හවුල් කතා අවසානයි.. පොහොට්ටුව පුංචි ඡන්දෙට අපේක්ෂකයින් තේරීම අරඹයි..
November 16, 2017 at 12:40 pm | lanka C news
පළාත් පාලන මැතිවණය සදහා අපේක්ෂකයින් තේරීම ආරම්භ කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
මේ බව සදහන් කරමින් එම පක්ෂය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.
පුංචි ඡන්දෙට අපේක්ෂකයින් තේරීම ඇරඹෙයි
අප පක්ෂය මුහුණ දෙන පළමු මැතිවරණ අත්දැකීම එළැඹෙන පළාත් පාලන මැතිවරණයයි. පළාත් පාලන නව මැතිවරණ ක්‍රමයට අනුව කොට්ඨාස අපේක්ෂක ලැයිස්තුවට සහ අතිරේක අපේක්ෂක ලැයිස්තුවට ඉහළම සුදුසුකම් සහිත අපේක්ෂකයින් ඉතාම විනිවිදභාවයකින් යුතු වැඩපිළිවෙලක් ඔස්සේ තෝරාගෙන ඉදිරිපත් කිරීමට අප සියලූ කටයුතු සූදානම් කර අවසන්ය. ඒ අනුව පළමුව දීප ව්‍යාප්තව අයදුම්පත් කැදවීම සිදු විය. පක්ෂ මූලස්ථානය වෙත ලැබුණු තිස් පන්දහසකට අධික අයදුම්පත් තොගය පළමුව දිස්ත්‍රික්ක වශයෙනුත්, දෙවනුව පළාත් පාලන ආයතන වශයෙනුත් තෝරා වෙන් කර ගැනීමෙන් පසු දැන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කර ඇත. මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බොහෝ දෙනෙකුගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස තමන් තරග කිරීමට අපේක්ෂා කරන පළාත් පාලන ආයතනයට අදාළ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානයේදී අයදුම්පතක් සම්පූර්ණ කර භාර දීමෙන් පසුව සම්මුඛ පරීක්ෂණයට සහභාගීවීම සදහා අවසර ලබාදීමට තීරණය කර ඇත.
සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ දිස්ත්‍රික් මට්ටමිනි. එක් එක් පළාත් පාලන ආයතනයට වෙන් වෙන් වශයෙන් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ වටයෙන් පසුව අපේක්ෂකත්වය සදහා නිර්දේශිත නාමයන් ජාතික නාමයෝජනා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරේ. පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකත්ව අවස්ථා අපගේ නව දේශපාලන සංධානය නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ අතර සාධාරණ පදනමක් යටතේ බෙදා ගැනීම පිළිබද සාකච්ඡ මේ වනවිට අවසන් අදියරට පැමිණෙමින් තිබේ.
වත්මන් රජය විසින් සිදු කළ පළාත් පාලන මැතිවරණ නව සංශෝධනය මගින් ඊට පෙර පැවැති අනිවාර්ය තරුණ නියෝජනය අහෝසි කෙරිණි. නමුත් එලෙස අහිමි වූ අවස්ථාව තරුණයින්ට යළි හිමිකරදෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේ 25% කට ආසන්න ඉඩක් තරුණයින් වෙත ලබාදීමට අප තීරණය කර ඇත.
වත්මන් රජය පෙරළා දැමීම සදහා වන දේශපාලන අරගලයේ තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණය ලෙස පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට අප විසින් සියලූ සැලසුම් සම්පාදනය කර අවසන්ය.
සංජීව එදිරිමාන්න
ප්‍රකාශක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
“අපේක්ෂකයන් තේරීම” උපක්‍රමයක් වශයෙන් කිරීමේ වරදක් නැත.
නමුත් මේ අවස්ථාවේ ප්‍රමුඛත්වය දිය යුත්තේ ඡන්ද කල් දැමීමට එරෙහි වීමට හා පළාත් පාලන මැතිවරණය දිනා ගැනීම සඳහා අරගල කිරීමටයි. (ඒ අරගලයට අධිකරණ ක්‍රියාමාර්ග ද ඇතුලත් විය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.)
එසේ නොවන්නේ නම්, ඡන්ද කල් දැමීමට පොහොට්ටුවද කැමතිය යන අදහස සමාජගතවනු ඇත.
හුරේ…. යන්තම් ඇති. දැන් ඉතින් දෙගොල්ල කා ගනිල්ලා. UNP අපිට ගේමක් නෑ. ජය වේවා. ජය වේවා. ජය වේවා.
munta thaniwama illlanna ida denna one, habai eth ekkama wenath pakshayakata sahayogaya denawanam SLFP eken iwath karannath one.
නව පක්ෂයකින් වර්තමානයේ රටට අවශ්‍ය බුද්ධිමත් අනාගත නායකයින් තෝරා ගැනීමට නැණස පහල වේවා
True patriotism hates injustice in its own land more than anywhere else.
GOOD LUCK Hon. Mahinda …JAYA WEVA
WELL SAID &DONE President Mahinda Rajapaksha….ALWAYS with you the Sinhala Mahajanathawa…..jaya wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!