හරීන් ප‍්‍රනාන්දු ඇමති ධුරයෙන් ඉවතට.. ටෙලිකොම් ලොක්කාත් ඉල්ලා අස්වෙයි..

December 14, 2017 at 2:10 pm | lanka C news
හරීන් ප‍්‍රනාන්දු ඇමති ධුරයෙන් ඉවතට.. ටෙලිකොම් ලොක්කාත් ඉල්ලා අස්වෙයි..

ඉදිරි කාල සීමාවේදී තමනට ජනතාවට වැඩක් කළ හැකි අමාත්‍යාංශයක් ලැබෙන නිසා තම පාක්‍ෂිකයන් කලබල විය යුතු නැතැයි හරීන් ප්‍රනාන්දු විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා සදහන් කරයි.

පළාත් පාලන මැතිවණයේ බදුල්ල මහනගර සභාව, බදුල්ල ප්‍රාදේශීය සභාව, ලුණුගල ප්‍රාදේශීය සභාව සදහා එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් නාමයෝජනා බාරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

මේ අතර මාධ්‍ය වාර්තා පලවන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම්හි ප්‍රධාන විධායක නිලධාරීවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

මීට හේතුව යයි සදහන් වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම්හි මෙම වසරේ ලාබ අඩු වීම ගැන එහි ඉහල බලධරයෙක් සමග සිදුව ඇති වචන හුවමාරුවකි.

224 views

3 Comments to “හරීන් ප‍්‍රනාන්දු ඇමති ධුරයෙන් ඉවතට.. ටෙලිකොම් ලොක්කාත් ඉල්ලා අස්වෙයි..”

  1. බලපිටිය says:

    මට අයියාගේ බලේ තියෙනවා! ඕන එකෙක් එලවන්න පුළුවන්!

    මීට පොඩි සිරා

  2. SUNIMAL says:

    පුලුවන්නම් ගමට යන්න පරන කොසු බලාගන ඉන්නවා

Main News