බුදු පුතෙක් සිවුර විසිකර අදනය පිටින් මුහුදට පනිති.. දියේ ගිළුණු කතුන් හතරක් බේරාගෙන එති..
December 24, 2017 at 11:05 pm | lanka C news
ගාල්ල කොග්ගල මුහුදු තිරයේ ගිලෙන්නට ගිය තරුණ කාන්තාවන් 04 දෙනෙකුගේ දිවි බේරා ගන්නට ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරවාසී කොක්මාදුවේ අනුරුද්ධ හිමියන්යෝ සමත් වුහ.
ගාල්ල කොග්ගල සංචාරක කලාපයේ මුහුදු තිරයේ කොග්ගල සිට උපන්දින සාදයකට පැමිණි කාන්තාවන් 04 දෙනෙක් හා තවත් පිරිසක් දිය නාමින් සිටි ඇත. මේ අවස්ථාව වන විට තවත් විශාල පිරිසක් මෙම ස්ථානයේ දිය නාමින් සිටියහ.
එක්වරම මුහුද රළු වී මුහුදු ජලය එක්වරම වැඩිවී තිබේ. මේනිසා දිය නාමින් සිටි උපන්දින සාදයට පැමිණි සිටි පිරිස අතර සිටි තරුණ කාන්තාවන් 04 ක් දියේ ගිලි ගසාගෙන යන්නට විය.
ඒ අසළ උපන්දින සාදයට පැමිණි සිට පිරිස අතර සිටි වයසක කාන්තාවක තම දියණියන් දියේ ගිලෙන බව පවසමින් කෑ ගසන්නට වු නමුත් දිය නාමින් එම ස්ථානයේ සිටි පිරිසට හෝ වෙනත් කිසිවෙකුට මේ රළ නඟන මුහුදු ජලයේ ශබ්දය නිසා එතරම් ඒ පිළිබඳව අවදානයක් ඇති නොවීය.
මේ අතර ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති දේවාලයේහිද අජිත හිමියනගේ මුල්ගම වන අම්පාරේ සිට පැමිණි නෑදැයන් පිරිසක් කොග්ගල හරහා ගමන් කරමින් සිට ඇති අතර එම පිරිස අතර වු පිරිසක් කිවේ කොග්ගල මුහුදු වෙරළ බලන්න යමු කියාය.
ඒ නිසා මෙම මහා අනතුර සිදුවන අවස්ථාවේ දී මෙම ස්ථානයට මේ පිරිස වාහනයකින් පැමිණ සිටියේය.
මේ පිරිස අතර ගාල්ල පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති දේවාලයේහිද අජිත හිමියනගේ ශිෂ්‍යයකු වු තරුණ හික්ෂුවක් වු කොක්මාදුව අනුරුද්ධ හිමයෝ ද මේ වාහනයේ සිටියහ.
උන් වහන්සේ උදව් ඉල්ලා කෑ ගසන අම්මාගේ පිළිබඳව අවධානය යොමු කර වහාම ක්‍රියාත්මක වී දියේ ගිලෙමින් සිටි කාන්තාවන් තිදෙනෙක් බේරාගත් අතර එම අවස්ථාවේ කොග්ගල මුහුද තිරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙක්ද එක් කාන්තාවක් බේරා ගන්නට හිමියන්ට සහයෝගය දී ඇත.
දිවි බේරා ගත් කාන්තාවන් මේවන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුනගේ තත්ත්වය බරපතළ නොවන බව ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
– Ada
ස්වාමිනී, ඔබට දීර්ගායුශ වේවා.
GREAT DEED indeed Hamduruwane sadu sadu sadu!!
ජීවිතයක් බේරා ගන්නවා කියන්නෙ කෙතරම් නම් වටිනා ක්‍රියාවක්ද..? එහෙත් වර්තමානයේ රටේ තිබෙන තත්වය අනුව හෙට සිටම ඔබ වහන්සේටත් FCID වඩින්න වේවිද දන්නෙ නැහැ.
Power.
සබද නුබ පිස්සෙක්ද?
me ganayaa beach eke arakku bi bi hiti bawath, beraa ganimata muwaa wi ganunge thana mirikaa athi bawa apata ema beraa gath kathun pawasuwaa.
Perera .Shut your mouth idiot , never insult Ven. Buddhist monk
My kind of Hamuduruwo.
යෝද බල යෝද ශක්තිය ලැබේවා
වචනයේ සමාප්ප්රාතයෙන්ම ම “බුද්ධ පුත්‍රයෙක්”
ඔබ වහන්සේට පරම සුවය සත්‍ය අවබෝධ වේවා