෝධී පනතින් අත්අඩංගුවට ගෙන වසර එකහමාරක් රදවාගෙන ප‍්‍රශ්න කරන්න සූදානමක්..”

  1. RED BULL says:

    අප්පච්චි මලා නයා මැරිච්ච පනික්කිය වගේනෙ දැන්.අහෝ හාමතේ වගෙයි,මූණ කටත් ඇදිල ගිහින්.පාස්කු හරියටම හරියන ඩයල් එකක් ඌත්…

Main News