හවුල අවුල වෙයි.. මැතිවරණයට පොහොට්ටු-ශ‍්‍රිලනිප වෙනම තරග වදී..

December 3, 2018 at 11:20 am | lanka C news
හවුල අවුල වෙයි.. මැතිවරණයට පොහොට්ටු-ශ‍්‍රිලනිප වෙනම තරග වදී..

ඉදිරි මැතිවරණයේදී කිසිසේත්ම පොහොට්ටුවෙන් හෝ එජාපයෙන් ඡන්දය නොඉල්ලන බව ඇමති විජිත් විජිතමුනි සොයිසා මහතා පවසයි.

එහ මැතිවරණයට තරග වදින්නේ ස්ථිරවම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් යයිද ඔහු සදහන් කරයි.

මීට ප‍්‍රතිචාර දක්වමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කරන්නේ තම අදහස වන්නේද ශ‍්‍රීලනිපය හා පොහොට්ටුව වෙනම තරග කල යුතු බවයි.

වෙනම තරග කර මැතිවරණයෙන් පසු එකට එක් වී ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් දැනටත් ඉදිරි මැතිවරණය පොහොට්ටුව ලකුණින් පමණක් තරග කිරීමට යෝජනා සම්මත කරගෙන ඇති බවත්ය.

198 views