පුත්තලම නිරෝධායනයට.. හලාවත, මීගමුව, වෙන්නප්පුව වසා දැමීමට සූදානමක්..?

March 18, 2020 at 9:20 am | lanka C news
පුත්තලම නිරෝධායනයට.. හලාවත, මීගමුව, වෙන්නප්පුව වසා දැමීමට සූදානමක්..?

කොරෝනා වෛරස හේතුවෙන් හලාවත, මීගමුව, වෙන්නප්පුව ආදි ප්‍රදේශ වසා දමනු ඇති බවට එම ප‍්‍රදේශයන්හි ජනතාව අතර රාවයක් පැතිරී යමින් ඇත.

ඇති වී තිබෙන තත්ත්වයන් මත එම ප්‍රදේශයන් තාවකාලිකව වසා දමනු ඇතැයි ජනතාව තුළ රාවයක් පැතිර යමින් පැවතීම හේතුවෙන් ඔවුන් ඒ සඳහා යම් සූදානම් වෙමින් සිටින බවද ප‍්‍රදේශයේ වාර්තාකරුවන් කියති.

මේ අතර මාර්තු මුල් සතියේ කොරියාව, ඉතාලිය, ඉරානය යන රටවලින් පැමිණි පිරිස් සිටින පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස විශේෂ ස්වයං නිරෝධායන ස්ථාන බවට පත්කිරීමට තීරණය කර ඇත.

ඉතාලියෙන් පැමිණි දහසක පමණ පිරිසක් එම ප්‍රදේශවල නිදහසේ සිටින බවට පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

නිරෝධායනයට ලක්නොවී එසේ හැසිරීම වසංගතය පාලනය කිරීමට අපහසු තත්ත්වයක් යැයි ද සංගමය ඔහු පෙන්වාදුන්නේය.

 

511 views

13 Comments to “පුත්තලම නිරෝධායනයට.. හලාවත, මීගමුව, වෙන්නප්පුව වසා දැමීමට සූදානමක්..?”

  1. Podda says:

    Not only that area but also Wattala kandana hunupitiya Kelaniya kiribathgoda dematagoda borella access areas too.

    • ජනක says:

      කාරනා එකින් එක පෙළගස්වා බලමු

      ‘බෝතල් කපා මෙන්න අපිට ඒවාගේ තේ දෙන විදිහ “සමාජ ජාලා වක නිරෝදායනයට ගෙන ගිය කෙනෙකු
      “අපි යුද්දබිමේදීවත් බෝතල් කපලා තේ බොන්න දුන්නේ නෑ මෙය සම්පූර්නයෙන්ම අසත්‍යක් ” හමුදාපතිතුමා
      “මේ නිරෝදායනය කරන ක්‍රමය සම්පූර්නයෙන්ම වැරදියි මේක WHO ක්‍රමයට නෑ සජිත් ප්‍රේමදාස
      “කොරෝනා වලට අපිව නවත්තන්න බෑ මම ජනහමු තුනක් ඊයේ පැවැත්වුවා “සජිත් ප්‍රේමදාස
      “මොකක්ද මේ කරන්නේ චන්දෙ කල්දාලා පාර්ලිමේන්තුව යලි කැඳවා මේකට විසදුමක් ගන්න “සජිට් ප්‍රේමදාස ‘

      “මේ නිවාඩු දුන්නේ කොරෝනා පාලනයට නෙවෙයි ගුරු උද්ගෝෂණ නවත්තන්න” හිරුනිකා
      “වහාම සර්වපාක්ෂික කමිටුවක් පත්කර මේකට විසදුම් දෙන්න” කරු ජයසුරිය

      “මේ නිරෝධායනය හමුදාවෙන් කිරීම වැරදියි මේ නිරෝධායනය ඇමරිකානු CDC අනුමත ක්‍රමයටද කරන්නේ ?මම හෙට හමුද්දාවෙන් මෙය සිද්ද කරන එක ගැන ජිනීවා un එකට කොම්ප්ලේන් කරනවා ” එන්ජිඕ කඩමාල්ලක් අටවාගෙන ජීවිකාව කරන බටහිර සක්කිලි ඒජන්තයෙක්

      “මේ නිරෝදායනය යුරෝපේ මට්ටමට නෑ යුරෝපේ මට්ටමට කරන්න අපිට බෑ වහාම පාර්ලිමේන්තුව රැස් කරන්න ” රනිල් වික්‍රමසිංහ
      “වහාම චන්දය කල්දාළ පාර්ලිමේන්තුව කැඳවන්න “රංගේ බණ්ඩාර පුත්තලම දිස්ත්‍රික්කය හිටපු ඇමති
      “හමුදාපති මේ ගැන ප්‍රකාශ නිකුත් කරන්න මේක හමුදා පාලනයක්ද ” රංගේ බණ්ඩාර /ජේවීපී කරුවන්
      නිරෝදායනයවූ තිදෙනෙක් මැරිලා ” බොරු පතුරුවන සමාජ ජාලා ක්‍රියාකාරිකයෙක්
      “කොරෝනා නිසා තිදෙනෙක් මැරිලා” සරත් ෆොන්සේකා
      කොහෙන්ද ඔය නිව්ස් එක ආවේ ? මම සාමාන්යෙන් කරුණු ගන්නේ පත්තරෙන් .එහෙම නිව්ස් එකෙක් පත්තරේ තිබුනේ නෑ නේ? “සමහරවිට වෙබ් එකේ දැක්ක එකක් වෙන්න පුළුවන් ,සමහර විට මම කියපු එක වැරදි ඇති ” සරත් ෆොන්සේකා .
      “ලොක් ඩවුන් ශ්‍රී ලංකා ” සමාජ ජාලා එන්ජිඕ නඩ
      තිදෙනෙක් මියගිය බව බොරු පැතිරවූ වෙබ් අඩවි ක්‍රියාකාරිකයා හිටපු එජාප ඇමති කෙනෙකුගේ මිත්‍රයෙක් බව හෙළිවේ.දෙදෙනා එකට සිට ගත පින්තුරයක් පවා හමුවේ
      ඉතාලියෙන් ආ වැඩි පිරිසක් විසිරි සිටින්නේ පුත්තලම් ප්‍රදේශයේ බව හෙළිවේ .ඔවුන් සමහරකු තමන්ට රිසිසේ නොයෙක් තැන්වල ගමන් බිමන් යමින් කල් ගෙවති .

      මේ එජාප ප්‍රකාශ හොඳින් බැලුකල නිරෝධායනය ගැන බොරු ප්‍රචාරය කල තැන සිට මේ සියලු ප්‍රකාශ පිටුපස යම් සැඟවුණු සැලසුමක් ඇතිබව පැහැදිලියි .
      මොවුන්ගේ අබිප්‍රාය මේ රට පුරා කොරෝනා පතුරුවා ඒ මතින් රටේ බලයට අත පෙවීමට බටහිරයන්ට ඉඩ සාදා දී තමන් ඒ මතින් බලය ග්‍රහණය කරගැනීමද යන්න ගැන පවා සැකයක් මතුවේ .
      සජිත් ප්‍රේමදාස “මම රටපුරා කොරෝනා ගැන දැනුවත් කරමින් යනවා ” යන කියමනේ භයානක කම පෙනේද ?මොවුන් මේ බලය වෙනුවෙන් රටේ ජනතාව බිලි දෙන්නයි සුදානම .
      මෙම කුමන්ත්‍රණය පරදමු

      • රට්ටු says:

        ජනක කියන මේක ලියපු කෙනා කියන විදියට තාම UNP එකෙන් රට පාලනය වෙනවා වගේ. එක එකා කියන කතා වැඩක් නැ. තීන්දු ගන්නේ රජය සහ ජනාධිපතිතුමා. බොරුවට එකා එකාගේ කතා දාලා එකෙන් ගැලවෙන්න බැ දැන්වත් තේරුම් ගන්න අනුන්ට ඇඟිල්ල දික් කර කර ඉන්නවට වැඩිය වෙනස් දෙයක් රට පාලනය කිරීම කියන්නේ.

      • රනියව පටවල යවන්න ඕනෙ ලන්ඩන් වලට.. ජොන්සන් කාරයා කොරෝනාව සත පහකට ගනන් ගන්නෙ නෑ..යුරෝපයට දිගටම දොර ඇරලා, මරන 70ක් මේ වන විට.. ජනගහනයෙන් 60% කටත් වඩා ලෙඩේ හැදෙයී බලාපොරොත්තුවෙන් ඉන්න කියල තමයි අහිංසක මහජනතාවට කියන්නෙ.. අස්සය ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න බලන් ඉන්න එංගලන්තෙ පාර්ලිමේන්තුවෙ කීප දෙනෙකුටත් කොරෝනා. රනියව යවන්න ඕනෙ එහෙ පාලනය කරන හැටි ඇස් දෙකෙන්ම බලාගෙන එන්න..

        • ** කොරෝනා වයිරස් පළමු එන්නත පරීක්ෂා කිරීමට එක්සත් ජනපද ස්වේච්ඡා සේවකයන් සුදානම් වේ.
          වසංගත කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නතක් පිළිබඳ පළමු මිනිස් අත්හදා බැලීම සඳුදායින් පසුව එක්සත් ජනපදයේ ආරම්භ වන බව වාර්තා වේ.
          නිරෝගී ස්වේච්ඡා සේවකයන් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට සියැටල් හි කයිසර් ස්ථිර පර්යේෂණ මධ්‍යස්ථානයේදී මෙම එන්නත ලබා දෙනු ඇත.
          එම එන්නතට කොවිඩ් -19 ඇති කළ නොහැකි නමුත් රෝගයට හේතු වන හානිකර ජාන කේතකයක් වෛරසයෙන් පිටපත් කරනු ලැබේ. ප්‍රවීණයන් පවසන්නේ මෙම එන්නත හෝ පර්යේෂණය සාර්ථකද යන්න දැන ගැනීමට තව මාස ගණනාවක් ගතවනු ඇති බවයි.

          ** කොරෝනා වයිරස්: ජර්මනිය සහ ප්‍රංශය දැඩි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරයි.
          යුරෝපය පුරා රටවල් කිරීටක වෛරසය පැතිරීම වැළැක්වීමට උත්සාහ කරන බැවින් සමාජ සම්බන්ධතා සීමා කිරීම සඳහා ජර්මනිය සහ ප්‍රංශය දැඩි නව ක්‍රියාමාර්ග ගෙන තිබේ.
          ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ඉතාලිය සහ ස්පාඤ්ඤය විසින් පනවා ඇති සීමා කිරීම්වලට සමාන පියවරක් ලෙස බලහත්කාරයෙන් අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කරමින් “අපි සෞඛ්‍ය යුද්ධයක සිටිමු” යනුවෙන් ප්‍රකාශ කළේය.

          ** එක්සත් රාජධානිය
          කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සදහා සෑම කෙනෙකුම කාර්යාල,මත්පැන්හල් සහ ගමන්වලින් වැළකී සිටිය යුතු බව එරට අගමැති පවසයි.
          රටේ මරණ සංඛ්‍යාව 55 දක්වා ඉහළ ගොස් ඇති බැවින් එක්සත් රාජධානියේ සිටින සෑම කෙනෙක්ම “අත්‍යවශ්‍ය නොවන” සංචාරවලින් වැළකී කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා සහයෝගය ලබාදිය යුතු බව අගමැතිවරයා පවසා තිබේ.
          බොරිස් ජොන්සන් පැවසුවේ දැඩි නව පියවර රැසක කොටසක් ලෙස මිනිසුන් හැකි සෑම අවස්ථාවකම නිවසේ සිට වැඩ කළ යුතු බවයි.

          ගර්භනී කාන්තාවන්, වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් සහ ඇතැම් සෞඛ්‍ය තත්වයන් ඇති අයට මෙම උපදෙස් විශේෂයෙන් වැදගත් වනු ඇතැයි ඔහු පැවසීය.
          අවදානම් කණ්ඩායම්වල සිටින පුද්ගලයින්ට දින 12 ක් සති 2ක් නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටී.
          එක්සත් රාජධානියේ 1,500 කට වැඩි පිරිසක් වෛරසය ආසාදිත තත්ත්වයේ පසුවන බව පරීක්‍ෂා කර ඇත . නමුත් සත්‍ය රෝගීන් සංඛ්‍යාව 35,000 ත් 50,000 ත් අතර යැයි ගණන් බලා ඇත.

          ධවල මන්දිරය විසින් 10 ට වැඩි කණ්ඩායම් වශයෙන් රැස්වීම වළකින්නැයි මහජනතාවට උපදෙස් දෙයි.බාර් සහ අවන්හල් වලින් දුරස්වී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
          ධවල මන්දිරය සියළුම ඇමරිකානුවන්ට උපදෙස් දුන්නේ 10 ට වැඩි කණ්ඩායම් වලින් වළකින ලෙසයි.

  2. Hesh says:

    මුලු රටම වසා දැමීම ප්‍රායෝගිය නැති උනාට එක ප්‍රදේශයක් වහලා දාලා, ඔවුන්ට අවශ්ය කෑම බීම, හමුදාව ලවා බෙදා දීලා, නිරෝධායනය කරන්න පුලුවන්ද සලකා බැලීම වැදගත්.

    • නිකමා says:

      කෑම නැතත් බීම දෙනවා නම් මාස දෙක තුනක් උනත් කට්ටිය ඉඳීවි .

  3. Sambo says:

    These buggers who comes from Italy think no end of them selves. Kick their butts and send them in for 1 months quarantine. These are the people who has spread the virus in our country which we never had.

  4. Hewa Baddege says:

    kana eka genama mokada oya tharam katha karanne, ?dawasata eka welak kaala wunath dawas 14 inna eka loku deyak newei.
    mama dawas 4 k fruit juce witark beela idala tiyanawa.
    lock down one nam lock down kala utui.
    atarin patara niwadu deemen arakath ne mekath ne wage wenna puluwn.

  5. nim says:

    පුංචි ඉතාලිය 2 weeks වලට shutt කරන්න . ලොකු උදව්වක්

  6. Taurus says:

    Should shut down these districts

  7. david milibanda says:

    Italy jails a citizen who hid Corona symptoms for 12 years.
    White House to call in the Military to assist against Corona