හාල් කෑලි තොගේට විකිණෙද්දී සබරගමුවේ සද්දන්තයා ‘මහීපාල හේරත්’ පොහොට්ටු වේදිකාවට ගොඩවේ..
January 2, 2018 at 9:20 am | lanka C news
සබරගමුව පළාත් සභාවේ හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණු වේදිකාවට ගොඩවිය.
පළාත් පාලන මැතිවරණය සදහා තරග වදින ශ්රි ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයන්ගේ ජයග්රහණය තහවුරු කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අගුරුවැල්ලේදී පැවති අපේක්ෂක හමුවේදී මහීපාල හේරත් මහතා මෙසේ පොහොට්ටු වේදිකාවට ගොඩවිය.
මහීපාල හේරත් මහතා රඹුක්කන ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා වුවත් ඔහුගේ ආසනයේ ප්රබල ආධාරකරුවන් පස් දෙනෙකු මෙවර තරග වදින්නේද ශ්රි ලංකා පොදුජන පෙරමුණෙනි.
මහීපාල හේරත් මහතා ඉදිරි දිනකදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග නිල වශයෙන් එක්වනු ඇති බවට කෑගල්ල දිස්ත්රික්කය පුරා රාවයක්ද පවතී.
මහීපාල හේරත් මහතා සබරගමුව මහ ඇමතිවරයා ලෙස වසර ගණනාවක් කටයුතු කල අතර දැනට විසුරුවා හැර ඇති සබරගමුව පළාත් සභාවේ ඉදිරි මැතිවණය සදහාද ඔහු පොහොට්ටුව ලකුණින් තරග වදිනු ඇති බවද වාර්තා වෙයි.
මහීපාල හොරෙක් බව ඉතාම විශ්වාසයෙන් යුතුව කියන නුඹලා අඩුගණනේ ඒ මිනිහා කළ එක හොරකමක් ගැන වත් කියපල්ලා. නැතිනම්, මිනිහාත් කියයි තොපේ තාත්තා කියලා ඉන්න එකා නොවෙයි ඇත්ත එකා, වත්තේ පොල් ලෙලි ගහන්න ආව එකයි තොපේ තාත්තා කියලා, සාක්ෂි නැතිව.
මහීපාල ගහපු ගැහිලි දැනගන්න ඔනි නමි ඔහුගේ කාලයේ ලබාදුන් සියළු ඉදිකිරීම් කොන්ත්රාත් පරිපාටිය විමර්ශණය කර බලන්න. පලාත් සභාව වෙනුවෙන් වාහන, යන්ත්ර සූත්ර හා උපකරණ මිළදී ගැනීමෙි ප්රසමිපාදන ක්රියාවලිය විමර්ශණය කර බලන්න. නියම පිළිතුර ලැබෙිවි. රාජ්ය මුදල් ගසාකාපු එවුන් ඊළඟ ආත්මයේ උපදින්නේ මීහරක්, බල්ලන් සහ කපුටන් වෙලා.
අන්න හරි. ඒ විදියටම කියන්නකෝ බලන්න කොන්ත්රාත් නීති කඩපු ඉදිකිරිමක විස්තරයක්. එහෙම නැතිනම් එක උපකරණයක් වැරදි විදියට ගත්ත එකක විස්තරයක්.
මහින්දට ඇත්තටම හිතවත් නම්, මහින්ද නැවත බලයට පැමිණීම ඇත්තටම බලාපොරොත්තු වෙනවානම්, ඡන්දය ඉල්ලනේ හරමානිස්ද නැතිනම් ජුවානිස්ද වග නොසලකා පොහොට්ටුවට ඡන්දය දිය යුතුයි. (මහින්දම තමයි එහෙම කියුවේ). මෛත්රිපාල ට හරි රනිල්ට හරි කැමති උන්ට තමයි ඒක පිලිගන්න බැරි.
අනේ අපි නොදන්න මහීපාල. මෙයා දේශපාලනයට එනකොට හිටපු හැටි අපි දැක්කනෙ. මුලින් වැඩකළේ UNP යට. පස්සෙ ශ්රීලංකා නිදහස් පක්ෂයට සෙටි උනා. සමූපකාර ක්ෂෙත්රයේ හිටපු කාලෙ යකඩත් මීයො කෑව කියපු මිනිහෙක්. දැන් මොහුගේ වත්කමි කොහොමද? මොහු දේශපාලනයට ආවට පසු ලබපු වැටුපෙන් මෙිසා විශාල දේපලක් උපයා ගත හැකිද? කියා අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් කළ යුතුයි.