හරියට බලය බෙදුවොත් රට බෙදන කතා උවමනා නෑ.. – සම්බන්ධන් කෙසෙල් ගෙඩිය ලෙලි පිටින් ඉල්ලයි..
October 4, 2016 at 1:20 pm | lanka C news
නිසි ආකාරයෙන් බලය බෙදා දෙන්නේ නම් රට බෙදීම ගැන අදහස් පල නොවනු ඇති බව දෙමළ ජාතික සන්ධාන නායක හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
ජනතා අපේක්ෂාව වන්නේ ශ්‍රි ලාංකිකයන් ලෙස සියලු දෙනා එකමුතුවල සහජීවනයෙන් ජීවත්වීම බවද ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේධී අද පැවති නව රාත්‍රි පූජාවෙන් පසු මාධ්‍ය අමතමිනි.
මීට පෙර එකාබද්ද විපක්ෂ මාධ්‍ය හමුවකදී අදහස් පල වූයේ ‘විග්නේෂ්වරන් ඉල්ලන්නේ කෙසෙල් ගෙඩිය සුද්ද කරලා. සම්බන්ධන් ඉල්ලන්නේ ලෙල්ල පිටින් අපි සුද්ද කර ගන්නම් කියා’කියාය.