හාල් තුනපහ ගන්න පොල්ගෙඩි පහක් සොරකම් කර මරණයෙන් කෙලවර වෙයි..

January 26, 2018 at 12:40 pm | lanka C news
හාල් තුනපහ ගන්න පොල්ගෙඩි පහක් සොරකම් කර මරණයෙන් කෙලවර වෙයි..

පොල්ගෙඩි පහක් සොරකම් කල පුද්ගලයෙකු රාජකාරියෙන් නෙරපා දැමීම නිසා සිත් තැවුලෙන් වස පානය කර සිය දිවි නසාගෙන තිබේ.

මීගමුව කටාන ප‍්‍රදේශයේ පොල් වත්තක මුරකරුවෙකු සිය දුප්පත්කම හේතුවෙන් වත්තේ පොල් ගෙඩි පහක් සොරකම් කර ඇති අතර එනිසා වතු හිමියා විසින් ඔහු සේවයෙන් නෙරපා දමා ඇත.

තමන් සේවයෙන් පහ නොකරන්නැයි මෙම 52 හැවිරිදි පස්‌ දරු පියා වතු හිමියාට වැද වැටී ඇතත් පලක් නොවූ හෙයින් වස පානය කර දිවා නසාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ බිරිද සදහන් කරන්නේ නිවසට අවශ්‍ය වූ සහල් තුනපහ ගෙන ඒම සදහා තම සැමියා විසින් පොල්ගෙඩි පහක්‌ කඩා දුන් බවයි.

165 views

9 Comments to “හාල් තුනපහ ගන්න පොල්ගෙඩි පහක් සොරකම් කර මරණයෙන් කෙලවර වෙයි..”

  1. ජසයා says:

    ඔබට සතුටුයිද දැන්? මම අහන්නේ ඉඩම් හිමියාගෙන්…

    • චන්දිමානි says:

      ඔහු රැකියාවෙන් නෙරපන්නේ නැතුව, වටිනාකම ඔහුගේ වැටුපෙන් කපාගන්න තිබුණා. ලක්ෂ ගාණක් නෙවෙයිනේ? එහෙම වුනානම් ජීවිතයක් නැතිවෙන්නේ නැහැනේ? වඩා වටින්නේ ජීවිතයද? නැත්නම් පොල් ගෙඩි පහද?

      • බූරුව says:

        පොල් 5ක් හොරකම් කල නිසා මරණය. නමුත් ට්‍ර්ලියනයක් හොරකම් කල බැදුම්ක්‍රමසිංහට හෙණත් නෑ.

  2. love nature says:

    සොරකම් කිරීමේ දී සිදුවන විනාශය ..සොරකම් කිරීමෙන් වලකින්න …මෙය ඉඩම් හිමියාගේ වරදක් නොවේ

    • Trumph says:

      True.
      Landload recruited him with confidence.
      තමාට දුන් රැකියාවට සහ ස්වාමියා රැවටීම නිසා මෙය සිදු වන්නේ.

  3. Ranga says:

    නයක් ඉල්ලන්න තිබ්බනේ? හේවරාලලා කියන්නෙ තනි හොරු.බඩු පන්නනවා අතටම අහුවෙන්න ඈති.

  4. Gadol says:

    දැන් බැංකු හොරාට පොල් පෙනේවි

  5. lion says:

    රුපියල් 500ක් හොයා ගන්න ජීවිතෙන් වන්දි ගෙවීම හරිම දුකකි…ඔබල හිතනවද පොල්වත්තේ අයිති කාරයට රට නින්ද යනවා කියලා …මම නම් හිතන්නේත් නැහැ .. මරනේකන්ම ඕක ගැන හිතාවි ගලක කෙටු අකුරුමෙන්…වැරදි කිරීම මනුස්ස ගතියක් .. සමව දීම දේව ගතියක් කියන්නෙත් ඕකට තමා

  6. Upali says:

    සොරකමේ ස්වබාවය අනුව දඬුවම තීරනය කලයුතු යුත් සිදු වන්නේ අඹ ගෙඩි තුනක් කඩා ගත් දුප්පත් ස්ත්‍රියක නඩු දමා ගාස්තුත් අයක ල,පොල් ගෙඩි 5ක් ගත් මේ අවාසනාවන්තයාට ඉහලම දඬුවම දී ඔහු මනසින් වට්ටා ඔහුගේ ජීවිතයද නැති කිරීම. මහා පරිමාන වැර්දි කන්නන් තමගේ ආදාර කරුවන් පිරිවරාගෙන උසවී ඇවිත් පලමු දිනේම ඇප ලබා රට බේරාගත් රන විරුවෙකු සේ එන අයුරු අප කොතෙකුත් මේ දර්මද්වීපයේ දැක ඇත.

Main News