හාමුගේ ෆෙඩරල් ව්‍යවස්ථාව රකින්න ජවිපෙ නායකයා මරාගෙන මැරෙන විවාදයකට සූදානම්..
October 23, 2017 at 10:00 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන විවාදයකට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා පවසයි.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තමන් සමග විවාදයකට එන්නැයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කල අභියෝගයට පිලිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේ තංගල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.
ඔහු තව දුරටත් කියා සිටියේ තමන් වැනි පුද්ගලයෙකු හා විවාදයකට විමල් වීරවංශ වැන්නෙකු නොගැලෙපෙන බැවින් ඔහුට ගැලපෙන පුද්ගලයෙකු ජවිපෙන් එවිය හැකි බවයි.
කෙසේ වෙතත් ජවිපෙ නායකයාගේ තර්කය අනුවම හිටපු ජනාධිපතිවරයෙකුට විවාදයට ගැලපෙන්නේ හිටපු හෝ සිටිනා ජනාධිපතිවරයෙකි. මන්ද මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට කිසිදු දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක නායකත්වයක් නොදරන බැවිනි.
මෑත දිනකදී ජවිපෙ නායකයා රජයේ රූපවාහිනී නාලිකායක තනිව පැවති සාකච්චාවකදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට විවාදයක් සදහා අභියෝග කරමින් කියා සිටියේ ඔහු විවාදය සදහා එන්නේ නැති බව තමන් දන්නා බවයි. ඒ අනුව මෙවරද ඔහු එම අභියෝගය කරන්නේ ඒ අනුව විය යුතුය.
අනෙක් අතට යෝජිත නව ව්‍යවස්ථා යෝජනාවලියට දේශපාලකයෙකු ලෙස ප්‍රබලම විරෝධය දක්වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. එනම් ජවිපෙ නායකයා විවාදයකට අභියෝග කරන්නේ ව්‍යවස්ථාවට ප්‍රබල ලෙස පක්ෂව විය යුතුය.
එමෙන්ම තමන් උසස් බවත් විමල් වීරවංශ හා විවාදයට එවීමට තමනට වඩා පහත් පුද්ගලයින් පක්ෂය තුල සිටින බවත් සමාජවාදය තේමාකොටගත් පක්ෂ නායකයා නොකියා කියයි.
ජවිපෙට ඇත්තේ ආණ්ඩුවට 2/3 හෝ සරල බහුතරය මදිපාඩු වූ විට එය සකසා දෙන මන්ත්‍රී ධුර සොච්චමක් විනා මෙරට දේශපාලනයට කිසිදු බලපෑම් සහගත ඡන්ද ප්‍රතිශතයක් නොවේ.
විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ මැතිවරණ කොමිසම විසින් පිලිගත් නීත්‍යනුකූල පක්ෂයක් වන අතර වීරවංශ මන්ත්‍රීවරයා විසින් වත්මන් ජවිපෙට එල්ල කරන ප්‍රධාන චෝදනාව වනුයේ 88-89 කාලයේදී 60000ක් ජීවිත පුදමින් විරුද්ද වූ ව්‍යවස්ථා සංශෝධණයට එහා ගිය ෆෙඩරල්කරණයක් සහිත නව ව්‍යවස්ථා යෝජනාවලියකට අද ජවිපෙ එලිපිට පෙනී සිටින බවටයි.
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් ඇතුළු දිවි පිදු 60000ක් තරුණ තරුණියන්ගේ සොහොන් කොත්වලට වත්මන් ජවිපෙ නායකයින් විසින් කාරා කෙල ගසමින් සිටින බවටද වීරවංශ මහතා ප්‍රසිද්ධියේ චෝදනා කරයි.
මේ බත් බැලය unp අගුපිලේ ඉඳන් මේ කෑ ගහන්නේ රනින්ගේ සල්ලිවලට.
මේ වගේ අපතයන්ට චන්දෙ දෙන එවුන්ගෙ බලන්න ඕන මොලේ පුකේද
තියෙන්නේ කියල.රට කාපු පාහර හැත්ත
විජේවීර උපත ලබන්නේ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර ලෙසටය. ඔහුගේ පියා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ භක්තිමත් ආධාරකරුවෙකි. 1947 මැතිවරණයේදී දෙනියාය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ මැර ආධාරකරුවන් විසින් උසිගන්වනු ලැබූ වතු කම්කරු පිරිසක් විසින් පහර දීම නිසා විජේවීරගේ පියා සදාකාලික ආබාධිතයෙකු වෙයි.
This is another traitor who survives from funds from bond scams. He has a house in a foreign country which he bought for one of his mistresses.
කොස් ඇට මීයෙකු සිංහයකුට අභියෝග කලා වැනි විහිළුවකි ලප කුමාරගේ අභියෝගය.වැඩි කථා අවශ්‍ය නැත.අනුර කුමාර,හැකි නම් විජේදාස රාජපක්ෂ හා වාදයකට එනු.එතුමා කල අභියෝගය මේ හිවල් කුමාර මේ දක්වා භාර ගත්තේ නැත.මිලියන දෙක හමාරක පගාවක් කා එය වමාරන්නට නොහැකිව සැඟවුන මොහු දැන් කට මැත දෙඩවීමෙන් ඇති ඵලය කුමක්ද?එජාපය වෙනුවෙන් කහිනා මෙවන් හිවලුන් අවමන් කරන්නේ එජාපයෙන්ම මැරුම් කෑ දේශයේ ජීවනාලිය වූ තරුණ ජීවිතවලටය.මුදලට ගිජුව සිය සඟයින් පාවා දුන් මේ දෙපිටකාට්ටු අලුගුත්තේරුවා ජාතික පිලිලයකි.එය මුලිනුපුටා දැමීම ජාතියේ වග කීමකි.
කැනහිලෙක් එක්ක සිංහයෙක් සටන් කරයිද ???????????????