හරීන්-මනුෂ අගමැතිට සහාය දෙන්න එක්වෙයි..

May 18, 2022 at 12:00 pm | lanka C news
හරීන්-මනුෂ අගමැතිට සහාය දෙන්න එක්වෙයි..

මෙරට ඇති වී තිබෙන අර්බුදය විසඳීමට මැදිහත් වන ඕනෑම නායකයෙකුට කොන්දේසි විරහිත සහාය ලබාදීමට සූදානම් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන් සඳහන් කරති.

ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

කෙසේ වෙතත් රජයකට සහාය දෙන්නේද යන්න කොන්දේසි හතක් මත තම දක්වන ප‍්‍රතිචාර මත එම ලිපියෙන් දන්වා දන්වා තිබේ.

  1. ‘ගෝඨා ගෝ හෝම්’ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් යථාර්ථයක් බවට පත්කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම
  2. ගාලු මුවදොර අරගලකරුවන්ට පහර දුන් දේශපාලකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම
  3. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී කාරණා කඩිනම් කිරීම
  4. පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් කිරීම හා විදේශිකයන්ට සාධාරණය ඉටු කිරීම
  5. මූල්‍ය වංචාවන්ට සම්බන්ධ රාජපක්ෂවරුන් ඇතුළු සියලුම පුද්ගලයන්ගෙන් එම මුදල් අයකර ගැනීම
  6. රටේ සියලුම ක්ෂේත්‍ර වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම
  7. රන්ජන් රාමනායක නිදහස් කරගැනීම හා සියලු ආකාරයෙන් අසාධාරණයන්ට ලක්වූ අය පිලිබදව පියවර ගැනීම
67,355 views

14 Comments to “හරීන්-මනුෂ අගමැතිට සහාය දෙන්න එක්වෙයි..”

  1. Asoka says:

    කොන්දේසි දිනාගන්න නෙමෙයි.මේ අවස්ථාවේදී කොන්දේසි විරහිතව මහඡනතාවට ගොඩට එන්න අත දෙන්න.

  2. john the Baptice says:

    රයිගමයයි ගම්පලයයි ලැජ්ජයි.

Main News