හරීන් තීරණයක් ගන්න සූදානම්.. මීළග කෘත්‍යාධිකාරිය තීරණාත්මකයි..
May 6, 2017 at 11:20 am | lanka C news
එජාපයේ සහකාර නායක තනතුරක් ඇමැති සරත් ෆොන්සේකාට ලබා දෙන්නට ඇති සූදානම ගැන එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැඩි කැලඹීමක් ඇතිව තිබේ.
මේ තිරණය ගැන විජයදාස රාජපක්ෂ හා හරීන් ප්‍රනාන්දු යන ඇමතිවරුන් ප්‍රසිද්ධියේම විරෝධය පළ කර ඇති අතර සදුදා (08) දිනයේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වීම නවතා මුතියංගණයේ පින්කමකට සහභාගී වීමට ඇමති හරීන් ප්‍රනාන්දු දැනටමත් තීරණය කර ඇත.
එසේම සිකුරාදා (05) අගමැතිවරයා නිතර වූ වැලිමඩ සංචාරයටද ඇමති හරීන් ප්‍රනාන්දු එක් නොවූ අතර මැයි රැලියේ දී කතා පැවැත්වීම ද ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
දැනටමත් ඇමතිවරයා බදුල්ලේ සිය ආධාකරුවන්ට පවසා ඇත්තේ තීරණාත්මක තීන්දුවක් ගැනීමට තමන් සූදාමින් සිටින බවයි.