හලාවත, මීගමව, වෙන්නප්පුව අවදානමේ.. ඉතාලියෙන් ආ නිරෝධායනය නොවූ දහසක් නිදැල්ලේ…

March 17, 2020 at 11:20 am | lanka C news
හලාවත, මීගමව, වෙන්නප්පුව අවදානමේ.. ඉතාලියෙන් ආ නිරෝධායනය නොවූ දහසක් නිදැල්ලේ…

මාර්තු පළවෙනිදා සිට එනම් 09 වැනිදා අතර කාලයේදී මෙරටට ඉතාලියේ සිට පැමිණි 1000ක පමණ පිරිසක් නිදහසේ නිවෙස් වල සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

ඔවුන් නිරෝදායනයට ලක් නොවී මේ ආකාරයෙන් හැසිරීම කොරෝනා වසංගතය පැතිරීමට රුකුලක් වනු ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.

නිරෝධායන සඳහා ශ්‍රී ලංකාව වැඩපිළිවෙළක් ආරම්භ කරන ලද්දේ මාර්තු මස 6 වැනිදා පමණ වන විට බවත් ඊට කලින් පැමිණි දහස් ගණනක් පිරිසක් මෙසේ නිවස් වල සිටින බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

මෙම පිරිස වෙන්නප්පුව, හලාවත, මීගමුව ආදී ප්‍රදේශ වල මෙම පිරිස සිටින බවත් එම කලාප අවදානම් කලාප බවට පත්ව ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

249 views

7 Comments to “හලාවත, මීගමව, වෙන්නප්පුව අවදානමේ.. ඉතාලියෙන් ආ නිරෝධායනය නොවූ දහසක් නිදැල්ලේ…”

  1. Aurora says:

    ඔය නිදැල්ලේ ඉන්න අය හැඳල, වත්තල සකසන්න හැදූ නිරෝධායන මධ්‍යස්ථානයේ කට්ටියද? ඔවුන් නිරෝධායනය නොකර නිදහස් කලේ එම ප්‍රදේශයේ ජනතාවගේ බලකිරීම සහ මනාප වෙනුවෙන් ඊට නායකත්වය දුන් දේශපාලකයන්ගේ මැදහත්වීම නිසාද? මෙවන් ඉතා බරපතල අපරාද කරන මෝඩයන් පිටුදැකිය යුතුයි. ජනාධිපතිතුමනි, මේ නිදැල්ලේ සිටින සැකසහිත සියළුදෙනාම නිරෝධායනයට ඇතුලත්කරන අතරම ඔවුන් නිරෝධයනයෙන් නිදහස්වුන ක්‍රමවේදය සොයාබලා එම සිදුරු වසාදැමීම රටට පලදායකයි.

    • Jeewanee Kariyawasam , chilaw says:

      nidahasa kaatath podui , me rajayata kisi prathipaththiyak nah ohe minissu ehe mehe yawanawa

      • Me says:

        හිහි හිහ් හී… මෙන්න ප්‍රතිපත්ති තියෙන 3% න් අදහසක්.

  2. kariyawasam says:

    THIS INFORMATION IS CORRECT, AN ACTION SHOULD BE TAKEN TO DECLARE POLICE CURFEW FOR FEW HOURS AND ARREST THOSE CULPRITS.I

  3. chandimani says:

    Authorities can receive all details of arriving passengers from Immigration Department database. According to the list Police can search them and can send them to quarantine centres, without any more delay. Each second leaving another person in risk…

  4. charles says:

    Lock down the Wennapuwa, Chilaw and Negombo areas.

Main News