හරි දේ කර හෙට ගෙදර යෑමට ජනපති සූදානම්..- ජනාධිපති ලේකම්

October 20, 2021 at 2:10 pm | lanka C news
හරි දේ කර හෙට ගෙදර යෑමට ජනපති සූදානම්..- ජනාධිපති ලේකම්

රටට, ජනතාවට වැරැදි දේ කර අවුරුදු පහක් බලයේ සිටිනවාට වඩා හරි දේ කර හෙට ගෙදර යෑම උසස් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවසීය.

ජයසුන්දර මහතා එසේ ප්‍රකාශ ‍කළේ ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කර්තෘවරුන් වෙනුවෙන් පැවති හමුවකදීය.

මේ හමුවේදී තවදුරටත් කථා කළ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා,

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වී ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු දෑ ක්‍රියාවේ යෙදවීමට තිබියදී පැමිණි කොවිඩ් 19 වසංගතය හමුවේ බොහෝ එල්ලයන්, ඉලක්කයන් වෙනස් වූ බව සඳහන් කළ ලේකම්වරයා ජනතාව වෙනුවෙන් කළ යුතු වූ හදිසි කාර්යභාරය වූයේ රටේ ජනතාව එන්නත්කරණයට ලක් කිරීමයි. එය හදිසි කාර්යභාරයක්. කොවිඩ් 19 මුල් රැල්ල අපිට අලුත් අත්දැකීම් එක් කළ අවස්ථාවක් වූ අතර, ඉන් පසුව පැමිණි 2 වැනි රැල්ල තුළ මේ රටේ ආර්ථිකය ඇතුළු සියලු අංශ බලවත් කඩා වැටීමකට ලක් වූ බව කීය. කොවිඩ් රැල්ල ශ්‍රී ලංකාව ගොදුරු කර ගැනීමටත් පෙර ‘කොවිඩ් කාර්ය සාධක බළකායක්’ පිහිටුවා එයට සූදානම් වූ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එයට සාර්ථකව මුහුණ දුන් අයුරින් අනතුරුව පැමිණි කොවිඩ් රැලිවලට මුහුණ දීමේදී විවිධ බාධක, දුෂ්කරතා අපමණවත් පැන නැඟුණ බවත්, රටේ ආර්ථිකයට වැදුණු මරු පහරත් සමඟ ඉදිරියට යෑමට අලුත් උපක්‍රම, ක්‍රමවේද සොයා ගත යුතු වූ බවද ලේකම්වරයා පැවසීය.

විවිධ අඩුපාඩු, විවිධ දුෂ්කරතා මැද වුවත් ජනතාව මේ වසංගතයෙන් බේරා ගැනීමට ආණ්ඩුවක් ලෙස ජනාධිපතිවරයා නිවැරැදි දැක්මක් අනුව කටයුතු කළ නිසා අද ලෝකයේ එන්නත්කරණයේ හොඳම රටවල් 10 අතරට ශ්‍රී ලංකාවට ඒමට හැකි වීම අප රටක් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් බව පී. බී. ජයසුන්දර මහතා පැවසීය. ඒ සඳහා ආණ්ඩුවක් ලෙස අප එන්නත්කරණයට ඩොලර් මිලියන 650කට වැඩි මුදලක් වැය කර ඇතැයි කීය. කොරෝනා වසංගතයෙන් වැටුණු රට ගොඩනැඟීමට අප අලුත් ක්‍රමවේද, උපක්‍රම සොයා ඒ ඔස්සේ රට ගමන් කර විය යුතු බවද, ඒ සඳහා කථාව අඩු කර ක්‍රියාවන් වැඩි කළ යුතු බව කී ලේකම්වරයා රටක මතයක් ප්‍රකාශ කළ යුත්තේ එක් නායකයෙක් පමණක් බවද සිහිපත් කළේය.

ලෝකයේ ඕනෑම රටක ආණ්ඩුවේ මතය එක මතයක් විය යුතු බව කී ලේකම්වරයා, එය ප්‍රකාශ කරන්නේ එක් පුද්ගලයකු පමණක් වුවද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකු කථා කරන නමුත් අඩුවෙන්ම කථා කරන්නේ ජනාධිපතිවරයා බව කී ඒ මහතා, ජනාධිපතිවරයා වැඩියෙන් කථා නොකළාට වැඩියෙන්ම වැඩ කරන බවද, එතුමා එතුමාගේ ඉලක්කයට අවශ්‍ය වෙලාවට ගමන් කරන බවද ලේකම්වරයා පැවසීය. සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ තුළ විශේෂයෙන් රටේ බලශක්ති ප්‍රභවයන් පුනර්ජනනීය බලශක්ති ඔස්සේ වැඩි කළ යුතු බව කී පී. බී. ජයසුන්දර මහතා එය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක නොකළොත් තෙල් මත යැපෙන රටක් ලෙස අපට තවදුරටත් ඉදිරියට ගමනක් යා හැකිද යන්න ප්‍රශ්න කළේය. ගෙන්වනු ලබන තෙල්වලින් 30%ක් විදුලිය නිපදවීමට වැය කිරීමත්, ඉතිරි 70% වාහන ධාවනයට යෙදවීමත් මත අපට හෙටක් ගැන සිතිය හැකිද යන්න ප්‍රශ්න කළේය. එම නිසා ඉතා ඉක්මනින් අප පුනර්ජනනීය බලශක්තිවලට යොමුවිය යුතු බවද, මුළු අවුරුද්දේ දින 365ම අව්ව වැටෙන රටක් ලෙස අප ඉක්මන් තීරණයක් ගත යුතු බව කීය. කාබනික පොහොර පිළිබඳ සභාවෙන් නැඟුණ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා, ශ්‍රී ලංකාව කාබනික පොහොරවලින් ස්වයංපෝෂිත රටක් කිරීම ජනාධිපතිවරයාගේ එකම අරමුණ බව කී අතර, ඒ යහපත් අරමුණ කරා යෑමේදී විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් කළේය.

මේ අවස්ථාවට රජයේ නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ මහතාද සහභාගි විය.

ගාමිණී ජයලත්
– dinamina

36,900 views

32 Comments to “හරි දේ කර හෙට ගෙදර යෑමට ජනපති සූදානම්..- ජනාධිපති ලේකම්”

  1. KARU says:

    පල පල යන්න නාකියා….තොලොංජි වෙලා පලයං නහින දෙහින කාලෙ මොලේ වැඩ කරන්නෙ නෑනේ …..
    කොයි කිංසිලි සහ ශුදේව ????
    බඩු බනිස් ද ගොං කපල් එකට ……

  2. iceberg slim says:

    හරි දේ කර හෙට ගෙදර යෑමට ජනපති සූදානම්.. – ජනාධිපති ලේකම්

    ඕක ඔහොම්ම තියලා අද ගෙදර යන්න බැරි වෙඉ ද … සර් ලා ට – මම

  3. PB. says:

    Daily he goes home from Presidential secretariat .Don’t worry Mr. Jayasundara Tomorrow also he will go home Nothing will happen to country

  4. Samantha says:

    Dear Jayasundara, I am struggling to understand the nonsense you are talking about, and you are talking like a little child in the kindergarten, the main thing you need to understand is, and we consider as general public, if someone is not doing anything right, and everything he/she does is not right, and totally wrong, and all allegations he/she does affect to the general public and their unborn children, therefore in the long run it is an economic for the nation, if that person can go at his/her earliest, otherwise that person will continue to ruin the total system, the island and it’s nations’ lives, by thinking that everything that he/she does is right, when the person doesn’t do anything right, as you and we all well understand, it is your duty to advise such a person to go home rather than ruining further, think about yourself, you have passed majority of your own life now, and you have another little time to spend in this world, therefore as an adult who have children and their children, this is the high time for you to go home as well, by giving right advice to other people to go their homes at their earliest, that will help you to have relaxing retirement with your loving children and grandchildren, and finally you will be able to have a peaceful death, if you do not take this decision immediately, you definitely die with nation’s hate and antagonism.

  5. Gamimi says:

    Bullshit!!!

  6. Kalu Albot says:

    Monawada karapu Hari Dewal? Palamuwenma karau Hari Nethi de thamayi, obawa kittu kara gath eka!!

  7. 69 MIN BAIYOO says:

    PLS GO HOME PB.
    YOU ARE A TOTAL FAILURE-PB

Main News