හාල් කෑලි තොගේට විකිණෙද්දී සබරගමුවේ සද්දන්තයා ‘මහීපාල හේරත්’ පොහොට්ටු වේදිකාවට ගොඩවේ..

January 2, 2018 at 9:20 am | lanka C news
හාල් කෑලි තොගේට විකිණෙද්දී සබරගමුවේ සද්දන්තයා ‘මහීපාල හේරත්’ පොහොට්ටු වේදිකාවට ගොඩවේ..

සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට ගොඩවිය.

පළාත් පාලන මැතිවරණය සදහා තරග වදින ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණු අපේක්‍ෂකයන්ගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අගුරුවැල්ලේදී පැවති අපේක්‍ෂක හමුවේදී මහීපාල හේරත් මහතා මෙසේ පොහොට්ටු වේදිකාවට ගොඩවිය.

මහීපාල හේරත් මහතා රඹුක්කන ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයා වුවත් ඔහුගේ ආසනයේ ප‍්‍රබල ආධාරකරුවන් පස් දෙනෙකු මෙවර තරග වදින්නේද ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණෙනි.

මහීපාල හේරත් මහතා ඉදිරි දිනකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග නිල වශයෙන් එක්වනු ඇති බවට කෑගල්ල දිස්ත‍්‍රික්කය පුරා රාවයක්ද පවතී.

මහීපාල හේරත් මහතා සබරගමුව මහ ඇමතිවරයා ලෙස වසර ගණනාවක් කටයුතු කල අතර දැනට විසුරුවා හැර ඇති සබරගමුව පළාත් සභාවේ ඉදිරි මැතිවණය සදහාද ඔහු පොහොට්ටුව ලකුණින් තරග වදිනු ඇති බවද වාර්තා වෙයි.

174 views

15 Comments to “හාල් කෑලි තොගේට විකිණෙද්දී සබරගමුවේ සද්දන්තයා ‘මහීපාල හේරත්’ පොහොට්ටු වේදිකාවට ගොඩවේ..”

  1. Karu says:

    මහීපාල නම් වැඩක් ඇති කෙනෙක් නෙවෙයි.ඔය එන්නෙ පොහොට්ටුවෙන් මහ ඇමති වෙන්නයි.

  2. Trumph says:

    කරුමෙ, කරුමෙ හොරු ටික ආයෙමත් මහින්දගෙ කරුමෙට ආපහු එනවා.
    මුං තමයි මහින්දව කාලදැම්මෙ.
    ආයෙමත් හිත හදාගෙන චන්දෙ දෙන්නේ කොහොමද.,..

  3. champa says:

    අත කොටා ඇවිල්ලා නැතෙයි මූ එක්ක?

  4. anuradha says:

    Chande irala wisi karamuda?
    why vote for any of them

  5. Citizen says:

    Sitha nivana katha… Haa haa

  6. කම්පිත says:

    මහීපාල හේරත් පොදුජන පෙරමුණට?කවුරු දිනුවත් එකයි නේද?

  7. ruwan says:

    Hapooii sabaragamuwa kapu hora thadiya….okage kakuluth kunu wela thiyenne minissunge sape wadila.ganita cancer…me wage pal horawa gattoth nam mahinda mahaththayata kawamadakawath chande denne ne..

  8. padma says:

    Hora samaga Kamba Horu. Bloody murderer.

  9. Sithmal says:

    හොරු එන්නෙ හොරු ලගට නොවෑ..

  10. Open mind says:

    ඔක්කොම කුණු ඒකාබද්ධෙට

Main News