හල්ලොලුවගේ ඉල්ලා අස්වීම බේගලයක්.. අස්වෙන්න පෙර දුමින්ද විසින් පන්නා දමලා.. මෙන්න ලිපිය..
September 27, 2017 at 3:43 am | lanka C news
ඇමති දුමින්ද දිසානායකට බොහෝ චෝදනා ප්‍රමාණයක් එල්ල කර ලිපියක් යවමින් තුසිත හල්ලොලුව මහතා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවට මාධ්‍ය වෙත ලිපියක් යොමු කර තිබින.
කෙසේ වෙතත් හල්ලොලුව මහතා එම ලිපිය එවීමට පෙර මසකට පමණ පෙර ඇමති දුමින්ද දිසානායක විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කර වෙනුවට වෙනත් පුද්ගලයෙකු පත් කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක් පල කරයි.
ඇමති දුමින්ද දිසානායක විසින් සභාපති ධුරයට වෙනත් පුද්ගලයෙකු පත් කල ලිපිය ඒ සමග පල කර තිබින.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව දි.මු. ජයරත්න මහතා අගමැති ධුරයෙන් ඉවත් කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරනු ලැබුවේද මෙම ක්‍රමවේදය අනුවයි.