හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රසිද්ධියේ ජාතියෙන්ම සමාව ගනු.. දුරකතනය පොලොවේ ගසමින් කාවින්දත් විරෝදයේ..

June 22, 2020 at 10:32 pm | lanka C news
හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රසිද්ධියේ ජාතියෙන්ම සමාව ගනු.. දුරකතනය පොලොවේ ගසමින් කාවින්දත් විරෝදයේ..

හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් අගරදගුරු තුමන් සම්බන්ධයෙන් කල ප්‍රකාශය සමස්ත කතෝලිකයන්ට සිදු කරන ලද බලවත් නිග්‍රහයක් ලෙස දකින බව සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

එනිසා හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමිපාණන්ගෙන් සහ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු යයිද ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහදී මාධ්‍යවේදීන් සමග අදහස් පල කරමිනි.

හරීන් ප්‍රනාන්දු මහතා සහ කාවින්ද ජයවර්ධන මහතා අතර ආසන්න කාලයේ දී අසභ්‍ය වීඩියෝ පටයක් සම්බන්ධයෙන් යම් මත ගැටුමක් සිදු වූ අතර ඔවුන් දෙදෙනාගෙන්ම පොලිසිය විසින් ප්‍රකාශයන්ද ලබාගෙන තිබේ.

438 views
Main News