හවුල් ආණ්ඩුව හොදටම ඇති.. තව 7-8ක් අරගෙන තනි එජාප ආණ්ඩුවක් හදමු..- එජාප මන්ත්රින් කියති..
March 17, 2017 at 11:20 am | lanka C news
‘ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරයෙකු හැටියට මටත් මේ ආණ්ඩුව එපාවෙලා තියෙන්නේ, හවුලේ කැදත් එපා කියන කතාව වගේ තීන්දු තීරණ ගන්නා කොට එක පාර්ශ්වයක් ගන්නා තීන්දුවවක් තවත් පාර්ශ්වයක් වෙනස් කරනවා. කට්ටියක් මයියොක්කා හිටවන කොට තව කට්ටියක් ඒවා ඉදගෙන ගලවනවා, ඒ ඇරලා ආයේ වෙනමම හිටවනවා’ යයි කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉදුනිල් මහතා කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී රැස්වීමක් අමතමින් කියා සිටියේ ය.
‘මේ ආණ්ඩුවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාත් පැරදවීමට කටයුතු කල තුන්දෙනෙක් මාගේ පඩුවස්නුවර ආසනයේ ඉන්නවා අද ඔහුන් තුන් දෙනාම ඇමතිවරු පඩුවස්නුවර ගොඩනගලා මෛත්රීපාල සිරිසේන ජනාධිපති කරපු මම නිකම්ම නිකං මන්ත්රී, මම යන වාහනයට වඩා හොද වාහන වල ඒ ඇමතිවරුන්ගේ ගෝල බාලයෝ යන්නේ. හැබයි ආණ්ඩුවේ බැනුම් ටික අපිට, වාසි වරප්රසාද තව කට්ටිටකට.
මේ නිසා මම මේ ආණ්ඩුව ගැන තෘප්තියක් නැහ. මේ නිසාම ආණ්ඩුව ගැන කලකිරිලා. ඒ නිසා මම යෝජනා කරනවා මන්ත්රී ධූර 106 ක් තිබෙන අපි තවත් මන්ත්රීවරු 7 ක් 8 ක් අරගෙන තනි ආණ්ඩුවක් හදමු කියලා’ යයිද මන්ත්රීවරයා එහිදී කීය.
අනේ පවු අපේ මහින්ද අමරවීර ගෙ අගමැති සිහිනය බොන්ද්වෙලයයි .
මම දන්නා නැති නිසා අහන්නේ මුට තියන සුදුසුකම් මොනවද ? අඩු තරමෙන් ඉංග්රීසි හෝඩියවත් දන්නවද දන්නේ නෙහෙ.
සිරිසේන කාල් ගෑවෙ කැඳහැලියක්. හැදුවෙ කැඳ හැලි හවුලක්. අඩු ගනනෙ පලාත් පාලන චන්දෙ තියල බලපල්ලා හංසයට අද තියන මහජන ප්රසාදය.
අපි දෙන්නම් නම් 7 ත. බඩතඩි සිරා, වපර ඩිලා, පායා.සක්කිලිබීයා, ඇහින්දයා,කොනකපාලයකුත් සමග ඇර සොයිසා සල්ලි වලට මිලදී ගතහැක.
මම එනවා,
මෙයට, මහින්ද අමරේ.
මමත් එනවා,
මෙයට වපර ඩිලා, බඩතඩි සිරා