හලාවත රෝහලෙන් කොරෝනා රෝගියෙක් හමුවේ.. බෝවුන ක‍්‍රමයක් නොදනී..

October 9, 2020 at 12:02 am | lanka C news
හලාවත රෝහලෙන් කොරෝනා රෝගියෙක් හමුවේ.. බෝවුන ක‍්‍රමයක් නොදනී..

හලාවත මහ රෝහලේදී කොරෝනා ආසාදිතයෙකු හදුනාගෙන තිබේ.

ඔහු හලාවන අඹකදවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේදී කරන ලද පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔහු ආසාදිත බව හෙළි වී ඇත.

ඔහුට ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් මූලාශ්‍රයක් හෙළි වී නැත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරන්නේ ආසන්න දිනවලදී ඔහු නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ගමන් කර ඇති බවයි.

ඔහුට වෛරසය ආසාදනය වූ ආකාරය සොයා පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

32,683 views

5 Comments to “හලාවත රෝහලෙන් කොරෝනා රෝගියෙක් හමුවේ.. බෝවුන ක‍්‍රමයක් නොදනී..”

  1. Gota says:

    This shows how government screwed up.

  2. Upul Attanayake says:

    I’m not a medical Expert my suggestion is this Time Corona come to Sri Lanka by Mosquitos never know please investigate.
    every things can be

  3. කාන්තාර පළඟැටියා says:

    මේ මනුස්සයා ගිනිගත්හේන පැත්තෙන් වෙන්න ඇති නුවර එලියෙ යන්න ඇත්තේ. ඒ පැත්තේ “Brandix කොරෝනා සංගීත කණ්ඩායම ” සාදයකට ගිහින් තියෙනවා. මෙයත් එක්කෝ ඒ අය ගිය කෑම කඩයකට , වැසිකිලියකට , මොකකට හෝ යන්න ඇති.

  4. සානිකා says:

    කොරෝනා ඉවර කරපු ක්‍රෙඩිට් එක අරන් චන්දෙ දිනන්න චන්දෙ ඉවර වෙනකම් කොරෝනා නෑ කියලා අල්ලන් හිටියා …
    චන්දෙ ඉවර වෙච්ච් ගමන් කොරොනා තියෙනවා කියන්න බෑනෙ..
    ඉතින් මාස 2ක් වගේ යන්න දීලා ආපහු වැඩේ පටන් ගත්තා…
    ඔන්න ඕකයි උනේ…

    ජනතාව ඇන්දීම කලාවක් නම් රාජපක්ශලා එහි පිකාසෝලා වෙයි

  5. Sarath says:

    මේ නිරීක්ෂයගේ දැනුම ගැන ප්‍රශ්නයක් තියෙනවා. විකිරණ කියන්නේ මිනිස්සිරුරට ඉතාමත් අහිතකර කිරණ ජාතියක් මේ විකිරණ නිකුත්වන්නේ පරමාණුවක් තුල ඇතිවන නියෂ්ටික ක්‍රියාවලියක් නිසා. ඒ නිසා මේ නිසා සතුන්ගේ ජාන විකුර්තිවීම්, පිළිකා ඇතිවීම වැනි ඕනෑම දෙයක් සිද්ධවන්න පුළුවන්. මේ වැලි වලින් ගෙයක් හැදුවොත් කුමක්වෙවිදැයි කියන්න කාටද පුලුවන්.
    විමල් වීරවංස ඇමතිතුමා මේ ගැන දක්වන උනන්දුව රටක් ලෙස අපි ඉතාමත් සතුටු විය යුතුයි. මොකද මේ වගේ විද්‍යාත්මක ආපදාවක් ගැන හිතුව එකම ඇමතිවරයා එතුමා නිසා.

Main News