හරීන් කලකිරේ.. කපටියා ඇග බේරාගෙන හොද නම රැකගත් බව කියයි.. හරීන්ට පක්‍ෂයම විරුද්ද වේ..

June 23, 2020 at 10:00 am | lanka C news
හරීන් කලකිරේ.. කපටියා ඇග බේරාගෙන හොද නම රැකගත් බව කියයි.. හරීන්ට පක්‍ෂයම විරුද්ද වේ..

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සම්බන්ධයෙන් කරන ලද අපහාසාත්මක ප්‍රකාශයක ගැන හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව උපරිම විනය පියවර ගත යුතු බවට පක්‍ෂ නායකත්වයට යෝජනා කරමින් ඇති බව වාර්තා වෙයි.

එම පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් කිහිපදෙනෙකු දැනටමත් මාධ්‍ය වෙත මේ ගැන අදහස් පල කර ඇත.

හරීන් ප‍්‍රනාන්දු මහතා පලමු කොටම කතෝලික ජනතාගෙන්, සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගෙන් හා අගරදගුරුගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවද ඔවුන් සදහන් කරති.

මේ අතර හරින් ප්‍රනාන්දු මහතා තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ කපටියා ඇඟ බේරා ගෙන කතා කරමින් හොඳ නම රැක ගන්නා බවත් අවංකයා බොක්කෙන්ම කතාකර සියල්ල නැති කර ගන්නා බවත්ය.

හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් අගරදගුරු තුමන්ගෙන් සමාව අයැද සිටින බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ කියා සිටියේය.

380 views
Main News