එකතු වෙන කතා සියල්ල බොරු කරමින් මල් පොහොට්ටුව උදෙන්ම සුබ නැකතින් නාම යෝජනා බාර දෙයි..
December 11, 2017 at 9:20 am | lanka C news
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ පළමු නාමයෝජනාව පොහොට්ටුව ලකුණින් තරග කරන ඒකාබද්ද පොදුජන පෙරමුණ විසින් අද අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි වෙත බාරදී තිබේ.
අද පෙරවරු 9.08 ට යෙදී තිබුණු සුබ මොහොතින් එය සිදු විය.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් බලයලත් නිළධාරි මහාචාර්ය ජන්න ජයසුමන මහතා විසින් ගල්නෑව ප්‍රාදේශීය සභාව සදහා එම නාමයෝජනාව බාර දුන් අතර අපේක්ෂකයින් සියලු දෙනා සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් මහතා ඇතුලු විශාල පිරිසක් ඊට එක් විය.
ජය ශ්‍රී මහා බෝ සමිඳු වැදපුදා ගත් කණ්ඩායම රුවන්මැලිසෑයේ දුටුගැමුණු ප්‍රතිමාව ඉදිරිපිටඅධිෂ්ඨානයක් ලබා ගෙන ඉන්පසු සුභ මොහොතින් නාමයෝජනා භාර දුන්හ.
ඊට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය සභාවට සහ ත්‍රිකුණාමලය නගර/කඩවත්සතර ප්‍රාදේශීය සභාව සදහා ද ශ්‍රීලංකා පොදුජන පෙරමුණ විසින් අද පෙරවරුවේ නාමයෝජනා බාරදීමට නියමිතයි.
මෙවර පළාත් පාලන මැතිවරණය සදහා මුලින්ම ඇප තැන්පත් කරනු ලැබුවේද ශ්‍රීලංකා පොදුජන පෙරමුණයි.
මැතිවරණය දිනාගැනීමේ සටනේදී ප්‍රමුඛත්වය ගත්තා සේම මැතිවරණ ක්‍රියාකාරකම් සියල්ල ඉටුකිරීමේ ප්රමුඛයාවීම සිය ජයග්‍රාහී වැඩපිළිවෙළෙහි කොටසක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි.
– SLPP
Jaya Wewa!
ඇත්තටම ඡන්දයක් පවත්වනවලු ද?
ආණ්ඩුවේ අය වැය යෝජනා දිහා බැලුවාම, මම නම් හිතුවෙ, මේ කපේදි ඡන්දයක් පවත්වන්න, ආණ්ඩුව අදහස් කරන්නේ නෑ කියලයි.
Facebook rogues started their dirty work again.
ආනමඩුවේ නන්ද හිමි ලෙස හඳුන්වාගන්නා ඔබ කලගුණ නොදන්නා වසලයෙක්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවාගෙන තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවාදී පක්ෂයේ තීරණ වලට පිටින් ගිහින් වෙන අය සමග ගිහින් පක්ෂය පරාදකර පස්සේ පක්ෂය බලෙන් අයිති කරගෙන පක්ෂ ප්‍රතිපත්ති පාවාදුන් අයගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති ඉටු නොවන නිසා සහ මහජනයාගේ චන්ද පාවාදී රට කන්න සල්ලිවලට බලයට යටවූ අයගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති ගලවාගෙන ඉදිරියට ගෙනයන්න අවශ්‍ය බව තේරුම්ගත් පොදු ජනතාවගේ අරමුණු ඉටුකරලීමට බව පොදු මහජනයා හොඳින් තේරුම් අරගෙන තියෙන්නේ. ඒ නිසා මේ මැතිවරණයෙන් පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයක් ලබන බව අපිට නම් විශ්වාසයි
වසලයො කවුද කියල ජනතාව තේරැමි අරගෙනයි 2015 ඔය ටීම් එක ගෙදර යැව්වෙ.දැන්වත් මහ පොලවේ යථාර්ථය තේරැමි ගත්තොත් හොඳයි.ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නායක ජී.එල්.පීරිස් මුලින් UNP පස්සෙ ශ්‍රීලංකා ආයෙමත් 2002 UNP යට පැන්නා ආයෙත් ශ්‍රීලංකා එකට පැන්නා.1990 දශකයේ මොහු තරමි විධායක ජනාධිපතිධූරයට විරැද්ධ කෙනෙක් හිටියෙ නැහැ.දැන් ඒක හොඳයිලු.බලං ඉන්න ජන්ද ලැබෙයි.
සැබෑ වසලයා කවුද කියලා අපි මේ වෙනකොට තේරුම් ගත්තා. එක නිසා තමයි මේ හවුල් ආණ්ඩුව ගෙදර යවන්න අපි තීරණය කලේ. කිසි වැඩක් කරන්න බැරි, ජාතික සම්පත් විකුණන් කන, මහා බැංකුව හොරා කාපු උන්ව අපිට තවත් අවශ්‍ය නැහැ.
The SLFP is already defeat, can say by reading most comments, my3 duminda amaraweera is shivering and goo hujja yaming.